ශ්‍රී ලංකාව බිහිකළ සුපිරිතම මැදි දුර ධාවකයා ලෙස සැළකෙන චමින්ද විජේකෝන් අද යුග දිවියට පිවිසීමට නියමිතය.මීටර් 1500 ඉසව්ව විනඩි 3:40 සීමාවෙන් අඩුවෙන් නිම කර ඇති එකම ලාංකිකයා වන චමින්ද සතුව ඇති මීටර් 1500 ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව වන්නේ විනාඩි 3:39.62 කි.ශ්‍රී ලංකාව වෙනුවෙන් ආසියාතික මට්ටමෙන් මීටර් 1500 ඉසව්වේ විශිෂ්ඨතම ජයග්‍රහණය ලබා දීමටත් ලුසෆෝනියා තරගාවලියේ දී එම ඉසව්වට රන් පදක්කම ලබා දීමටත් සමත් වූ චමින්ද මේ වන විට එම ඉසව්වේ දකුණු ආසියාතික සූරයා ද වනවා.
අද චමින්ද දිලේකා නම් සිය සහකාරිය සමග යුග ගමන් ඇරඹීමට පැය කිහිපයකට පෙර බේබදු පාපැදි කරුවෙකුගේ නොසැළිකිලිමත් යතුරු පැදි හැසිරීම නිසා අනතුරකට මුහුණ දුන්නද ක්‍රීඩා පිටියේ දී ඔහු විසින් රටට අත් කර දුන් කීර්තියේ ආශිර්වාදය නිසාවෙන් හෝ එම අනතුර විශාල බාධාවක් නොවී චමින්දට සිය ජීවන සහකාරිය සමග කරදරයකින් තොරව අද පෝරු මස්තක වීමට අවශ්‍යය පරිසරය සක්සා දුන්නා.
අලුත් ධාවන පථයක යුගල ධාවනයකට පිවිසෙන චමින්ද ට සහ දිලේකාට සුපිරික්‍රීඩා සුභ පැතුම්!
www.supirikrida.com

No comments:
Post a Comment