Aug 25, 2012

බෝල්ට් ගෙන් සහ බ්ලේක් ගෙන් යළිත් දස්කම්

යමන්ඩ් ලීග් මලල ක්‍රීඩා සූරතාවලිය යටතේ  ස්විට්සර්ලන්තයේ ක්‍රියාත්මක වූ අදියරේදි විහිෂ්ඨ දස්කම් දැක්වීමට උසෙයින් බෝල්ට් සහ යොහානි බ්ලේක් සමත් විය.මීටර් 100 තරගයට සහභාගි වු යොහාන් බ්ලේක් සිය වේගය පිළිබදව නැවතත් සහතිකයක් ලබා දෙමින් එම තරගය සිය හොදම පෞද්ගලික කාලය වාර්තා කරමින් ජය ගැනීමට සමත් වූ අතර එය මේ වසරේ මීටර් 100 සදහා වාර්තා වූ හොදම දෙවන කාලය ද විය.ලන්ඩන් ඔලිම්පික් උළෙලේ දී උසෙයින් බෝල්ට් වාර්තා කළ තත්පර 9.63 ක කාලයට පමණක් දෙවැනි වන බ්ලේක් ගේ ස්විට්සර්ලන්ත දස්කම හැරුණු විට මෙම වසරේ වසරේ වාර්තා වී ඇති හොදම කාලයන් හතරෙන් තුනක්ම (9.75 දෙවරක්) බ්ලේක් සතු වීමද කැපී පෙනෙයි.
මේ අතර ලෝක යොවුන්,කණිෂ්ඨ සහ ලෝක වාර්තාවද දරමින් මීටර් 200 ඉසව්වේ ආධිපත්‍යය තහවුරු කර ගෙන සිටින උසෙයින් බෝල්ට් මීටර් 200 ඉසව්ව ජය ගත්තේ ද මේ වසරේ වාර්තා වූ ලොව හොදම දෙවන කාලිය වාර්තා කරමින්ය.තත්පර 19.58 ක් වූ එම කාලය දෙවන වන්නේ ඔලිම්පික් තරගයේදී බෝල්ට් වාර්තා කළ කාලය වන තත්පර 19.44 ට පමණි.
www.supirikrida.com

No comments: