වසර ගණනක සිට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ වාර්තාකරු ලෙස ක්‍රියා කරන ජීජීයූ සමන් කුමාර එම තනතුර හෙබ වූ වැඩි කාලයක් තේරීම් කමිටු සාමාජිකයෙකු ලෙස ද කටයුතු කළ අතර වර්ථමාන ක්‍රීඩා අමාත්‍යවරයා පත් වූ පසුව එම නම තේරීම් කමිටුවෙන් ඉවත් කරන්නට තීරණය කළේය.තරග උළෙවල මෙන්ම ශ්‍රී ලංකාවට වැදගත් වන ජාත්‍යන්තර තරග ප්‍රතිපල ද වාර්තා වලට ඇතුළත් කරමින් සංරක්ෂනය කිරීමේ තනතුරේ යෙදෙන සමන්,තේරීම් කමිටුවේදී ක්‍රීඩක දත්ත සපයා ගැනීමට මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ පතිපල නිරීක්ෂනයට ද විහාල රුකුලක් විය.වර්ථමාන මලල ක්‍රීඩා පරිපාලනයට ද මෙම තත්ත්වය අවබෝධ වී ඇති අතර කෝසල සහබන්දු තේරීම් කමිටුවට සහභාගිවීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව එම හිස් තැනට යළිත් සමන් කුමාරගේ නම යෝජනා කිරීමට වත්මන් මලල ක්‍රීඩා පරිපාලනය කල්පනා කරමින් සිටින බවක් වාර්තා වේ.
එසේම කෝසල සහබන්දු ඉවත්වීමෙන් පසුව ඔහුගේ සභාපතිත්වය ඇතිව පත් කළ තේරීම් කමිටුවේ සාමාජිකයෙකු ලෙස ක්‍රියා කළ සමන් ගේ වැඩිමහල් සොහොයුරු ලාල් චන්ද්‍රකුමාර එහි සභාපති තැනට පත් කිරීමට යොජනා කිරිමටද තීරණය වූ බවක් වාර්තා වන අතර ඇතැම් විට සමන් ට තමා සහ සිය සොහොයුරා තේරීම් කමිටුවට පත් වුවහොත් එයද ඓතිහාසික මලල ක්‍රීඩා වාර්තාවක් ලෙස වාර්තා කර තැබීමට සිදුවිය හැකිය.
www.supirikrida.com
No comments:
Post a Comment