Jun 9, 2012
කණිටු දස්කම් බලන්න පුදුම උනන්දුවක්
Glitz විලාසිතා අන්තර් සමාගම් බැඩ්මින්ටන් හැඩ ගැන්වීමට
මෙම මාධ්‍ය හමුවට glitz වෙනුවෙන් එහි
සාමාන්‍යාධිකාරී හසානි අම්ජාඩ්,වෙළද කළමණාකරු ඒඑම්එල් අකීල්,මෙහෙයුම් කළමණාකරු
ඒඑම්එම් ෂාපික් සහභාගි වූ අතර වෙළද සේවා බැඩ්මින්ටන් සංගමය වෙනුවෙන් නිරෝධ ඩි
කොස්තා,උප සභාපති ශෝන් ෂේක්,බාන්ඩාගාරික රශ්මික අබේසුන්දර,උප සභාපති රොෂාන් ප්‍රනාන්දු
ඇතුළු පිරිසක් එක්ව සිටි අතර මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ අදාළ අනුග්‍රාහක චෙක්පත glitz ආයතනය විසින්
වෙළද සේවා බැඩ්මින්ටන් සංගමයට පිරිනැමූ
අවස්ථාවයි.
Jun 8, 2012
20/20 තානාපතිකම මාලිංග ට
මේ දිනවල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම් අත්සන් කිරීමේ දී අර්බූදයක් ඇති කර ගෙන සිටින ලසිත් මාලිංග ගේ දක්ෂතාවය මෙන්ම භාහිර පෙනීම ද ජගත් ක්‍රිකට් කවුන්සිලයේ සැළකිල්ලට යොමු වී ඇත.
ලසිත් ඔහුටම ආවේනික වූ පන්දු යැවීම නිසා මෙන්ම සුවිශේෂි විලාසිතා නිසා ද ශ්‍රී ලංකාවේ පමණක් නොව ජගත් ක්‍රිකට් ලෝලීන් අතර ද විශාල ජනප්‍රියත්වයක් ලබා සිටියි.
www.supirikrida.com
ගුවන් හමුදාව සහ වරාය අධිකාරිය මංචි වොලිබෝලයේ රසකිරුළු පළදියි
පිරිමි
අවසන් තරගය ද වට පහක් දක්වා දිගු වූයේ මෙවර මංචි කුසලාන තරගාවලියට සැබෑම උනුසුම්
රසයක් එකතු කරමින්ය.එහිදී ප්‍රථම වටයම ජය ගනිමින් (25/22) ලෙස තරගයේ පෙරමුණ ගන්නට
වරාය සමත් වුව ද,දෙවන වටයේදී සහ තෙවන වටයේදී 25/12 ක් සහ 25/18 ලෙස තරග වට දෙකක් ජයගත්
ගුවන් හමුදාව තරගයේ පෙරමුණට පැමිණියේය.නමුත් තීරාණාත්මක සිව්වන වටය සහ පස්වන වටය
25/20 සහ 15 /13 ක් ලෙස ජයගත් වරාය සමස්ත සූරතාවය ජය ගත්තේය.
මෙම
තරගාවලියට සමගාමීව පැවති දෙවන කොටසේ සූරතාවය ද ගුවන් හමුදා කාන්තා කණ්ඩායමටම හිමි
විය.ඔවුන් වට 3
– 1ක් ලෙස ටොරිංටන් ක්‍රීඩා සමාජය පරාජය කරමින් ජය ගත්තේය.යුධ
හමුදාවේ ඇහැලියගොඩ සහ නුවර කන්ඩායම් දෙකක් අතර පැවති දෙවන කොටසේ අවසාන තරගය ද ඉතා
තියුණු මුහුණුවරක් ගත් අතර වට පහක් දක්වා දිගු වූ එම අවසන් තරගයේ ජය නුවර කණ්ඩායමට
හිමි විය.
