ගාල්ලේදී ඇරඹි බංගලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වන විට කිසිදු අපහසුවකින් තොරව පන්දුවට පහර දෙන ලාංකේය පිතිකරුවන් දිනය නිමා වන විට කඩුලු 3 ක් දැවී ලකුණු 361 ක් ලබා තරගය ජය ගත හැකි ලකුණු ප්‍රමාණයකට සේන්දු වෙමින් සිටිනවා.ඊයේ ශ්‍රී ලංකාව බිහි කළ ලාබාලතම ටෙස්ට් නායකයා වීමේ භාග්‍යය ලබමින් ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දුන් ඇන්ජලෝ මැතිව්ස් සිය ප්‍රථම තරගයේදී කාසියේ වාසිය දිනා ගැනීමේ භාග්‍යයද හිමි කර ගත්තා.
ඊයේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පළමු වරට ටෙස්ට් වර්ණ දිනා ගැනීමට කිත්රුවන් විතානගේ සමත් වූ අතර ශ්‍රී ලංකා කණ්ඩායමට වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස පළමු වරට මෙම තරගාවලියේදී චමින්ද වාස් එක් වන අතර නමුත් ගාලු තරගයට වේග පන්දු යවන්නන් දෙනෛකුගේ පමණක් සහ දග පන්දු යවන්නන් දෙදෙනෙකුගේ සේවය ලබා ගැනීමට තීරණය කර තිබෙනවා.කාසියේ වාසිය ලැබීමෙන් පසු පළමු වරට පන්දුවට පහර දීමට පැමිණි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය අතරින් ලකුණු පූවරුව 46 ක් ව තිබෙන මොහොතේ දිමුත් කරුණාරත්නට සහදාත් හොසේන් ගේ පන්දුවක් සිරුරේ ගැටීම නිසා පිටියෙන් ඉවත් වන්නට සිදු වෙනවා.
තරගයට සහභාගි වීමට අවස්ථාවක් හිමි වේදැයි සැකයට ලක් වී සිටි කුමාර් සංගක්කාර අනතුරුව පිටියට පිවිසෙන අතර ලකුණු පූවරුව 114 ක් ව තිබිය දී ටීඑම් ඩල්ෂාන් ලකුණු 54 ක් ලබා සිටිය දී දැවී යනවා.ඉන් අනතුරුව පිටියට පිවිසෙන දිමුත් ලකුණු 41 රැස් කිරීමට සමත් වෙනවා.තෙවන කඩුල්ලට ලකුණු 124 ක සබදතාවයක් පවත් වන සංගක්කාර (142) සහ ලහිරු තිරිමාන්න (නොදැවී 74) ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 300 සීමාව සදහා පහසුවෙන් කැදවා එන අතර ඊයේ දිනය නිමා වීමට විනාඩි කිහිපයක් තිබියදී ඇද හැළුණු වර්ෂාව තරගයේ නිමාව සටහන් කරන විට තිරිමාන්න සමග නොදැවී ලකුණු 25 ක් ලැබූ ඇන්ජලෝ මැතිව්ස් කඩුල්ලේ රැදී සිටිනවා.
මාතර පුහුණු තරගයේදී මෙන්ම හොදින් පන්දු යැවූ බංගලාදේශ දග පන්දු යවන්නා සොහාබ් ගාසි දැවී ගිය කඩුලු 3 ම හිමි කර ගත් අතර දග පන්දු යවන්නන්ට උචිත ගාලු තණතීරුව ගැන සිතන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ රංගන හේරත්ට සහ අජන්ත මෙණ්ඩිස්ට ද මෙය හොද පණිවිඩයක් වන බවට සැක නැහැ.මේ සියළු තත්ත්වයන් සමග සසදන කළ ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය ජය ගත හැකි මට්ටමට පිවිස සිටින බව සිතිය හැකි අතර වර්සාව බාධා නොකළොත් ඇන්ජලෝ මැතිව්ස් ට තමා නායකත්වය දෙන පළමු ටෙස්ට් තරගය ජයග්‍රහණයකින් නිම කිරීමට වැඩි අවස්ථාවක් තිබෙනවා.
තරගයේ ලකුණු විස්තරයට මෙම සබදතාවය හරහා පිවිසිය හැකියි.
http://www.espncricinfo.com/sri-lanka-v-bangladesh-2013/engine/current/match/602472.html
www.supirikrida.com
Mar 9, 2013
සංගා ගවස්කාර් පසු කරයි
එසේම වැඩිම ටෙස්ට් ලකුණුලාභීන් දස දෙනා අතර සංගක්කාර හොදම සාමාන්‍යය පවත්වා ගෙන යන ක්‍රීඩකයා වන අතර සංගක්කාරගේ ඉණිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 56.28 ක් ලෙස සටහන් වෙනවා.ඊයේ පළමු දස දෙනා අතරට සංගක්කාර පිවිසෙන තෙක් එම ගෞරවය හිමි ව තිබුණේ ලකුණු 56.10 ක සාමාන්‍යයක් හිමි කර ගෙන සිටින දකුණු අප්‍රිකාවේ ජැක් කලිස් වෙතයි.කලිස් මෙම දස දෙනා අතර සිව් වැන්නා වන අතර ඔහු ටෙස්ට් තරග 162 දී ලකුණු 13128 ක් ලබා සිටින අතර වැඩිම ටෙස්ට් ලකුණුලාභියා වන සචින් තෙන්දුල්කාර් ලකුණු 15746 ක් ලබා සිටිනවා.එසේම සංගක්කාර මෙම වැඩිම ලකුණුලාභී පිතිකරුවන් 10 දෙනාට පිවිසෙමින් රැස් කළ ශතකය සමග වැඩිම ටෙස්ට් ශතකලාභී ලාංකේය පිතිකරුවන් අතර මහේල හා සම වෙමින් මුල් තැන දිනා ගන්නවා.
www.supirikrida.com
Mar 8, 2013
සංගා අදත් එළියෙද?
තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය හොදම ටෙස්ට් ජයග්‍රහණ සහිත නායකත්වයක් ශ්‍රී ලංකාවට ලබා දීම සදහා නවක කණ්ඩායමක් මෙහෙයවීමේ වගකීම දරමින් සිය නායකත්වයේ ගමන ඇරඹු අතර එවැනිම කාර්යයක් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස ද තමන්ට දරන්නට වනු ඇතැයි එම වගකීම භාරගත් දවසේ අප වෙබ් අඩවියට ප්‍රකාශ කළා.ඒ අනුව යමින් නව තරුණ හැකියාවන්ගෙන් ශක්තිමත් කණ්ඩායමක් නිර්මාණය කිරීම වෙනුවෙන් සනත් ඇතුළු තේරීම් කමිටුව කටයුතු කළ යුතුව ඇතත් එය වදුරාට දැලි පිහිය ලද සේ භාවිතා කිරීමෙන් වැළකී සිටිය යුතු බව අප විශ්වාස කරනවා.
කෙසේ හෝ අද ටෙස්ට් තරගයට දග පන්දු යවන්නන් දෙදෙනෙකු යොදවා ගනු ඇතැයි විශ්වාස කළ හැකියි.සංගගේ ස්ථානය මෙන්ම වේග පන්දු යවන්න් තිදෙනෙකුද දෙදෙනෙකුද යන කාරණය ද පදනම් කරගෙන අද බොහෝ විට කුසල් ජනිත් පෙරේරාට හෝ කිත්රුවන් පෙරේරාට හෝ එම දෙදෙනාටමද කණ්ඩායමේ ස්ථානයක් හිමි වීමට අවස්ථාව තිබෙන බව ක්‍රිකට් ආරංචි මාර්ග පෙන්වා දෙනවා.
www.supirikrida.com
අන්තර් පාසල් මේස පන්දු සූරතා මලියදේව බාලිකාව සහ විද්‍යාර්ථය දිනා ගනිති
මෙවර අන්තර් පාසල් මේස පන්දු තරගාවලියේ ඒ කොටසේ සූරතාවය දිනා ගන්නට කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය සමත් වූ අතර බාලක සූරතාවය දිනා ගත්තේ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය යි.අම්බලන්ගොඩ මේස පන්දු ආධිපත්‍යයට අභියෝග කරමින් මෙවර බාලිකා සහ බාලක සූරතා ද්විත්වයම අම්බලන්ගොඩින් පිටතට ඇදී යාම ලාංකේය මේස පන්දු පිටියේ තරගකාරී ගුණය වැඩි වීමේ සාධණිය ලක්ෂනයක් ලෙස දැකිය හැකි අතර එය අනාගතය පිළිබදව පැහැබර බලාපොරොත්තුවක් ඇති කරවන සුළුයි.
මේ අතර අවුරුදු 19 න් පහළ බී,සී,ඩී සහ ඊ කොටස් වල සූරතා පිළිවෙලින් අම්බලන්ගොඩ ප්‍රජාපතී බාලිකා විද්‍යාලය,කළුතර ශුද්ධ වූ පව්ලේ කන්‍යාරාමය,කළුතර රතු කුරුස බාලිකාව සහ මහනුවර හිල්වුඩ් විද්‍යාල විසින් දිනා ගනු ලැබුවා.අවුරුදු 14 න් පහළ බාලිකා ඒ කොටසේ සූරතාවය අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය විසින් දිනා ගනිද්දී බී කොටසේ සූරතාවය මහනුවර මහමායා බාලිකා විද්‍යාලය විසින් දිනා ගත්තා.සී කොටසේ සූරතාවය නුගේගොඩ අනුලා විද්‍යාලයට හිමි වෙද්දී ඩී කොටසේ සූරතාවය කොළඹ කාන්තා විද්‍යාලය විසින් දිනා ගනු ලැබුවා.ඊ කොටසේ සූරියන් වූයේ මහනුවර ශාන්ත අන්තෝනි බාලිකාවයි.එෆ් කොටසේ සූරතාවය මහනුවර හිල්වුඩ් විද්‍යාලයට හිමි වූ අතර ජී කොටසේ සූරතාවය දිනා ගත්තේ මාතර ශාන්ත මරියා කන්‍යාරාමය යි.
අවුරුදු 19 න් පහළ බී කොටසේ සූරතාවය කුරුණෑගල මලියදේව විද්‍යාලය විසින් දිනා ගත් අතර සී කොටසේ සූරතාවය කොළම රාජකීය විද්‍යාලයට හිමි වුණා.ඩී කොටසේ සුරයන් ලෙස තෝලංගමුව ඩඩ්ලි සේනානයක විද්‍යාලය තේරී පත් වෙද්දී ඊ කොටසේ සූරතාවය හිමි වූයේ කොළම ශාන්තා පීතර විද්‍යාලයට යි.අවුරුදු 14 න් පහළ බාලක අංශයේ ඒ,බී සහ සි කොටස් වල සූරතා පිළිවෙලින් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය,කුරුණාගල මලියදේව බාලිකා විද්‍යාලය සහ කෑගල්ල මහ විද්‍යාලය විසින් දිනා ගත්තා.එම වයස් සීමාවේ ඩී කොටසේ සූරතාවය පානදුර සුමංගල විද්‍යාලය විසින් දිනා ගනිද්දී,ඊ කොටසේ සූරතාවය දිනා ගැනීමට ගම්පොළ ගගසිරිපුර විද්‍යාලය දිනා සමත් වෙද්දී එෆ් කොටසේ සූරතාවය දිනා ගැනීමට තෝලංගමුව ඩඩ්ලි සේනානායක විද්‍යාලයට හැකි වුණා.ජී කොටසේ සූරතාවය වරාපිටිය කණිෂ්ඨ විද්‍යාලයත් එච් කොටසේ සූරතාවය ලයිසියම් ජාත්‍යන්තර පාසලත් දිනා ගැනීමට සමත් වුණා.
www.supirikrida.com
Mar 5, 2013
ගාසිගෙන් තුන් ඉරියව් දස්කම්
පන්දුවෙන් කැපී පෙනෙන දස්කම් දක්වමින් කඩුලු පහක් දවා ගත් ෂොහාග් ගාසි අංක නවය පිතිකරුවා ලෙස පිටියට පැමිණ පන්දු 52 දී ලකුණු 82 ක් රැස් කැමින් මෙම තරගයේදී හොදම තුන් ඉරියව් දස්කම ප්‍රදර්ශනය කළේය.බංගලාදේශ ප්‍රහාරාත්මක පිතිකරුවන්ට වඩා වෙනස් කලපනා කාරී හොද ඉණිමක් ක්‍රීඩා කළ මොහොමඩ් අශ්රාපුල් ලකුණු 102 ක් රැස් කළේ පන්දු 151 දී ය.අශ්රාෆුල් සමග මොයිමුල් හක් තෙවන කඩුල්ලට එක් කළ ලකුණු 178 බංගලාදේශ ඉණිමේ කොදු නාරටිය වූ අතර මොයිමුල් හක් ඉතා අවාසනාවන්ත ලෙස ලකුණු 99ට දැවී ගියේය.බංගලාදේශ ඉණිමේ වාර්තා වූ අර්ධ ශතක ප්‍රමාණය 4 ක් වූ අතර මොයිමුල්ට සහ ගාසි ට අමතරව මොහොමදුල්ලා (56) සහ මුස්පිකර් රහීම් (81) ද අර්ධ ශතකලාභීන් වූහ.පන්දු යැවීමේදී ලහිරු ලමගේ ලකුණු 59 ට කඩුලු 2 ක් දවා ගත් අතර අශේන් සිල්වා ලකුණ 7 ක් තුළ කඩුලු 3 ට වගකීමට සමත් විය.
තරගයේ ලකුණු විස්තරය වෙත පහත සබදතාවයන්ගෙන් පිවිසීමට හැකියාව ඇත.
http://www.espncricinfo.com/sri-lanka-v-bangladesh-2013/engine/current/match/602471.html
www.supirikrida.com
තිලාන් යයි!
2011 දී ශ්‍රී ලංකාව සීමිත ඕවර් තරගාවලියේ ලෝක අනු සූරයන් වද්දී, තිලාන් එහි සාමාජිකයෙකු වන්නට වාසනාව ලද අතර තිලාන් ගේ ක්‍රිකට් ජීවිතය තුළ ඔහු ට සුදුසු අවස්ථාවන් අහිමි වීම මෙන්ම ඇතැම් විට නුසුදුසු තත්ත්වයන් ලබා දීමද සිදු විය.ඔහුට හිමි තැන ලබා දීමට නිරන්තරයෙන් මාධ්‍ය සටන් කළ අතර එසේම ඇතැම් අවස්ථාවල දී ඔහු ට නුසුදුසු ස්ථාන හිමි වීමේදී මාධ්‍යවල විවේචනයන්ට ද බදුන් විය.
දග පන්දු යවන්නෙක් ලෙස ද කැපී පෙණුනු තිලාන් පාසල් ක්‍රීඩකයෙකුව සිටියදී ශ්‍රී ලංකා පාසල් කණ්ඩායමට නායකත්වය දෙද්දී,මහේල ජයවර්ධන එහි උප නායකයා විය.අවස්ථා ගණනාවකදීම දක්ෂතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයාව සම්මාන ලබන්නට තරම් ඔහුගේ පාසල් ක්‍රිකට් ජීවිතය විශිස්ඨ එකක් වූ අතර එවකට ඔහු වඩාත් කැපී පෙණුනු දග පන්දු යවන්නාගේ භූමිකාව මුත්තයියා මුරලිදරන්ගේ අසම සම හැකියාවන් ඉදිරියේ තිලාන් ට ශ්‍රී ලංකා කණ්ඩායමට එන්නට තිබූ අවස්ථාවන් අහිමි කළේය.
තිලාන් ගේ සෙහොයුරා වූ දුලිප් සමරවීර ද කලක් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙස කටයුතු කළ අතර ඒ අනුව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ රණතුංග,කළුපෙරුම,වෙත්තමුණි යන පවුල් නාම අතරට සමරවීර නම ද එකතු කිරීමට තිලාන්ට සහ දුලිප්ට හැකිවිය.
මාලිංගගේ පන්ෂන් කතාව ගැන ක්‍රිකට් පරිපාලනය ඇක්ෂන් ගන්න සූදානම් වෙයි
මින් පෙර ද ලසිත් මාලිංග එක්දින සහ 20 - 20 තරග වලට සහභාගි වෙමින් අනෙක් ක්‍රීඩකයන්ට වඩා වැඩි මුදලක් ඉල්ලමින් බලපෑම් කළ අතර නමුත් ක්‍රිකට් ආයතනය එය ලබා දීමට එකග වූයේ නැත.
ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියා ලෙස ශ්‍රී ලංකාවට පළමු වරට ලෝක කුසලාන ජයක් ගෙන දීමට නායකත්වය දෙමින් ක්‍රීඩකයන්ට සුපිරි ආර්ථික පසුබිමක් ඇති කිරීමෙහි ලා මුල් වී ක්‍රියා කළ අර්ජුන රණතුංග කටයුතු කරන සමයේද ලසිත් මාලිංගගේ හැසිරීම පිළිබදව විවිධ චෝදනා එල්ල විය.එහිදී බොහෝ මාධය ලසිත් මාලිංගගේ හඩට ඉඩ දෙමින් ඔහුගේ පාර්ශවයෙන් කරුණු පවසන්නට ඉඩ ලබා දෙමින් ක්‍රියා කළ අතර එම මාධ්‍ය වෙත මාලිංග මෙවැනි ප්‍රතිචාරයක් දැක්වීම දෛවෝපගත සිදුවීමකි.
www.supirikrida.com
සෝහ්ර්, පියාඹන ගැහැණියගේ එක් වාර්තාවක් ඩැහැ ගනියි
![Jenn Suhr next to the scoreboard after breaking the World indoor Pole Vault record with 5.02m (Kirby Lee)](https://iaafmedia.s3.amazonaws.com/media/LargeL/dd5552a4-de6f-44a2-bd2f-f34c7846b8d5.jpg)
කාන්තා රිටි පැනීමේ ඉසව්වේ අලුත්ම තරුව බවට පත් වෙමින් ඉකුත් ඔලිම්පික් රන් පදක්කමට හිමි කම් කී ජේන් සෝහෝර් ඇය නමට ලියැවුණු පළමු ලෝක වාර්තාවට හිමිකම් කියන්නට සමත් වුණා.ඒ ඇමෙරිකානු ගෘහස්ථ මලල ක්‍රීඩා සූරතාවලියේදී මීටර් 5.02 ක දක්ෂතාවයක් දක්වමින්.ඒ අනුව කාන්තා ගෘහස්ථ රිටි පැනීමේ ලෝක වාර්තාව ලොව බිහි වූ ස්පිරිතම රිටි පනින්නිය ලෙස සැළකෙන පියෘඹන ගැහැණිය ලෙසින් විරුදාවලි ලත් යෙලීනා ඉසින්බයේවාට අහිමි වන අතර සෝහෝර් ඇමෙරිකානු රිටි පැනීමේ වාර්තා නවයකටද හිමිකම් කියනවා.
වාර්තාව පිහිටුවීමෙන් පසුව ඇය විවෘත රිටි පැනීමේ වාර්තාවද ඉදිරියේදී සිය නමට ලියා ගැනීමේ අපේක්ෂාවෙන් පසුවන බව ප්‍රකාශ කළ අතර යෙලීනාට අභියෝග කළ හැකි අයෙක් යළි බිහි වේ යැයි සිතීම අපහසු බවට මලල ක්‍රීඩා ලෝකය තුළ මතු වූ වාර්තා බොරු කිරීමට බොහෝ විට සෝහෝර් හෙට දිනයේ සමත් වනු ඇතැයි මෙම ගෘහස්ථ ලෝක වාර්තාව හරහා ලෝකයට කියා පෑවාය.
www.supirikrida.com
කිත්රුවන්ගෙන් රුවන්මය ඉණිමක්
බංගලාදේශ පන්දු යවන්නන් අතරින් ෂොහාග් ගාසි ලකුණු 104 ට කඩුලු 5 ක් දවා ගනිමින් කැපී පෙනෙන දස්කම් දැක්වීය.මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ පැවත්වෙන මෙම තෙදින තරගයේ අවසාන දිනය අද වන අතර තරගයේ සමස්ත ලකුණු විස්තරයට පහත සබදතාවය මගින් පිවිසීමට හැකියාව ඇත.http://www.espncricinfo.com/sri-lanka-v-bangladesh-2013/engine/current/match/602471.html
www.supirikrida.com
Mar 4, 2013
සනත් ඉදිරියේ ක්‍රීඩකයෝ පාදයක් පසු පසට ගනිති
මෑතකදී සිය ක්‍රිකට් ජීවිතය අවසන් කිරීමට නියමිත කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කිහිප දෙනෙකු මෙම ඉල්ලීම සදහා කණ්ඩායමම පොළඹවා ඇති බව වාර්තා වන අතර එම ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගේම කළමණාකරු ලෙස කටයුතු කරන පුද්ගලයෙක්ද මේ පසුපස එම ඉල්ලීම් වෙනුවෙන් ක්‍රීඩකයන් පෙළ ගැස්වීමට උදව් දී ඇත.
