May 4, 2012

කොදෙව් නායිකා ටේලර්ගෙන් තුන් ඉරියව් දස්කම්


ටහිර ඉන්දීය කොදෙව් නායිකා ස්ටෙෆානි ටේලර් ගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් ශ්‍රී ලංකාව සමග  පැවති දෙවන 20/20 තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු හතක පරාජයක් ලැබිණ.ඉණිම ඇරඹූ කොදෙව් නායිකා ටේලර් ලකුණු 62 ක් ලබා ගත්තේ හතරේ පහර 6 ක් සහ එක් හයේ පහරක් සමග පන්දු 49 ක් තුළය.පන්දු යැවීමේ දී ටේලර් විසින් ලකුණු 23 ට කඩුලු 3 ක් දව ගත්තේය.
කාසියේ වාසිය ලැබූ කොදෙව් කණ්ඩායම සිය පන්දු ඕවර 20 නිමා කළේ කඩුලු 4 ට ලකුණු 129 ක් ලබා ගනිමින් ය.පන්දු යැවීමේ දී චන්දිමා ගුණරත්න ලකුණු විස්සකට කඩුලු 2 ක් දවා ගත්තේය.පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවට පන්දු ඕවර් 20 තුළ රැස් කිරීමට හැකි වූයේ කඩුලු 9 ක් දැවී ලකුණු 122 ක් පමණි.ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලැබූ දීපිකා රසාංගිකා පන්දු 42 ක් තුළ ලකුණු 39 ක් රැස් කළ අතර පන්දු 17 ක් සහ පන්දු 23 ක් තුළ පිළිවෙළින් චාමිනී සෙනවිරත්න සහ ඉනෝකා ගලගෙදර ලකුණු 25 බැගින් ලබා ගත්හ.
තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ස්ටෙෆානි ටේලර් පත් වූ අතර පහත දැක්වෙන්නේ තරගයේ සමස්ථ ලකුණු විස්තරයට ප්‍රවේශ විය හැකි මගයි. http://www.espncricinfo.com/ci/engine/current/match/560858.html 

No comments: