නිමාව දුටු ලන්ඩන් මැරතන් තරගයේ දි බලාපොරොත්තු වූ
අයුරින්ම ඔලිම්පික් පරිසාධන මට්ටම ඉක්මවා ගිය අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ 2012 ලන්ඩන්
මැරතන් තරගය සදහා සුදුසුකම් ලැබූ පළමු ලාංකේය මලල ක්‍රීඩකයා වීමේ භාග්‍ය්‍ය
ලද්දේය.සමස්ත පිරිමි තරගයේ 23 වන ස්ථානය ලත් කුරේ පැය 2:17:50 ක කාලයක් වාර්තා කරමින්
මෙම අවස්ථාව උදා කර ගත්තේය.ලන්ඩන් ඔලිම්පික් සදහා සුදුසුකම් ලැබීමට ඒ ශ්‍රේණිය
යටතේ පැය 2:15:00 ක කාලයක් වාර්තා කිරීමට නියමිතව තිබූ අතර කුරේ සුදුසුකම් ලබා
ගත්තේ බී ශේණිය යටතේ 2:18:00 ක කාලය අභිබවා යමින්ය.
2004 දී ග්‍රීසියේ පැවති ඔලිම්පික් තරගය සදහා ශ්‍රී
ලංකාව නියෝජනය කළ කුරේ එහි දී 30 වන ස්ථානය දිනා ගත්තේ පැය 2:19:24 ක් වූ මේ දක්වා
ඔලිම්පික් උළෙලක දී ලාංකිකයෙකු වාර්තා කළ හොදම මැරතන් තරග නිමා කිරීමේ කාලය වාර්තා
කරමින් ය.2004 දී ම ඉස්ලාමාබාද් හි පැවති දකුණු ආසියාතික තරගාවලියේ දී මැරතන් ජයග්‍රහණය
වෙනුවෙන් ඔහු වාර්තා කර ඇති පැය 2:16:38 ඔහුගේ හොදම තරග නිමි කිරීමේ කාලය වන්නේය.
නොයෙකුත් කළකිරීම් මත ඉන් අනතුරුව රට අතහැර එක්සත්
රාජධානියේ පදිංචියට යන මෙම ක්‍රීඩකයා එහිදී ක්‍රීඩා පුහුණුවීම්වල යෙදෙනු දුටු
විදේශිකයෙකු කිසිදු හැදුණුම්කමක් නොමැතිව මොහුගේ දක්ෂතාවයන් ඇගයීමට ලක් කරමින් ඔහුගේ
ධාවන ජීවිතයට උපකාර කිරීමට ඉදිරිපත් නොවුණේනම් ඇතැම්විට ඔහුට යළිත් මෙවැනි
අවස්ථාවක් උදා නොවන්න ද තිබිණි.ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන කෙතරම් දක්ෂතා දැක් වුව
ද කුරේට ශ්‍රී ලංකාව නියෝජනයට තබා ලංකාවට පැමිණීමට හෝ හැකියාවක් නොතිබි අතර ඔහු
ඉකුත් වසරේ ලන්ඩන් මැරතන් තරගය නියෝජනය කළේ ද ශ්‍රී ලංකා ධජය යටතේ නොවේය.
නමුත් කේෂ්ත්‍රයට සම්බන්ධ කිහිප දෙනෙකු මෙන්ම ජනමාධ්‍යවේදීන්
කිහිප දෙනෙකු ද නිරන්තරයෙන් කළ බලපෑම් මත කුරේට යළිත් ශ්‍රී ලංකාව නියෝජනයට
අවස්ථාව උදා වූ අතර ඉන් අනතුරුව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ හිටපු සභාපති පාලිත
ප්‍රනානන්දු ගේ මැදිහත්වීම මත ඔහුට යළිත් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ අවකාශ
සැළසිණි.පමා වී ලද ඒ අවස්ථාවෙන් පසුව ඔහු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ප්‍රථම වරට
සහභාගි වූ පූනේ මැරතන් තරගයේ දී ආසියාවේ ප්‍රථමයා වන්නා සමත් විය.පළමුව සිය දුර
ධාවන ජීවිතයේ හැකියාව බ්‍රිගේඩියර් පැරී ලියනගේ යටතේ මුවහත් කර ගත්තේය.
වර්ථමානයේ එංගලන්තයේ සුපිරි වෙළද සංකීරණයක සේවයේ නියුතු අනුරාධ
ඉන්ද්‍රජිත් කුරේ ට මෙම ජයග්‍රහණයෙන් ඉනික්බිති ලන්ඩන් මැරතන් තරගය සදහා
පුහුණුවීමට රාජකාරි නිවාඩු සමග පහසුකම් සැළසෙන බව ලන්ඩන් නුවරින් ලැබෙන වාර්තා ලාංකිකයන්
වශයෙන් සතුටු වන්නට විශාල හේතුවක් වන බව නිසැකය.එහි දි කුරේ ගේ ප්‍රධානතම ඉලක්කය
වනු ඇත්තේ වසර 36 ක් තිස්සේ එස්එල්බී රෝසා සතුව පවතින ලාංකික ක්‍රීඩකයෙකුගේ හොදම
මැරතන් නිමා කිරීමේ කාලය වන පැය 2:14:31 ඉක්මවා යාම බව සැක නැත.
අනුරාධ 23 වන ස්ථානය ලද ලන්ඩන් මැරතන් තරගයේ ප්‍රථම
ස්ථානය හිමිවූයේ කෙන්යාවේ කිප්සෑන්ග් විල්සන්ට ය.ඔහු පැය 2:04:44 දී තරගය නිමා කරන්නට
සමත් විය.එසේම මුල් ස්ථාන දෙකම කෙන්යාවට හිමි වූ අතර කාන්තා තරගයේදී ප්‍රථම ස්ථානය
දිනා ගත්තේ මේරි කෙටිනි ය.එහිදී මුල් ස්ථාන පහම කෙන්යාවට හිමි වීම ද කැපී පෙණින.