ලංකාව බොහෝ දේ කරන්න පෙරුම් පුරමින් සියල්ල සාක්ෂාත් වන තුරු ඉවසා සිටින වට පිටාවක වටනබේ අතේ සත පහක් නැතිව දැවැන්ත පරිත්‍යාගශීලී අරමුණක් වෙනුවෙන් කැප වූ අයුරු ජපානයේ ආර්ථික සහ සමාජීය වටපිටාව පිළිබදව අපූරු උදාහරණ සපයන්නක්.
වචන හරඹ වලදී ජපනා හපනා කියලා ජපනාගේ හැකියාව එම ගොඩනැගීමේ පරාර්ථ පිළිබදව නොවිමසා වීසි කරන දමන අපට ඔවුන් යමක් වෙනුවෙන් අවංකව කැපවීමෙන් ක්‍රියාකරන ආකාරය පිළිබදව පාඩමක් වටනබේ අපට කියා දුන්නා.ඒ සදහා ඔහු උත්සාහ කරද්දි ඇතැම් හූ වටනබේ ගේ කකුළෙන් ඇද්ද බවත් ඇතැම් මාධ්‍ය වාර්තාවලින් අපට පැහැදිළි වුණා.ඒ තමයි ලංකාවෙ දේශපාලන හැදියාව.ඉතා පටු පෞද්ගලික,පරමාර්ථ සහ න්‍යාය පත්‍ර වලට කොටු වුණ පිරිස් කරන්නෙ ඒක තමන්ගෙ දෙයක් කර ගන්න උත්සාහ කිරීම පමණයි.වෙනත් ආකාරයකින් ඒ වැඩේ සිද්ධ වෙන්න යද්දි ඒකට අකුල් හෙලීමයි.
මේ යථාරතයත් එක්ක හැප්පෙන්න ජපානයේ මහා සම්ප්‍රදායට අපහසු වුණේ නැහැ.ඒ වටනබේ නිසාම නෙමෙයි.අපි සහ ජපානය අතර ඇති සමාජ ආර්ථික වටපිටාවේ වෙනස්කම් එක්ක රටක් හැටියට පරිත්‍යාගයක් ලෙස ලැබෙන අපේ ක්‍රීඩාවේ සංවර්ධනය උදෙසා වූ භෞතික වටිනාකමට පිටුපාලා හිට ගන්න පුළුවන් රාජ්‍යතාන්ත්‍රික වටිනාකමක් අපට නැති නිසා.
ඒ වගේම ඒ හරහා කී දෙනෙක්ට ලංකාවෙ ඉතිහාසයේ නමක් තියා ගන්න පුළුවන් වෙනවද කියන කාරණය වගේම අවසන් මොහොතෙදි එය තමන්ගේ බැබලීමට යොදා ගන්න වැඩ කරන ෙද්ශපාලනයත් මේ ක්‍රීඩාංගණය යථාර්තයක් වෙද්දි අපි දැක්කා.වටනබේ සාමාන්‍ය මිනිහෙක් විදිහට තමන්ගෙ වාත්තීය ඉටු කරමින් ක්‍රීඩා පිටියෙ පුහුණුකරුවාගේ භූමිකාව ඉෂ්ට කළා.සුජීව විනිසුරුවරයා හැටියට වැඩ කළා.මේ දෙන්න ගැන බොහොම අඩුවෙන් කියවෙද්දි ඇතැම්හු ඊට ඔප්පු - තිරප්පු ලියා ගත්තා.
ක්‍රීඩා අමාත්‍යවරයාගේ සහෝදරයා ජපානයේ ශ්‍රී ලංකා කොන්සල්වරයා විදිහට වැඩ කරනවා.ඒ නිසා මේ ක්‍රීඩාංගණය තුළ හැදෙන ක්‍රීඩාගාරයවත් වටනබේ නමින් නම් කරන්න ප්‍රකාශයක් කරන්න ක්‍රීඩා අමාත්‍යවරයාට හැකි වුණා නම් ඒක අපේ රටේ වටිනාකම ජපානයට දැනෙන දෙයක්.ඒත් ක්‍රීඩා අමාත්‍යවරයා මාධයවේදීන් කියන දේවල් ගණන් ගන්න ඕනි නෑ කියන මතයක ඉන්න නිලධාරින් මාධ්‍යවේදීන්ගේ මතය ඇමතිවරයා ළගට යවනවද නියන එන සැකයි.
