ජර්මණියේ නිෂ්පාදිත ලොව ප්‍රධාන පෙලේ මේස පන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම ලාංකේය මේස පන්දු ක්‍රීඩාව තුළ ද අතිශයින් ජනප්‍රිය TIBHAR මේස පන්දු උපකරණ ශ්‍රී ලංකාවට ගෙන්වා බෙදාහරින හිටපු ජාතික මේස පන්දු සූරයෙකු වන ඩබ්ඒ බුද්ධසිරි විසින් නැගී එන මේස පන්දු ක්‍රීඩකයෙකු වන ලිත්මිණ මහානාමට වසරක කාලයක් සදහා TIBHAR අනුග්‍රහකත්වය පිරිනැමීමට තීරණය කර ඇත.හිටපු ජාතික සූර බුද්ධසිරි සහ ජාතික සූරියක වන නාමල් ගුණසේකරගේ මූලකත්වයෙන් ක්‍රියාත්මක TIBHAR මේස පන්දු ඇකඩමියේ ක්‍රීඩකයෙකු වන ලිත්මිණ,කොළඹ වෙස්ලි විද්‍යාලයේ සිසුවෙකු වන අතර මේ වන විට අවුරුදු 12 න් පහළ වයස් සීමාවේ ලංකාවේ අංක තුනේ ක්‍රීඩකයා ලෙස කැපී පෙනෙන අතර ජාතික මට්ටමේ තරග වලදී එම වයස කාණ්ඩයේ සූරතාවයන්ද දිනා ඇත.
ඡායාරුපයේ දැක්වෙන්නේ බුද්ධසිරි විසින් ලිත්මිණ වෙත TIBHAR, අනුග්‍රාහකත්වය පිරිනැමූ අවස්ථාව වන අතර ඡායාරූපයේ එම අවස්ථාවට එක් වූ නාමල් ගුණසේකර ද වේ.
www.supirikrida.com
No comments:
Post a Comment