සංවිධානය කරන මාර්ග ධාවන තරග පෙබරවාරි 10 දා කොළඹ දී පැවත්වීමට කටයුතු යොදා ඇත.පිරිමි සහ කාන්තා ලෙස පැවත්වෙන මෙම තරගාවලිය එම දෙ'අංශයෙන්ම ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ ලෙස ද කොටස් කර පැවත්වීමට තීරණය වී ඇත.
පිරිමි ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ බාලක තරග බම්බලපිටිය දුම්රිය ස්ථානය අසළින් ඇරඹෙන අතර කාන්තා ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ බාලිකා තරග කොළඹ විහාරමහා දේවී උද්‍යානය ඉදිරිපස පිහිටි මහවැලි කේන්ද්‍රයෙන් ඇරඹිමට කටයුතු යොදා ඇත.පිරිමි අංශයේ තරග කිලෝ මීටර් 21 ක දුරක් සහ කාන්තා අංශයේ තරග කිලෝ මීටර් 15 ක දුරක් ක්‍රියාත්මක වීමට නියමිත අතර,ජ්‍යෙෂ්ඨ අංශයේ ජයග්‍රාහකයාට රුපියල් 25,000 ක් සහ එම අංශයේ ජයග්‍රාහිකාවට රුපියල් 20,000 ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට නියමිතය.කණිෂ්ඨ අංශයේ පළමු ස්ථාන සදහා පිරිනැමෙන මුදල් ත්‍යාග රුපියල් 12,000 කි.
තරගයේ මුදල් ත්‍යාග පිළිබද විස්තර සමග අයදුම් පත්‍රය ද පහත සදහන් වන අතර මෙහි ඇති අයදුම් පත්‍රය අදාළ තොරතොරු සමග පෙබරවාරි 7 දා ට පෙර ගරු ලේකම්,ලංකා ලයන්ස් ක්‍රීඩා සමාජය,පූමා ගොඩනැගිල්ල,අංක 307, ගාලු පාර,කොළම 03, ලිපිනයට යොමු කළ යුතුය.
www.supirikrida.com
No comments:
Post a Comment