Mar 1, 2013

කිරාන් සහ සමන් මලල ක්‍රීඩාවට නිතරගයෙන් සභාපති තනතුරට ජෙනරාල්ලා අතර සටනක්

මෙවර මලල ක්‍රීඩා නිලවරණය උණුසුම් මුහුණුවරක් ගනු ඇති බවට සාක්ෂි මතු වෙමින් තිබෙනවා.සභාපති ධූරයට මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු සහ මේජර් ජෙනරාල් දයා රත්නායක ඉදිරිපත් වී ඇති අතර පාලිත හිටපු සභාපතිවරයෙකු වන අතර දයා වර්ථමාන සභාපතිවරයා වීමත් ඔවුන් දෙදෙනා සතු හමුදාමය බලයත් මෙහිදී එම තනතුර සදහා විශාල ගැටුමක් නිර්මාණය කරනු ඇති බව පෙනෙන්නට තිබෙනවා.විශේෂයෙන් ත්‍රිවිධ හමුදාවන්ට වඩා මෙම නිලවරණයේදී  මේජර් ජෙනරාල්වරුන් දෙදෙනා සිවිල් සමාජය සමග ගණුදෙනු කරන ආකාරය තීරණාත්මක සාධකයක් වනු ඇති බවට විශ්වාසය පළ වෙනවා.ලේකම් ධූරයට ප්‍රවීන ක්‍රීඩා පරිපාලකයෙකු ලෙස වගකීම් රැසක් දරා ඇති ප්‍රේමා පින්නවල සමග වත්මන් ලේකම් රියල් අද්මිරාල් ෂෙමාල් ප්‍රනාන්දු තරග බිමට පිවිස සිටිනවා.
වැඩිම තරගකාරීත්වයක් දකින්නට ඇත්තේ උප සභාපති තනතුරු සදහායි.එහිදී 14 දෙනෙකු තරග වදින අතර ඒ අතර කේෂ්ත්‍රයේ ප්‍රවීනයන් ලෙස කැපී පෙනෙන සුනිල් ජයවීර,සෙන්පති සුදත් මඩුගල්ල වැනි චරිත ගණනාවක් දකින්නට ලැබෙනවා.මෙවර නිලවරණයේදී තරගයකින් තොරව බලයට පැමිණිමට හැකි වී ඇත්තේ භාණ්ඩාගාරික ධූරයට සහ වාර්තාකරු තනතුරට පමණක් වන අතර වාර්තාකරු තනතුරට සුපුරුදු පරිදි ජීජීයූ සමන් කුමාර තේරී පත් වී සිටිනවා.භාණ්ඩාගාරික ධූරයට පත් වී සිටින්නේ හිටපු ප්‍රවීන මලල ක්‍රීඩිකාවක් වන මේනකා වික්‍රමසිංහ ගේ සැමියා මෙන්ම ක්‍රීඩා පරිපාලනයේ විවිධ වගකීම් දරා ඇති කිරාන් අතපත්තුයි.

www.supirikrida.com

No comments: