කෙසේ හෝ රණබිම පිටියේ සූදානම් කර තිබූ මහනුවර තරුණ කණ්ඩායම සහ කනගාවා කණ්ඩායම අතර තරගය වර්ෂාවට සේදී ගිය අතර ඔවුන් විසින් පවත්වන්නට යෙදුණු පුහුණු කදවුර පැවත් වූයේද රණබිම පිටිය සහ එම විද්‍යාලීය කායවර්ධන සහ ශක්තිවර්ධන ශාලාව ද ප්‍රයෝජනයට ගනිමින්ය.එම අවස්ථාවට මහනුවර ප්‍රදේශයේ බේස්බෝල් ක්‍රීඩාව පවතින ත්‍රිත්ව,සිල්වෙස්තර්,රණබිම රාජකීය,කිංස්වු2ඩ් සහ ධර්මරාජ විද්‍යාල වලට සම්බන්ධ 75 දෙනෙකු පමණ සහභාගි වූ අතර ඔවුන් අතර බෙදා දුන් ක්‍රීඩා භාණ්ඩ ද ඒ මොහොතේම සියළු දෙනා අතර බෙදා දෙන ලදී.
එසේම ශ්‍රී ලංකා බේස්බෝල් ක්‍රීඩාංගණය යථාර්තයක් කිරීම සදහා ඇප කැප වී ක්‍රියා කළ වත්මන් ශ්‍රී ලංකා ජාතික බේස්බෝල් පුහුණුකරු වටනබේ වෙනුවෙන් සමරු තිළිනයක් ප්‍රදානය කිරීමද එදින සිදු වූ අතර ඡායාරූපයෙන් දැක්වෙන්නේ එම අවස්ථාවයි.
www.supirikrida.com
No comments:
Post a Comment