පහත
දැක්වෙන්නේ තරගයේ නිල ප්‍රතිපල සටහන සහ ඡායාරූප කිහිපයකි.
Jun 7, 2012
ආසියානු තරගාවලියට රටවල් 34 ක් ලංකාවට
ජූනි 9 දා සිට 12 දා දක්වා සුගතදාස ක්‍රීඩාංගණයේ
පවත්වන්නට යෙදෙන ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලිය නියෝජනය කරන රටවල් ප්‍රමාණය
ඊයේ වන විට 34 ක් දක්වා ඉහළ ගියේය.අවසාන වරට ශ්‍රීලංකාවේ පැවත්වෙන තරගාවලියට
සහභාගි වීම සදහා අවස්ථාව ලද උස්බෙකිස්තානය ඊයේ හවස සිය රට වෙනුවෙන් 11 දෙනෙකු ගේ
ක්‍රීඩා කණ්ඩායමක් එවන බව සහතික කළේය.
www.supirikrida.com
ඇමතිතුමනි! ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ඉතිහාසයේ සිට අනාගතයට එබී බලන්න
ආසියාවේ මලල ක්‍රීඩා ඉතිහාසයේ පිපෙන කැකුළු වල සුවද විද
ගන්නට අලුතින් එලුණු සුගතදාස ධාවන පථය මග බලමින් සිටියි.එහෙත් ශ්‍රී ලංකාව
සම්බන්ධයෙන් වන යථාර්තය නම් මේ උළෙලෙන් මතු වුණු කැකුළු මල් බවට පත් වී සුවද
හැමුවේ කලාතුරකින් බවය.
වර්ථමානයේ මීටර් 3000 බාධක දිවීමේ ජාතික වාර්තාලාභිණිය
වන එරංගා දුලක්ෂි 2010 වසරේ පැවති ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියේදී රිදී
පදක්කමක් දිනා ගත් අතර ඇයද තවමත් නිසි අවස්තාවක් නොලදමින් මේ ක්ෂ්ත්‍රයේ රැදී
සිටින්නීය.නිසි අවස්ථාව සහ අවධානය මේ කණිස්ඨ ක්‍රීඩා උළෙලේ ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩක
ක්‍රීඩිකාවන්ට හිමි නොවීම නිසාම ඒවා කැකුළු සුවද ට සීමා වී සුවද හමන මල් බවට පත්
නොවී අකාලයේ පර විණි.
බෙනිල්ඩස් ප්‍රනානන්දු මේ තරග ඉතිහාසයේ පළමු
පදක්කම්ලාභියා වූ අතර ඔහු ලෝකඩ පදක්කමක් ලබා දුන්නේය.ඔහුට ඇමෙරිකානු ශිෂ්‍යත්වයක්
හිමි වූ අතර එහෙත් ඔහු නිසි අධීක්ෂණයකට ලක් නොවිණී.මෙම තරග ඉතිහාසයේ කණිෂ්ඨ ක්‍රීඩකයෙකු
ලෙස දැක් වූ දක්ෂතා සළකද්දී හමුවන සුවිශේෂීම ක්‍රීඩකයා මනෝජ් පුෂ්පකුමාර ය.ඔහු උළෙල
දෙකක් නියෝජනයට අවශ්‍යය පරිසාධන මට්ටම ඉක්මවා දක්ෂතා
දැක්වීමේ හැකියාව ලැබා ඇති අතර ඒ අවස්ථා දෙකේදීම ඔහු ශ්‍රී ලංකාවට රිදී පදක්කම බැගින් ගෙන එන්නට
සමත් විය.නමුත් ඔහු ද නිසි අවධානයෙන් ඇගයීමෙන් තොරව ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවට
අහිමි වූ සම්පත් බවට පරිවර්ථනය විය.මෙම පදක්කම්ලාබීන් අතර ශ්‍රී ලංකාවට සහය දිවිමේ
එක් රන් පදක්කමක් පමණක් හිමි ව ඇති අතර ඒ සදහා දායක වූ කණ්ඩායමේ සිටි ජෝයි ධනුෂ්ක
ඒ ජයග්‍රහණයෙන් ඉක්බිතිව සුළු කාලයකදී එම කාල වකවානුවේ සිටි ශ්‍රී ලංකාවේ වේගවත්ම
මිනිසා ලෙස ඉදිරියට පැමිණිය ද එය දීර්ඝ කාලයකට නොවිණි.අද ජෝයි මලල ක්‍රීඩා පිටියේ
රැදී සිටින්නේ යගුලිය වීසි කිරීමේ සූරයෙකු ලෙසිණි.
