කෙතරම් කීර්තිමත් ඉතිහාසයක් ශ්‍රී ලංකා ක්‍රිකට් සතුව තිබුණ ද,දකුණු අප්‍රිකාව
තුළ දී ටෙස්ට් තරගයක් ජය ගැනීමේ අවස්ථාව පළමු වරට ඉකුත් ටෙස්ට් තරගයේදී සපුරා ගත්
ශ්‍රී ලංකාවට අද ඇරඹෙන ටෙස්ට් තරගය ජය ගැනීමට හැකි වුවහොත් පළමු වරට දකුණු අප්‍රිකාව
තුළ දී ටෙස්ට් තරගාවලියක් ජය ගැනීමේ අවස්ථාවද ශ්‍රී ලංකාවට හිමි වෙනු ඇත.දිගින්
දිගටම තරග පරාජය වීමේ සියළු පාපයන් සිය කරමත තබා ගැට ගසා ගන්නට වී සිටි නායක
තිලකරත්න ඩිල්ෂාන්ට ද ඓතිහාසික ටෙස්ට් ජයග්‍රහණයක් සදහා නායකත්වය දීමට ලැබුණු
ආකාරයෙන්ම මෙම තරගයද ජය ගන්නට ලැබුණ හොත් ඓතිහාසික ටෙස්ට් තරගාවලි ජයකනොයකත්වය
දීමේ අවස්ථාව ද ඔහුට හිමි වෙනු ඇත.
අද තරගයේදී සිය පළමු ටෙස්ට් තරගයෙන්ම සාර්ථකත්වය පෙන් වූ අතළොස්ස අතරට
පැමිණි දිනේෂ් චන්දිමාල් ට ආබාධිත තත්ත්වයක් හේතුවෙන් තරගයට සහභාගී වීමට හැකි වේ
දැයි යම් සැකයක් මතු වී තිබෙන බව දකුණු අප්‍රිකාවෙන් වාර්තා වේ.හසේම කෙතරම්
අසාර්ථක වුව ද කණ්ඩායමේ ස්ථානය අහිමි නොවන භාග්‍යවන්තයෙක් ලෙස කීර්තියට පත් ව
සිටින දිල්හාර ප්‍රනාන්දු ද ආබාධයකට ලක් වී තිබෙන බවත් ඔහු ක්‍රීඩා කිරීමද
අවිනිශ්චිත බවත් දකුණු අප්‍රිකාවෙන් ලැබෙන ආරංචි මාර්ග පෙන්වා දෙයි.
No comments:
Post a Comment