ලහිරු තිරිමාන්න,සුරංග ලක්මාල්,නුවන් ප්‍රදීප් මෙන්ම දිනේෂ් චන්දිමාල් ද මෙම තරගයට ක්‍රීඩා කරති.තරගය සිඩ්නි ක්‍රීඩාංගණයේ පැවත්වෙන අතර කාසියේ වාසිය ලැබූ ඕස්ට්‍රේලියාව පළමුව පන්දුවට පහරදීම ශ්‍රී ලංකාවට පවරා ඇත.එහිදී යළිත් අවස්ථාවක් අසාර්ථක වූ දිමුත් කරුනාරත්න ලකුණු 5 ට පිටියෙන් ඉවත් කිරීමට ජැක්සන් බ්ර්ඩ් සමත් වූ අතර මේ වන විට පන්දුවට පහර දෙමින් සිටින්නේ නායක මහේල ජයවර්ධන සහ තිලකරත්න ඩිල්ෂාන් ය.
මෙම තරගය මහේල ජයවර්ධන නායකත්වය ලබා දෙන අවසාන ටෙස්ට් තරගය වන අතර මයික් හසී සිය ටෙස්ට් දිවියේ සහභාගි වන අවසාන ටෙස්ට් තරගය ද මෙය වනු ඇත.ඇතැම් විට තිලකරත්න ඩිල්ෂාන් සහ තිලාන් සමරවීර යන ක්‍රීඩකයන්ද මෙම ටෙස්ට් තරගයෙන් පසුව ටෙස්ට් පිටියේ නොදැකීමට වැඩි ඉඩක් තිබෙන බවට ද තොරතොරු වාර්තා වේ.
තරගයේ සමස්ත ලකුණු විස්තරයට මේ සමග ඇති සබදතාවය ඔස්සේ පිවිසීමේ හැකියාව ඇත.
http://www.espncricinfo.com/australia-v-sri-lanka-2012/engine/current/match/573013.html
www.supirikrida.com
No comments:
Post a Comment