වෙළද සේවා ක්‍රිකට් තරගාවලියේ ඩී කොටසේ සූරතාවය දිනා ගැනීමට කොමර්ෂල් බැංකු ක්‍රෙඩිට් කණ්ඩායම් සමත් වුණා.ඔවුන් ඉදිරියේ අනු සූරතාවයෙන් සෑහෙන්නට සිදු වුණේ මොබිටෙල් කණ්ඩායමට යි.වෙළදසේවා ක්‍රීඩාංගණයේ පැවති අවසාන තරගයේදී කඩුලු 8 ක ජයක් ලැබූ කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම ලෙමනේඩ් කුසලානය දිනා ගනිද්දී පිත්තෙන් සහ පන්දුවෙන් දැක් වූ දස්කම් සළකා කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායමේ කවින්ද සිල්වා අවසාන තරගයේ වීරයා බවට පත් වුණා.
පළමුව පන්දුවට පහර දුන් මොබිටෙල් කණ්ඩායම ලකුණු 103 ට සීමා කළ කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක් වූ කවින්ද සිල්වා ලකුණු 18 ට කඩුලු 3 ක් ලබා ගත් අතර ජයග්‍රාහී ඉලක්කයට පන්දු ඕවර් 20 දී කඩුලු 2 ක් පමණක් දැවී ළගා වූ කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම වෙනුවෙන් ලකුණු 60 කින් දායක වන්නට ද කවින්ද සිල්වා සමත් වුණා.
www.supirikrida.com
No comments:
Post a Comment