Mar 18, 2013

සංගා ගේ වාර්තා ගොන්නෙන් බංගලාදේශයේ අභිමානය වැසී යයි

පිට පිටම ඉණිම තුන තුළ තෙවන ටෙස්ට් ශතකය ද ලබා ගනිමින් කුමාර් සංගක්කාර බංගලාදේශයට එරෙහිව දක්වන දක්ෂතා හේතුවෙන් බංගලාදේශය තරගය ගැන තබා තිබූ බලාපොරොත්තු අත හැර දමන්නට වුණා.ප්‍රථම ඉණිමේදී ලකුණු 240 ක් ලබා සිටි බංගලාදේශය ශ්‍රී ලංකාවේ කඩුලු 4 ක් ලකුණු 69 ට දවාලමින් තරගයට අවතීර්ණ වුව ද,පස්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 195 ක සබදතාවයක් එක් කළ දිනේෂ් චන්දිමාල් (102) සමග ශ්‍රී ලංකාවට ගෞරවණීය තත්ත්වයක් උදා කිරීමට සංගක්කාර පෙරමුණ ගත්තේය.
ලොව ලකුණු 10000 ඉක්ම වූ පිතිකරුවන් අතර 10 වැන්නා ලෙස සිටින සංගක්කාර,වැඩිම ශතකලාභින් අතර හයවන ස්ථානයේ පසුවෙයි.වැඩිම ටෙස්ට් ශතක ප්‍රමාණයකට හිමිකම් කියන ලාංකේය පිතිකරුවා වන්නේද ඊයේ සිය 33 වන ටෙස්ට් ශතකය රැස් කිරීමට සමත් විය.එසේම 10000 සීමාවට ළගා වූ පිතිකරුවන් අතර වැඩිම ලකුණු සාමාන්‍ය (57.24) දරා සිටින්නා වන්නේද සංගක්කාර වන අතර ලකුණු 10,000 සීමාවට පිවිස සිටින පිතිකරුවන් අතරින් බ්‍රයන් ලාරා සිය 111 වන ටෙස්ට් තරගයේදී ලකුණු 10000 සීමාවට පිවිසි අතර ඉන් අනතුරුව අඩුම ටෙස්ට් තරග සංඛ්‍යාවකින් (115) 10000 සීමාවට පිවිසි ක්‍රීඩකයා වන්නේද සංගක්කාරය.නමුත් ලාරා,තෙන්දුල්කාර් මෙන්ම සංගක්කාර ද සිය 10000 වන ලකුණ සිය 195 වන ටෙස්ට් ඉණිමේදී ලබා ගනිමින් සම තත්ත්වයේ පසු වීමද සුවිශේෂී තත්ත්වයකි.
නායකයෙක් ලෙස ලකුණු අතරට පිවිසීමේ අපහසුතාවයට ඇන්ජලෝ මැතිව්ස් මුහුණ දී සිටින බවක් පෙනෙන්නට තිබුණ ද,දිනේෂ් චන්දිමාල් උප නායකයා ලෙස සාර්ථකත්වයට පත් වෙමින් උප නායකත්වය ලද පසු ක්‍රීඩා කළ ඉණිම දෙක තුළ ම ශතක ලබා ගැනීම කැපී පෙණින.අද තරගයේ තෙවන දිනය වන අතර නොදැවී සිටින සංගක්කාර අද දිනයේ සාර්ථක වන ප්‍රමාණය මෙන්ම ඔහුට සෙසු පිතිකරුවන්ගෙන් ලැබෙන සහයෝගයේ ප්‍රමාණය ද අනුව අද ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු ප්‍රමාණය බංගලාදේශ ප්‍රථම ඉණිමට වඩා කෙතරම් වැඩි වේ ද යන්න තීරණය කරනු ඇත.පහත දැක්වෙන්නේ තරගයේ ලකුණු පූවරුවට පිවිසෙන සබදතාවය ය.
http://www.espncricinfo.com/sri-lanka-v-bangladesh-2013/engine/match/602473.html
 www.supirikrida.com

No comments: