වේඩ් |
ලකුණු 393 ක් ව තිබියදී නව වන කඩුල්ල අහිමි වූ ඕස්ට්‍රේලියාව වෙනුවෙන් වේඩ් ට හිමි විමට තිබූ ශතකය අහිමි වීම වැළක්වීමට සිය පළමු ටෙස්ට් ඉණිම ක්‍රීඩා කරන ජොන්සන් බ්ර්ඩ් (නොදැවී 06) යහපත් සහයක් ලබා දුන් අතර ඔහු පිටියේ රැදී සිටි කාලය තුළ පන්දු 11 ට පමණක් මුහුණදීමේ අවකාශය සැළසූ වේඩ් සිය වගකීම මොනවට පැහැදිළි කරමින් හිමිවිය යුතුවම තිබූ ශතකයේ හිමිකාරයා වන්නට සමත් විය.
ලකුණු 432 දී ඉණිම අත් හිට වූ ඕස්ට්‍රේලියාවට එරෙහිව දෙවන ඉණිම ඇරඹූ ශ්‍රී ලංකාව දිවා භෝජනය සදහා තරගය නතර කරන විට ලකුණු 18 ක් ලබා කිසිවෙකු නොදැවී සිටි අතර මෙම සටහන තැබෙන විට ශ්‍රී ලංකාව එක කඩුල්ලක් දැවී ගබා ඇති ලකුණු ප්‍රමාණය 112 කි .ඩිල්ෂාන ගේ ඉණිම ලකුණු 5 ට සීමා වූ අතර නවන ක්‍රීඩක දිමුත් කරුණාරත්න සිය ප්‍රහාරාත්මක සුපුරුදු පිතිකරණය විදහා දක්වමින් නොදැවී ලකුණු 69 ක් ලබා සිටියි.
තරගයේ සමස්ත ලකුණු විස්තරයේ අලුත් තත්ත්වය දැන ගැනීමට පහත සබදතාවය තෙරපීමෙන් හැකි වෙනු ඇත.http://www.espncricinfo.com/australia-v-sri-lanka-2012/engine/current/match/573013.html
www.supirikrida.com
No comments:
Post a Comment