තෙවන වරට පැවත්වීමට නියමිත
ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල හම්බන්තොටට පිරිනැමෙන බව ආසියානු ඔලිම්පික්
කවුන්සිලයේ සභාපති ෂෙයික් අහමඩ් අල් ෆාහඩ් අල් සභාහ් ප්‍රකාශ කළ අතර ඔහු ඉකුත් 14
දා අරලියගහ මන්දිරයේදී ජනාඪිපති මහින්ද රාජපක්ෂයන් හමු වූ අවස්ථාවේ ජනාඪිපතිවරයා
සහභාගිවන සියළු දෙනා වෙනුවෙන් සියළු පහසුකම් නො’අඩුව ලබා දෙන බවට පොරොන්දු
වූවේය.ක්‍රීඩාවට ආගන්තුක ආර්ථික විශේෂඥයන් පිරිවරා ගෙන මීට පෙර 2018 පොදු රාජ්‍ය
මණ්ඩලීය ක්‍රීඩා උළෙල දිනා ගැනීමට රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයවීමක් දියත් කළ ද එය
අසාර්ථක වූ අතර මෙවර එම තරගාවලිය දෙස දෑස් දල්වා සිටි වෙනත් රටවල් සමග සහයෝගයෙන්
කටයුතු කර මෙම තරගාවලිය දිනා දීමට ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවට හැකි විය.
ඉදිරියේදී ද මෙම විෂයට අදාළ
දැනුවත් භාවයකින් යුත් පුද්ගලයන් පමණක් මේ ක්‍රියාවලියට එක් කර ගැනීම වැදගත් අතර
ක්‍රීඩා අමාත්‍යංශය සහ ජාතික ඔලිම්පික් කමිටුව එක්ව ඒ අධික්ෂණය පෙරට ගෙන යනු විනා
වෙනත් භාහිර පුදගලයන් ඒ මතට කඩා වැදීම වැළක්වීමට රාජ්‍ය යාන්ත්‍රණයේ මැදිහත් වීම
සිදුවිය යුතුය.න්‍යාය පත්‍රය සැකසීම ජාතික ඔලිම්පික් කමිටුව සහ ක්‍රීඩා අමාත්‍යංශයේ
මැදිහත්වීමෙන් සිදුවිය යුතු අතර වෙනත් පාර්ශව ඊට සහයෝගය පිණිස මැදිහත් වන්නන් මිස
මේ තරගාවලියේ මෙහෙයුම් පූවරුවේ යතුරු දරන්නන් නොවිය යුතුය.
විශේෂයෙන් හම්බන්තොට ප්‍රදේශයේ
ඓතිහාසික තත්ත්වයන් සුරුකෙන පරිදි එහි විසූ සහ ඉපැදි ජාතික වශයෙන් වැදගත් පිරිස්
කලා සහ සංස්කෘතික කටයුතු ආදිය මෙන්ම ක්‍රීඩා උළෙල පැවත්වීමට යෝජිත භූමියට ආසන්න
වශයෙන් පිහිටි බද්දේගමනම් වූ උසස් සාහිත්‍යය කෘතියට අදාළ ජගත් කීර්තියට පත් සිනමා
පටය මෙන්ම ඊට සම්බන්ධිත ජගත් කීර්තියට පත් ශ්‍රීමත් ආතර් සී ක්ලාක් වැනි චරිත ගැනද
අවධානය යොමුකොට එම සිනමා පටය ද මෙහි ප්‍රචාරක ක්‍රියාවලියට මැදිහත් කර ගන්නේනම් එය
ද ක්‍රීඩාව හරහා රටට ලැබෙන අපූරු ප්‍රචාරයක් විය හැකිය.
ගජමන්නෝනා,අන්දරේ වැනි චරිත
ආහ්‍රිත ජනප්‍රවාද ජාත්‍යන්තරයට ගෙන යාමේ සාහිත්‍යමය මෙහෙවර ද මේ ක්‍රීඩා උළෙල හරහා සිදු කර ගැනීමට අවකාශ
සැළසී ඇති අතර ක්‍රීඩා උලෙලේ තාක්ෂණික කටයුතු වලට අමතරව එවැනි සාහිත්‍ය සහ කලා
කටයුතු වලින් ශ්‍රී ලංකාව ලෝකයට විවර කිරීමද මේ තරගාවලිය ආශ්‍රිත නිල වෙබ් අඩවිය
සමග ක්‍රියාවට නැගීමට සංවිධානයේ අවධානය යොමු විය යුතුය.
