පළමු පෙළ එක්දින තරගාවලියේ අවසාන තරගයේදි කෞශල්‍යය වීරරත්න එස්එස්සී පිටිය වර්ණවත් කරමින් දියත් කළ ප්‍රහාරත්මක ඉණිමෙන් නොදැවී එක් කර ගන්නා ලද ලකුණු 61 හේතුවෙන් එස්එස්සී ක්‍රීඩා සමාජයට ස්වීය ක්‍රීඩාංගණයේදීම රාගම ක්‍රීඩා සමාජයට කිරුල පිරි නමා දෑත් සෝදා ගන්නට සිදු විය.පන්දු 41 කින් හතරේ පහර 8 ක් සහ හයේ පහර 2 ක් සමග ගලා ආ එම ලකුණු 61 ලබා ගැනීම සදහා කෞශල්‍යය පිටියට පිවිසෙන විට රාගම ක්‍රීඩා සමාජයේ ලකුණු ප්‍රමාණය පන්දු ඕවර් 31.5 දී කඩුලු 5 ට ලකුණු 146 ක් ව තිබිණ.ඒ අනුව යම් විවෘත තත්ත්වයකට පත් ව තිබූ තරගයේ තීරණය වෙනස් කරමින් පන්දුවට පහර දුන් කෞශල්‍යය සමග මෙම තරගාවලිය පුරා කඩුලු රැකීමෙන් මෙන්ම නායකයෙකු ලෙස දකැපී පෙනෙන දක්ෂතා දැක් වූ සමීර සොයිසා රැස් කළ ලකුණු 46 ද රාගම ජයග්‍රහණයට විශාල රුකුලක් විය.
තරගයේ කාසියේ වාසිය දිනූ රාගම නායක සමීර සොයිසා පළමුව පන්දුවට පහර දීමට එස්එස්සී ක්‍රීඩා සමාජයට කළ ආරාධනය අනුව ඔවුන් සිය පන්දු වාර 50 න් 43.2 ක් වැය වෙන විට සියල්ලම දැවී රැස් කළේ ලකුණු 218 ක් පමණි. ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ සිටින ආරම්භක පිතිකරුවන් වන දිමුත් කරුණාරත්න,තරංග පරණවිතාන වරක් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ උප නායකත්වය පවා දැරූ තිළිණ කණ්ඩම්බි සමග කෞශළ්‍යය ලොකුආරච්චි,සචිත්‍ර සේනානායක,කෞශාල් සිල්වා මෙන්ම පවතින තේරුම් කමිටුවේ අසීමාන්තික කරුණාව මත නිරන්තරයෙන් කණ්ඩායමට ප්‍රවේශ වීමට අවස්ථාව හිමි වන දිල්හාර ප්‍රනාන්දු ද එස්එස්සී කණ්ඩායමේ සාමාජිකයන්ව සිටියදී රාගම ක්‍රීඩා සමාජයට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් සිටියේ තිදෙනෙක් පමණි.ඒ මයිකල් වැන්ඩොට්,කෞශල්‍යය වීරරත්න සහ මාලිංග බණ්ඩාර පමණය.
නමුත් එස්එස්සී කණ්ඩායමේ ප්‍රබලතම පිතිකරුවා වූයේ කුමන හේතුවක් නිසා හෝ තේරුම් කමිටුවේ ආශිර්වාදය නොලබන රාජකීයෙකු වී සිටින යොවුන් පිතිකරු භානුක රාජපක්ෂ සහ කෞශල්‍යය වීරරත්න ය.භානුක ලකුණු 51 ක් පන්දු 43 දී රැස් කළේ,හතරේ පහර 4 ක් සහ හයේ පහර 3 ක් සමගය.කෞශල්‍යය ලකුණු 56 පන්දු 63 දී හතරේ පහර 4 ක් සහ හයේ පහර 2 ක් සමග ලබා ගත්තේය.රාගම ක්‍රීඩා සමාජය වෙනුවෙන් පන්දු යැවීමෙන් මාලිංග බණ්ඩාර ලකුණු 33 ට කඩුලු 3 ක් ලබා ගත් අතර මධුර ලක්මාල් ලකුණු 33 ට කඩුලු 2 ක් ලබා ගත්තේය.
එස්එස්සී ක්‍රීඩා සමාජය වෙනුවෙන් පළපුරුදු වේග පන්දු යවන දිල්හාරට සාර්ථක වීමට නොහැකි වූ අතර ඔහු සිය පන්දු ඕවර් 7 තුළ ලකුණු 43 ක් ලබා දුන්නේ කිසිදු කඩුල්ලකට හිමිකම් නොකියමින්ය. ජාතික තේරීම් කමිටුවට අඩුවෙන් දර්ශනය වන සචිත්‍ර සේනානයක ලකුණු 31 ට කඩුලු 2 ක් දවා ගනිමින් එස්එස්සී ක්‍රීඩා සමාජයේ කැපී පෙණුනම පන්දු යවන්නා වූ අතර කෞශල්‍යය ලොකුආරච්චි පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක් වීමට තමා තුළ ඇති හැකියාව පැහැදිළි කරමින් ලකුණු 46 ට කඩුලු 2 ක් දවා ගත්තේය.ඕස්ට්‍රේලියානු වේග තණතිලි වලට උචිත දග පන්දු යවන්නෙක් ලෙස සචිත්‍රව ක්‍රීඩා විචාරකයන් නම් කළ ද ඕස්ට්‍රේලියාවේ බිග්බෑස් සංවිධායකයන්ගේ මිස ශ්‍රී ලංකා තේරිම් කමිටුවේ අවධානය සචිත්‍ර කෙරෙහි යොමු නොවූ අතර ඔහු රාගම ක්‍රීඩා සමාජයට එරෙහිව නව පන්දුවෙන් පන්දු යැවීම අරඹමින් මෙම දස්කම් දැක්වීම කැපී පෙණින.
තරගයේ සමස්ත ලකුණු සටහනට මෙම සබදතාවය ඔස්සේ පිවිසිය හැකිය.