මෑතදී පිහිටුවා ගන්නට යෙදුණ ජාතික
ක්‍රීඩා ජනමාධ්‍යවේදී පදනම විසින් සංවිධානය කළ ක්‍රීඩා නීතිය පිළිබදව සහ ක්‍රීඩා
වෛද්‍ය විද්‍යාවේ ආචාර ධර්ම සහ තහනම් උත්තේජන පරීක්ෂන ක්‍රමවේදය පිළිබද සාකඡාචට
බදුන් කළ වැඩ මුළුව ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් උදය
සෙනවිරතනයන්ගේ ප්‍රධානත්වයෙන් පැවත්වුණා.1973 ක්‍රීඩා පණත සහ එහි සංශෝධන ආහ්‍රිතව
ක්‍රීඩා පණත හා එහි එන රෙගුලාසි පිළිබදව නීතිඥ පණ්ඩුක කීර්තිනන්ද විසින් දේශනයක්
පවත් වන්නට යෙදුණා.
ක්‍රීඩා වෛද්‍ය විද්‍යාවේ
ආචාර ධර්ම පිළිබදව ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ වෛද්‍ය ලාල් එකකායකයන් සහ තහනම් උත්තේජන
පරීක්ෂා ක්‍රමවේදය පිළිබදව ක්‍රීඩා වෛද්‍ය ආයතනයේම වෛද්‍ය ශිරෝමි පිලපිටිය විසින් දේශනා පවත්වන්නට යෙදුණා.
No comments:
Post a Comment