විහේෂයෙන් දැන් සිටම මේ ප්‍රදේශය
ආරක්ෂා සහිත සහ වැරදි කිරීමට ආහිර්වාද කෙරෙන ප්‍රදේශයක් නොවන බව ලෝකයට ඒත්තු
ගැන්වීම වැදගත් අතර පසුගිය කාලයේ විදේශික තරුණියක් ඉලක්ක කර ගෙන සිදු වූ අපරාධ
ආදිය යළි මේ ප්‍රදේශයේ සිදු නොවීමට ආරක්ෂක අංශවල අවධානය යොමුවිය යුතුය.එසේම
තරගාවලිය සම්බන්ධයෙන් නිල ප්‍රකාශයේ උණුසුමත් සමගම වාර්තා වූ ජවිපෙ රැළියකට කළ
වෙඩි තැබීම් ආදිය සිදු වීමට ඇති ඉඩකඩ වසා දැමීමට ද ආරක්ෂක අංශ මැදිහත් විය
යුතුය.එසේ නොවන්නේනනම් තරගාවලිය අහිමි වීමට මෙන්ම ඊටත් වඩා පවත්වන තරගාවලියට
සහභාගි වන පිරිස අඩු වීමට ඇති ඉඩ විශාල ලෙස පුළුල් විය හැකිය.සෞඛ්‍ය අංශ ඉතා
විමසිල්ලෙන් කටයුතු කළ යුතු අතර ඔවුන් විසින් වසංගත රෝග පැතිර යාමට ඇති ඉඩ සම්පූර්ණයෙන්
වසා දැමීමට අවශ්‍යය පියවර ගත යුතුය.තරගාවලිය දිනා ගැනීම පිළිබදව උදම් ඇනීම වෙනුවට
තරගාවලිය රැක ගැනීමට මෙන්ම ඒ හරහා සහභාගීත්වය පුළුල් කර ගනිමින් ලෝකයේම අවධානය ශ්‍රී
ලංකාව දෙසට හරවා ගැනීමට ඇති ඉඩකඩ ද වසා නොදැමෙන අයුරෙන් මේ රටේ සියළුම අංශ ඒ
පිළිබදව අවධානයෙන් සහ අවබෝධයෙන් කටයුතු කළ යුතුය.
ආසියානු යොවුන් තරගාවලිය
තවමත් පවත්වා ඇත්තේ එක් වරක් පමණි.ඒ සිංගප්පූරුවේදී ය.2009 වසරේ පැවති එම
තරගාවලියෙන් පසුව දෙවන තරගාවලිය පැවත්වීමට නියමිතව ඇත්තේ 2013 දී චීනයේ නැන්ජින්ග්
වල ය.
ශ්‍රී ලංකාවට මෙතෙක් ලැබුණු දැවැන්තම ක්‍රීඩා උළෙල මෙය වන අතර ආසියානු රටවල්
45 කින් ක්‍රීඩාවන් 12 ක් සදහා 5000 ට ආසන්න පිරිසක් මෙම තරගාවලියට සහභාගි වීමට
නියමිතය.ඒ නිසා ඒ 5000 ගැන වගකීම ශ්‍රී ලංකව රටක් වශයෙන් භාර ගත යුතු අතර ඒ වගතීම
දරන ආසියානු ඔලිම්පික් කවුන්සිලයට රට ගැන යහපත් චිත්‍රයක් ලබා දීම අප කාගේත් වගකීම
බව මේ තරගාවලියට සම්බන්ධ වන සෑම ලාංකිකයෙකුම අවබෝධ කර ගත යුතුය.ඒ නිසා ආසියානු
කවුන්සිලයට තරගාවලිය ලබාදීම වගේම අවලංගු කිරීමේද හැකියාවක් පවතින බව සියළු දෙනා
තේරුම් ගත යුතුය.තරගාවලිය දිනා ගැනීමෙන් ගබා ගත් ගෞරවයට වඩා අගෞරවයක් එය අහිමි කර
ගැනීමෙන් සිදුවන බව අවබෝධ කර ගෙන තරගාවලියට සූදානම් වීම සිදුවිය යුතු බව අපි දැඩිව
අවධාරණය කරන්නෙමු.
ඡායාරූපයේ දැක්වෙන්නේ
ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ සභාපතිවරයා ජනාධිපති මහින්ද රාජපක්ෂයන් හමු වූ
අවස්ථාවයි.