ඒකත් අපේ දේශපාලන සංස්කෘතියෙ හැටියක්.කාගෙ අදහසක් හරි වංචා කරගෙන තමන්ගෙ දෙයක් විදිහට ඒ ආකෘතියේ නම ගහ ගන්න හදන අය වැඩියි.වටනබේ ඒ සංස්කෘතිය ඇතුළෙ යට යන එක ඒ සිදුවීමට සීමා නොවුණු දෙයක් සහ විශාල අවස්ථාවන් ප්‍රමාණයක් අහිමි කර ගැනීමක් කියල හිතන්න පුළුවන් පිරිස ක්‍රීඩා අමාත්‍යවරයා ළගත් අඩුයි.පටු අරමුණු වලින් තොරව යම් දෙයක් ප්‍රකාශ කරද්දි ඇතැම් විට එම ප්‍රකාශය කරන පුද්ගලයාට තියෙන පෞදගලික වර්ණ විතරක් දැකල චිත්‍රය නිර්මාණය කර ගන්න උදවිය සැබෑ චිත්‍රය දකින්නෙ නැහැ.වටනබේ මෙන්ම ඔහුගේ කාර්ය භාරයද ඒ විදිහට දැක්කෙ නැතුව කරන වර්ණාවන් අන්ධයෙක් තොරණක් ළග ඉදල විරිදු අහල තොරණෙ හැඩතල ගැන කරන විස්තරයකට සමානයි.
ඒ නිසා වටනබේ ලංකාවෙ ක්‍රීඩාවෙ මුල ඉදල අගටම ඉන්න පිරිස් කියවන්න ඕන චරිතයක්.ඉල්ලීම් සහ ලැබීම් ගැන පමණක් උනන්දු වන පිරිසක් අතර පාවෙන ලාංකේය ක්‍රීඩා වපසරියට යුතුකම් සහ වගකීම් මෙන්ම පරිත්‍යාග ගැන කියා දෙන්න වටනබේ පාඩම් පොතක් වගේ.ලංකාවේ කරුණානන්දගෙ ඔලිම්පික් මීටර් 10,000 දිවීම ජයග්‍රහණය වෙනුවට මිනිසුන්ගේ අප්‍රතිහත ධෛර්යය සහ නොපසුබස්නා වීර්ය පිලිබදව ජපානයෙ දරුවන්ට උගන්නන් පාඩමක් කර ගත්ත ජපානය වගේ රටක දේශපාලන ව්‍යහුය අප උදාහරණයකට ගත්තොත් වටනබේ කරුණානන්දල වගෙ මිනිස්සු ගැන හදරපු තැනට අපේ අධ්‍යාපනයෙ මනස වෙනස් කරන්න තීරණය කළොත් වටනබේත් අපට ඉගෙන ගන්න පුළුවන් චරිතයක්.ඒ නිසා පදක්කම්,සම්මාන සහතික ඔක්කොටම වඩා ගෙවෙන වසරේ ශ්‍රී ලංකාවට වටිනාම දේ ලබා දුන්නෙ වටනබේ.
ඒ වගේම 20 - 20 ලෝක කුසලාන අවසාන තරගයෙන් පරාජය වි කුසලානය අහිමි කර ගැනීම වගේම ශී ලංකා දැල් පන්දුව සතුව තිබුණු ආසියානු කුසලානය අහිමිකර ගැනීම වැනි කාරණා වලට වඩා ශ්‍රී ලංකාවට වටිනාම අහිමි වීම ටෝනි ග්‍රේග් ගේ ජීවිත සමු ගැනීමයි.ඔහු ශ්‍රී ලංකාවේ ජයග්‍රහණ පිටුපස වැටි තිබුණු සෙවනැල්ලක් බදු වූවා.විශේෂයෙන් අර්ජුන රණතුංග, ඩැරල් හෙයා වැනි සිදුවීමකදී අර්ජුන හැසිරුණු ආකාරය ක්‍රීඩාවේ සම්ප්‍රදායන් සමග සළකද්දී එකග විය නොහැකි කරුණක් විය හැකි වුව ද ඊට මානුෂීය මුහුණුවරක් දී ජාත්‍යන්තරයේ මානුෂික අවධානය අර්ජුන ට පක්ෂපාතීත්වය පිණිස හැඩ ගැහුණේ ටෝනි ග්‍රේග් නිසයි.
