චතුරංග කුමාර |
පන්දුවෙන් විශිෂ්ඨ දස්කම් දැක්වූ ජේකබ් ඕරම් ලකුණු 6 ට කඩුලු 3ක් ලබා ගනිමින් වයඹ ඉණිමේ ශක්තිය මොට කර දුන් අතර ඊට අමතරව උමාර් ගුල් සහ දිල්හාර ප්‍රනාන්දුට කඩුලු 2 බැගින් හිමි විය.වාර්තා වූ ඉහළම ලකුණු ප්‍රමාණය වයඹ කණ්ඩායම වෙනුවෙන් කම්රාන් අක්මාල් ගේ පිත්තෙන් වාර්තා වූ අතර ඔහු ලකුණු 36 ක් ලැබීය.
ඌව පිතිකරුවන්ගේ කාර්යය නොනවත්වා පෙරට රැගෙන යන්නට ඌව පිතිකරුවෝ අසමත් වූහ.ඒ සදහා ඔවුන්ගේ කළබලය නිසා වූ දුවද්දී දැවී යාම් දෙකක්ද,වයඹ කණ්ඩායමේ තරුණ පන්දු යවන්නන්ගේ හැකියාව ද බල පෑ අතර එහ අවසාන ප්‍රතිපලය ලෙස ඌව ඉණිමට වයඹ ඉණිමට වඩා ලකුණු 20 ක් මෙපිටින් තිරිංග වැටිණි.විශේෂයෙන් කොළඹ ශාන්ත ජෝෂප් කණ්ඩායමෙන් පැමිණි 20 හැවිරිදි චතුරංග කුමාර මෙන්ම පානදුර මහානාම විද්‍යාලයෙන් පැමිණි තවමත් අවුරුදු 19 නොඉක්ම වූ අකිල ධනංජයගේ දකුණත් පිට දග පන්දුවද ඌවට එරෙහිව වූ විශාලතම හිසරදය විය.
ජේකබ් ඕරම් සහ ඩිල්ෂාන් මුණවීර පන්දු 19 බැගින් මුහුණ ද ලකුණු 26 බැගින් රැස් කළ ද චතුරංග කුමාර ලකුණු 33 ට කඩුලු 3 ක් දවා ගනිමින් සහ විශිෂ්ඨ පන්දු රැකීමක නියැලෙමින් පෑ දස්කම් නිසා ද,ධනංජය ලකුණු 20 ට කඩුලු 2 ක් දවා ගනිමන් පෑ දස්කම් නිසාද තරගයේ ජයග්‍රහණය වයධ කණ්ඩායමට හිමි විය.
දෙවන තරගයේදී බස්නාහිර සහ නැගෙනහිර කණ්ඩායම් මුණ ගැසුණු අතර එහිදී කාසියේ වාසිය ලද නැගෙනහිර කණ්ඩායම පළමුව පන්දු රැකිමට තීරණය කළ අතර සුපුරුදු පරිදි මේ තරගයේද මුල් භාගය සම්පූර්නයෙන් බස්නාහිර නායක ටීඑම් ඩිල්ෂාන් පිට පැටවුණු බවක් දකින්නට විය.පෙර පෙළ පිතිකරුවන්ගෙන් ලකුණු ලැබීම වේගවත්ව සිදු නොවන තත්ත්වය තුළ ඩිල්ෂාන් මත ගොඩ නැගෙන පීඩනය ද ඉහළ යන අතර එහිදී ඩිල්ෂාන් ගේ ඉණිම කළබලකාරි පහරකින් ලකුණු 35 ක් ලබා සිටියදි නිමාවන්නේය.එය බස්නාහිර පිලේ වැඩිම ලකුණු ප්‍රමාණය වන අතර දිමුත් කරුනාරත්න (25) සහ කැමරන් බෝගස් (32) ලකුණු වේගය වැඩි කිරීමට උත්සාහ කළ ද නැගෙනහිර පන්දු යවන්නන් මෙන්ම පන්දු රකින්නෝ ද ඊට ප්‍රමාණවත් ඉඩක් ලබා නොදුන්හ.ප්‍රතිපලය ලෙස සමින්ද එරන්ද නමට ලකුණු 20 ට කඩුලු 3 ක් හිමිවන අතර ඒ කඩුලු තුන තරම්ම ප්‍රමාණවත් අති විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගනිමින් සමින්ද ටීඑම් ඩිල්ෂාන් දවා ගැනීමට ද හවුල් වන්නේය.
පිළිතුරු ඉණිමට මුහුණ දුන් නැගෙනහිර කණ්ඩායමේ පළමු අංක හතරම විදෙස් පිතිකරුවන්ගෙන් සන්නද්ධ වුව ද ඊට එරෙහිව ක්‍රියාත්මක වන බස්නාහිර කණ්ඩායමේ පන්දු යැවීම හමුවේ ඉම්රාන් නසීර් ගේ පුහාරය විශ්‍රාම ගන්වන්නට ද,අහමද් ෂෙශාද් (18) සහ ට්‍රෙවිස් බර්ට් (1) ඉක්මණින් දවා ගන්නට ද සමත් වූ නමුත් බංගලාදේශ කණ්ඩායමේ නායක මුස්පිකර් රහිම් අගනා ලකුණු 54 ක් නොදැවී ලබමින් නැගෙනහිර කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යන්නට සමත් විය.රහීම් සහ නායක ඇන්ජලෝ මැතිව්ස් (30) තෙවන කඩුල්ලට ලකුණු 57 ක සබදතාවයක් ද රහීම් සහ ඇන්ජලෝ පෙරේරා (15) පස්වන කඩුල්ලට නොදැවුණු ලකුණු 43 ක් ද එක් කරමින් කඩුලු 6 ක ජයක් නැගෙනහිර කණ්ඩායමට ලබා දීමට පියවර ගන්නේය.
වයඹට ජය කැදවීම සදහා පන්දු යැවීමෙන් මෙන්ම රැකීමෙන්ද දස්කම් දැක් වූ චතුරංග කුමාර ට තරගයේ වීරයා සම්මානය හිමි වූ අයුරින්ම නැගෙනහිර - බස්නාහිර තරගයේදී ද පන්දු රැකීම සහ පන්දු යැවීම සළකා තරගයේ වීරයා සම්මානය සමින්ද එරංග ට හිමි විය.
වයඹ සහ ඌව අතර තරගයේ ලකුණු විස්තරයට http://www.espncricinfo.com/sri-lanka-premier-league-2012/engine/match/571360.html සබදතාවයෙන්ද නැගෙනහිර සහ බස්නාහිර අතර තරගයේ ලකුණු විස්තරයට http://www.espncricinfo.com/sri-lanka-premier-league-2012/engine/match/571360.html සබදතාවයෙන්ද පිවිසිය හැකිය.
www.supirikrida.com