ක්‍රීඩා පිටිය විවෘත කරමින් පළමු පන්දු පහර නාමල් රාජපක්ෂ මංත්‍රීවරයා විසින් එල්ල කරන්නට යෙදුණ අතර පන්දුව යොමු කළේ,ජපාන තානාපති හොබෝය.මංගල තරගයට ශ්‍රී ලංකා තරුණ පිළට එරෙහිව ක්‍රීඩා කළ කනගාවා උසස් පාසල් ඇකඩමි කණ්ඩායම සමරු තිලිණයක් ප්‍රදානය කරන්නට යෙදුණ අතර එය එම කණ්ඩායම් කළමනාකරු විසින් පාර්ලිමේන්තු මංත්‍රී නාමල් රාජපක්ෂ වෙත ප්‍රදානය කරන්න යෙදිණ.
නාමල් මංත්‍රීවරයා පහර දෙනු බලි සිටින්නේ අමාත්‍ය බන්දුල ගුණවර්ධනය.ජාත්‍යන්තර තරග විනිසුරු සුජීව විජේනායක පසුපසින් වේ |
තරගයේ දී ශ්‍රී ලංකා තරුණ කණ්ඩායම කනගාවා කණ්ඩායම හා සම මට්ටමක නැති බව හැගුණේ පන්දුවට පහර දීමේදීය.ශක්තිය මෙන්ම පිතිකරුවන් ධාවනයේදී දක්වන ලද මන්දගාමීත්වය ද නොවන්නට තවත් බොහෝ දේ වෙනස් වන්නට තිබිණ.ඒ සදහා අතිරේක වශයෙන් ලැබෙන විටමින් පෙත්තකවත් අනුග්‍රහයක් නොලබන ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ඒ වරප්‍රසාද ලබා ගැනීම සදහා අවශ්‍යය මග පෙන්වීමේ කාර්යය කළ සුපිරි ක්‍රීඩා පුවතට පසු මේ වන විට ශ්‍රී ලංකා ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ ලියාපදිංචි වී සිටින බේස්බෝල් ක්‍රීඩකයන් ඒ සමගම ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් ශක්තිවර්ධන සහ කායවර්ධන පහසුකම් ද ලබා ගැනීමෙන් ඉක්බිතිව මෙම පරතරය අඩු කර ගන්නට හැකියාව ලැබෙනු ඇතැයි අප විශ්වාස කරමු.
ආසියාවේ පළමු බේස්බෝල් ක්‍රීඩාංගනයේ විවෘත වීම.වමේ සිට බස්නාහිර පළාත් සභා අමාත්‍යවරුන් වන ගාමිණි තිලකසිරි සහ උපාලි කොඩිකාර,මංත්‍රි නාමල් රජපක්ෂ,අමාත්‍ය බන්දුල ගුණවර්ධන,ජපාන තානාපති නොබිහිටෝ හොබෝ සහ ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ |
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යොමු කිරීමට කටයුතු කළ මධුරංග මෙන්ම නායකත්වය දරමින් කටයුතු කළ ක්‍රිෂ්න හපුආරච්චි ද කැපී පෙනෙන දක්ෂතා දැක් වූවා.
තරගය විනිශ්චය කිරීමට සහභාගි වූයේ ශ්‍රී ලංකාව සතු එකම අන්තර්ජාතික විනිසුරු වන සුජීව විජේනායකයි.ඔහු ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් වෙනුවෙන් සිය ආයතනය හරහා මිලියන 8.5 ක මුදලක් මේ ක්‍රීඩාංගණය සදහා සොයා දීමට මැදිහත් පුද්ගලයාද වූවා.මෙහිදී සංවිධානයේදී වූ යම් යම් දුර්වලතා නිසා සුජීවට යම් අපහසුතා වලට මුහුණ දීමට සිදු වූවා.ඒ මොහොතේ ඔහු සමග සිටීමෙන් ඔහු විදින අපහසුව පසෙකලා ඔහු සම්භන්ධයෙන් වාර්තා වැඩ සටහනකට කරුණු එකතු කර ගන්නට පැමිණි ජපාන රූපවාහිනි මාධ්‍යවේදීන් ඉදිරියේ ලංකාව හෑල්ලු වීම වළකා ගන්නට මේ ලියුම්කරුට හැකි වුණා.
එහෙත් ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් පූර්ව දැණුම් දිමක් නොකර තිබීම ගැන කම්පා වෙමින් රටේ ගෞරවය මෙන්ම එහි ගරු කළ යුතුම පුද්ගලයෙක් බවට සුජීව පිළිගැනීමෙන් කටයුතු කිරීම අගය කළ යුතුයි.
ක්‍රීඩාංගණයට ඇතුළු වීමට ඉහළම නිලධාරීන් කැමැත්ත දුන්නද එය නොරුස්සනා ගතියෙන් හැසිරි එක් නිලධාරියෙක් හැරෙන්න අන් සියළු දෙනාම මා විසින් ඒ පිලිබදව කරුණු පහදා දුන් අවස්ථාවේ එය ඉතා සතුටින් භාර ගැනීම ප්‍රශංසාත්මකයි.වාහනය නැවත්වීමේ දී එය මැති ඇමතිවරුන්ට වෙන් කළ සීමාවක් බැවින් වාහනය ඉවත් කර ගන්නා බව කී විට එම නිලධාරියාට මෙම ක්‍රීඩාංගණය පැමිණෙන දේශපාලකයන්ට එය විවෘත කිරීම සදහා ක්‍රීඩා පිටිය තනන්නට මුල් වූ සහ තරගයේ ප්‍රධාන විනිසුරු සුජීව බව පෙන්වා දුන් විට ඔහු ඉතාමත් නිහතමානීව වාහනය නැවතීමට අවශ්‍යය පසුබිම සකසා දුන්නා.
මේ තත්ත්වය ආරක්ෂක අංශවල අඩු-පාඩු කම් නිසාම පමණක් සිදුවන්නක් නොවන බව කිව යුතු අතර ඉසව් සංවිධානයේදී ඒ අය සිය අවශ්‍යයතා පිලිබදව මීට වඩා ඔවුන්ව දැනුවතත් කර පහසුකම් ලබා ගැනීමට අවධානය යොමු කළ යුතුය.
www.supirikrida.com
No comments:
Post a Comment