කළු සහ සනත් ලෝකයේ භයානක පිතිකරුවන් ලෙස ප්‍රතිවාදි මනස් තුළ ස්ථාවර කිරීමට ටෝන් කළ සේවය මහත්ය.එසේම ලෝකයේ ක්‍රිකට් බලධාරියා බවට පත්වී සිටින ඉන්දියාවේ බිෂන් සිං බෙඩී නම් එවකට ආසියාවෙන් බිහි වි සිටි වැඩිම කඩුලුලාභි දග පන්දු යවන්නා පවා මුත්තයියා මුරලිදරන් පන්දුව දමා ගසන බව කියන බටහිර කදවුර නියෝජනය කරද්දී ටෝනි මුරලිගේ ස්වභාවිකත්වය රැක ගැනීම වෙනුවෙන් සිය හඩ අවදි කළේය.මාස්ටර් බ්ලාස්ටර්ලා,කැප්ටන් කූල් ලා ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ලාංකේය ප්‍රතිවාදීන් පීඩනයට ලක් කරන අනන්‍යතාවයක් ගොඩ නැංවීම වෙනුවෙන් ටෝනි ග්‍රේග් කළ මෙහෙය ඇතැම් ක්‍රිකට් පරිපාලකයන්ගෙන් හෝ සිදු වී නොමැති බව අප දත යුතුය.
ජාත්‍යන්තර වශයෙන් ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ නැගීම වළකාලන්නට එල්ල වූ පීඩාවන් සහ තර්ජනයන් හමුවේ ඊට එරෙහිව හබල් ගසන්නට ටෝනි ගේ හඩින් සිදු වූ මෙහෙය අපමණය.අපේ ඇතැම් විචාරකයන් පවා අපේ ඉංග්‍රිසි නොදත් ක්‍රීඩකයන් සමග ඉංග්‍රිසියෙන් කතා කරමින් ඔවුන්ව මානසිකව පීඩාවට ලක් කරන වපසරියක,ග්‍රෙග් එවැනි ක්‍රීඩකයන් සොයා එමින් ඔවුන් අපහසුවට ලක් නොවන ආකාරයට පූර්ව සැළසුම් සකස් කරමින් කටයුතු කර තිබෙන ආකාරය ඔහුගේ ජාත්‍යන්තර සහ ක්‍රිකට්ශීලී වීමට කදිම උදාහරණයකි.
ඒ නිසා අපට භෞතික වශයෙන් නොපෙනෙන,ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව භෞතික වශයෙන් අත් කර ගත් බොහෝ දේ සදහා මැදිහත් වූ ටෝනි, ලාකේය ක්‍රිකට් හි මතු වෙමින් තිබෙන බිද වැටීමේ ඉර සළකුණු මකා දමන්නට ඉදිරියේදි යොදා ගත හැකිව තිබුණු ශක්තිමත් සාධකයක් අහිමි වී යාමකි.ඒ නිසා ගෙවුණු වසරේ ශ්‍රී ලංකාවට ක්‍රීඩා කේෂ්ත්‍රයෙන් අහිමි වූ විශාලතම අහිමිවීම ටෝනි ග්‍රේග් ය.
කෙසේ හෝ එළැඹෙන වසරේ හ්‍රී ලංකාවේ අලුත් මලල ක්‍රීඩා බලාපොරොත්තු පිලිබදව කතා කිරීමට අවස්ථාවක් උදා වේයැයි සිතිය හැකිය.විශේෂයෙන්ම කාන්තා බොක්සිං ක්‍රීඩාවේ අලුත් පිබිදීමක් සමග නිමා වුණු වර්ෂයේ එහි උපරිම ප්‍රතිපල සදහා පිවිසෙන්නට එළැඹෙන වසර බෙහෙවින් තීරණාත්මක විය හැකිය.
වෙළද සේවා මලල ක්‍රඩා පිටියේ මෙන්ම වෙළද සේවා වොලිබෝල් පිටියේද යහපත් තරගාවලි දෙකක් ගෙවුණු වසරේදී ගෙවී ගියේ එහි පරිපාලන පුටු පවා තරුණ කරමින් සහ එහි වැදගත් කම පෙන්වමින්ය.පුද්ගල ආදර්ශ වෙනුවට ක්‍රියාකාරි ආදර්ශ හමු වූ එම තරගාවලි දෙක හරහා මතු කළ අපූරු සංවිධාන ශක්‍යතායේ අලුත් පිටුව එළැඹෙන වසරේදි එම කේෂ්ත්‍ර දෙකේ ප්රබෝධය වෙනුවෙන් විශාල දෙයක් කරනු සැක නැත.
අපි කල්පනාවෙන් බලා සිටින්නෙමු!
www.supirikrida.com