ජානක වීරසිංහ මෙම තරග ඉතිහාසයේ මැදි දුර දිවීමේ
ඉසව්වවෙන් ශ්‍රී ලංකාවට පදක්කමක් ගෙන දීමට සමත් වූ එකම ක්‍රීඩකයා ලෙස දැකිය හැකි
අතර ඔහු 2008 දී මීටර් 800 ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත් ක්‍රීඩකයා විය.නමුත් අද
ඔහු එම ඉසව්වද අත හැර සිටින අතර කාලයත් සමග ජාතික තලයට පිවීසීමේ හැකියාවක් ඔහුගෙන්
ද දිසි නොවිණි.
ක්‍රීඩකයා ගේ නොසැළකිල්ල ද නිසි අධික්ෂණය සහ සහයෝගය ද
නොලැබීම නිසා මේ තරග ඉතිහාසයේ ආසියාව ජය ගත් පිරිස් ඉන් අනතුරුව ලංකාවේ දී ඔහු අංක
එකට පත් නොවී ක්‍රීඩා පිටියෙන් වීසි වී ගිය බවක් පෙනෙන්නට තිබෙන බව පැහැදිළිව දැක
ගත හැකිය.මේ තත්ත්වය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවධානයට ලක් විය යුතු තත්ත්වයකි.මේ තරග
උළෙලේ ජයග්‍රාහකයන් මෙන්ම තරග උළෙල හරහා මෙන්ම මේ වන විටත් ජගත් කණිෂ්ඨ මලල ක්‍රීඩා
උළෙල සදහා තේරී ඇති අයද රැක ගැනීමට අනුග්‍රාහක වැඩ පිළිවෙලක් සමග ඔවුන්ව රැකෙන
විනය නීති මාලාවක් ද ඉදිරිපත් කළ යුතුය.
මේ තරග උළෙලේ ජයග්‍රාහකයන්ට අමාත්‍යංශයෙන් ලැබන මුදල් ත්‍යාග
පමණක් ප්‍රමාණවත් නොවන අතර ඔවුන්ට මාසික අනුග්‍රාහකත්වයක් හිමි විය යුතුය.එය දෙවසරකට
හිමි වීම වුව ප්‍රමාණවත්ය.ඒ දෙවසර තුළ ඔහු හෝ ඇය ලැබිය යුතු ප්‍රගතිය මෙපමණක් විය
යුතුය යන නිගමණයට එළැඹ ඒ තත්ත්වයට ළගා වීම මත හෝ ළගා නොවීම මත ඒ අනුග්‍රාහකත්වය
පිළිබදව තීරණය කරන කඩ ඉමක් යෙදීම ද අගනේය.
තිබෙන තත්ත්වය අනුව අලුත් පරපුරක් ගැන සිතීම වඩා වැදගත්
වන අතර ඒ නිසා ඒ පිළිබදව වන ආරම්භය මේ තරග උළෙ හරහා ලබා ගත හැකිනම් ක්‍රීඩා අමාත්‍යවරයාට
සිය අමාත්‍ය ධූරය පිළිබදව අනාගතයේ දවසක සතුටු විය හැකි බොහෝ දේ ලැබෙනු ඇත.
Subscribe to:
Posts (Atom)