මහේල සහ තිලාන් වාර්තාගත තරගයේ දී
සිව්වන කඩුල්ල සදහා ලොව හොදම සබදතාවය හිමි මහේල ජයවර්ධන සහ තිලාන් සමරවිර
සතු ලකුණු 437 ක වාර්තාගත සබදතාවයට මෙපිටින් නැවතුණු ඉන්දියාවට එරෙහිව රිකී
පොන්ටින් සහ මයිකල් ක්ලාක් සිව්වන කඩුල්ල සදහා පවත්වා ගෙන ගිය සිව්වන කඩුල්ලේ
සබදතාවය ලකුණු 386 දී නැවතිණි.එහිදී මයික්ල් ක්ලාක් ලකුණු 210 ක් ද රිකී පොන්ටින්
ලකුණු 221 ක් ද රැස් කරන්නට සමත් විය.මෙම ලකුණු ප්‍රමාණයේ ආධාරයෙන් ඕස්ට්‍රේලියා
ප්‍රථම ඉණිම කඩුලු 7 ට ලකුණු 604 ක් ව තිබිය දී නැවතිණි.
මහේල ජයවර්ධන සහ තිලාන් සමරවීර පකිස්තානයට එරෙහිව පිළිවෙලින් ලකුණු 240 සහ
231 ක් රැස් කරමින් 2009 දී මෙම වාර්තාව පිහිටවීමට සමත් විය.ලොව විශාල ආන්දෝලනයක්
ඇති කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ත්‍රස්තවාදි ප්‍රහාරයකට ලක් වූ පකිස්තාන
සංචාරයේ පළමු ටෙස්ට් තරගයේ දී මෙම දස්කම වාර්තා විණි.
|
No comments:
Post a Comment