මෙවර කාන්තා ලෝක ක්‍රිකට් කුසලාන තරගාවලියේදී උසස් තරග රටාවක් පවත්වා ගෙන ගිය ද,පිතිකරණ නාමාවලිය සැකසීමේදී දැක් වූ දුර්වලතාවයන්ගෙන් හානියක් කර ගත් ශ්‍රී ලංකා කණ්ඩායම එම හානිය යළිත් සිදු කර ගනිමින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග දඹුල්ලේ දී පැවති එක්දින තරගයෙන් කඩුළු හතරක පරාජයක් හිමි කර ගත්තේය.පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලකුණු 164 ට සීමා කළ කොදෙව් ක්‍රීඩිකාවෝ ඔවුන්ට අවශ්‍යය වූ ලකුණු 165 කරා පන්දු ඕවර් 38 ක් තුළ පිවිසියේ,කඩුලු හයක් පමණක් අහිමි කර ගනිමින්ය.
ගෙවුණු ලෝක කුසලාන තරගාවලියේ සාර්ථක වූ ආරම්භක පිතිකාරිණිය යශෝධා මෙණ්ඩිස් මෙම තරගය සදහා ආබාධිත තත්ත්වය මත ක්‍රීෟඩා නොකරන අතර ඒ වෙනුවට ක්‍රීඩා කරන්නී හිටපු නායිකාවක වන චමරි පොල්ගම්පොලය.ඇය සමග ඉණිම ඇරඹීමට ලෝක කුසලානයේදි සාර්ථක වූ චමරි වෙනුවට ඊයේ කැදවා තිබුණේ ප්‍රසාදිනී වීරක්කොඩිය. චමරි අංක තුනට පසුබස්වා තිබුණු අතර ලෝක කුසලානයේ අංක තුන පිතිකාරිනිය ලෙස වැඩි තරග ප්‍රමාණයකදී ක්‍රීඩා කරමින් තරගාවලියේ සියළුම පිතිකාරිණියන් අතර සිව්වන තැනට පත්ව සිටි දිපිකා රසාංගිකා අංක හතර දක්වා පසුපසට ගෙන තිබිණ.එසේම ඩිලානි මනෝදරා යළිත් අංක 10 දක්වා පහතට දමා තිබුණු අතර ඇය දිගින් දිගටම ලෝක කුසලාන තරගාවලිය තුළ ද වගකිව යුතු පිතිකාරිණියක ලෙස දක්ෂතා දක්වා තිබියදී මෙවැන්නක් සිදු නොවිය යුතුව තිබිණ.
කෙසේ වුව ද එම තත්ත්වය පැහැදිලි කරමින් මෙම තරගයේද වැඩිම ලකුණුලාභිණිය වන්නට දීපිකා සමත් වූයේ ලකුණු 28 ක් රැස් කරමින්ය.චමරි අතපත්තු ලකුණු 27 ක් රැස් කළාය. තරගය නිමා වන විට ඩිලානි ලකුණු 14 ක් ලබා නොදැවී ද සිටියේ ඇයට හිමි තැන හිමි විණිද යන ප්‍රශ්නය යළිත් මතු කරමින්ය.
මේ වන විට කට වහරේ කාන්තා ක්‍රිකට් ගැන ද විවිධ අපූර්ව කතා ඇසෙන අතර ඒ අනුව ඇතැම් අය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ජොහාන් මුබාරක් ලෙස සදමාලි දොළවත්තව හදුන්වන්නට පටන් ගෙන ඇත.ලෝක කුසලාන තරගාවලියේදී ද අසාර්ථක චරිතයක් වූ ඇය,එම තරගාවලිය තුළ ද අසාර්ථක වන්නට වන්නට යළි යළිත් පිතිකරු නාමාවලියේ උසස් කර සාර්ථක වන්නට අවස්ථාවක් ලබා දීමට කණ්ඩායම් බලධාරීත්වය උත්සාහ ගනු පෙණුනු අතර,මෙම තරගයේදි ද පිතිකාරිනියන් ලෙස ලෝක කුසලාන තරගාවලිය තුළ කැපී පෙණුන කෞශල්‍යා ලොකුසූරිය,දීපිකා රසාංගිකා සහ චාමිනි සෙනවිරත්න වැන්නියන්ට ඉහළ අංකයක් සදමාලි දොළවත්තට පිරිනමා එහි අස්වැන්න ලෙස පන්දු පන්දු 30 දී ලබා ගත් ලකුණු 8 ක් කණ්ඩායමට දායක කර ගන්නට හැකිවිය.
කාන්තා ක්‍රිකට් ලෝකයේ අවධානයට ලක්වීමත් සමග ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ඉහළ සැළකුම් ලැබෙන තත්ත්වයක් නිර්මාණය වන්නට පටන් ගෙන තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වන අතර ඒ නිසා ජාතික වශයෙන් ඇති වගකීම මෙන්ම වෘත්තීයමය වශයෙන් වන වැදගත් කම ද තේරුම් ගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම කණ්ඩායමේ පිතිකරණ නාමාවලිය තරගයෙන් තරගයට විශාල වශයෙන් සිදුකරන වෙනස්වීම නැවත්වීමට පියවර ගත යුතුය.අවස්ථානුකූලව සිදුකරන වෙනස් කමන් ලෙස හැදින්විය හැකි වෙනස්කමක් නොවන එම වෙනස්කම් වලදී සිතා ගත නොහැකි ලෙස සිදුකරන පිතිකරණ නාමාවලියේ අංක මාරුව වරෙක අංක තුන පිතිකාරිණිය අංක 9 හෝ 10 දක්වා පහත හෙළිමක් වන්නේ නම් එය පිළිගත නොහැකි තත්ත්වයක් බව පැහැදිළිය.
කාන්තා ක්‍රිකට් මේ තත්ත්වයට ගෙන ඒමට දහදිය හෙළු සෑම ක්‍රීඩිකාවකටම ඒ සදහා ගෞරව පූර්වකව සැළකිම ජාතික යුතුකමක් ලෙස දැකිය හැකි අතර,නමුත් එය පාදක කර ගෙන දක්ෂතා අතර නැති ක්‍රීඩිකාවන්ට යැපීම් මාර්ගයක් ලෙස ලාංකේය ක්‍රිකට් පත් කර ගැනීමට ද,වෙනත් හේතූන් පදනම් කරගෙන කණ්ඩායමේ ස්ථාන සහ වරප්‍රසාද තීරණය කිරීමටද අවස්තාවන් ඇත්නම් ඒවා වහාම වසා දැමිය යුතුය.
www.supirikrida.com