www.supirikrida.com
Mar 3, 2013
කොරියානු බේස්බෝල් අධිරාජ්‍යයට ලන්දේසි ප්‍රහාරයක්
www.supirikrida.com
ක්‍රිකටර්ස්ලාගේ බවුන්සර් වලට ඇමතිගෙන් හුක් පහරවල්
රටේ ක්‍රිකට් සදහා අතිශයින් විශාල මුදලක් උපයමින් ක්‍රීඩකයන් කිහිප දෙනෙකු සහ ක්‍රීඩක කළමණාකාරවරයෙකු කරගෙන යන කූඨ ව්‍යාපාරය පිළිබදව මීට පෙර අවස්ථා කිහිපයකදීම ජනමාධය මගින් මෙන්ම අර්ජුන රණතුංග වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් විසින් ද පෙන්වා දුන්නද ක්‍රිකට් පරිපාලනය හෝ ක්‍රීඩා අමාත්‍යංශය ඒ පිළිබදව අවධානය යොමු කළ බවක් නොපෙණින.මේ අවස්ථාවේ හෝ ඒ පිළිබදව අවධානය යොමු කිරීම රටේ ක්‍රීඩාව වෙනුවෙන් ගත යුතු ක්‍රියා මාර්ගයක් බැවින් ක්‍රීඩා අමාත්‍යවරයා කිසිදු බලපෑමකට යටත් නොවි එම තීරණයේ රැදී සිටීම රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ යහපත පිණිස වනු ඇතැයි අප විශ්වාස කරමු.
ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකු සිය වරප්‍රසාද දිනා ගැනීම පිණිස ජාතික කණ්ඩායම අපහසුවට පත් කළ ද රටේ ක්‍රීඩා සමාජ මට්ටමෙන් ක්‍රීඩකයන්ට කරනු ලබන ගෙවීම් වල තත්ත්වය බිද වැටී සිටියදී තමන් සතු කීර්තිය හෝ බලය ඒ වෙනුවෙන් වැය කිරීමට නොපෙළඹෙන මේ ක්‍රීඩකයන් සිය පෞද්ගලික අවශ්‍යයතා වෙනුවෙන් මෙවැනි තීරණ වලට එලැඹීම තමන් වෙනුවෙන් ප්‍රවේශපත්‍ර සදහා අසීරුවෙන් මුදල් වැය කරන සහ තරග නැරඹීමට ගොස් තමන්ගේ විදුලි බිල වැඩි කර ගන්නා අසරණම ක්‍රිකට් ලෝලියාට ද නිගරු කිරීමක් බව අපේ අදහසය.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ලැබෙන ගිවිසුම් මුදලෙන් 25% ක් ලබා ගැනීම,සිය නෝනාවරුන්ට ලැබෙන සංචාර වරප්‍රසාදය රැකගැනීම මෙන්ම මෙම ජාතික සංචිතය ලෙස ගෙවීම් ලබන 23 දෙනාගේ කණ්ඩායම මේ දක්වා කොටස් හයකට බෙදා දක්වා තිබුණත් එය හතර දක්වා අඩු කිරීම නවතා ගැනීමත් මෙම ගිවිසුම් අත්සන් කිරීම ප්‍රතික්ෂේප කිරීම සදහා බලපාන හේතු අතර වේ.
මෙවැනි අත්සන් කිරීමක් ප්‍රතික්ෂේප කරමින් රටේ ක්‍රීඩාවේ පැවත්ම තහවුරු කිරීම පිණිස කළ යුතු ඉල්ලීම් ලෙස ක්‍රිඩා සමාජ මට්ටමේ තරගවල ක්‍රීඩක ගෙවීම් වැඩි කිරීම,ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ගිවිසුම් මුදලින් 25% ගෙන එය ප්‍රාදේශීය ක්‍රිකට් යටිතල පහසුකම් දියුණු කිරීමට යොදා ගැනීම ආදිය ප්‍රකාශ කිරීමට මේ ක්‍රීඩකයන්ට ජාතික හැගීමක් නොතිබීම පිළිබදව අප කණගාටු වන අතර හතරේ සීමාවෙන් පිටත සිටින පිරිස් ද ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රගමනය සදහා වැදගත් බව නොසිතීම කණගාටුදායක තත්ත්වයකි.
www.supirikrida.com
ගෝලයන්ට වැරැද්දූ අයට තටු දෙන්න දගලන බේස්බෝල් ගුරෙක්
මේ ප්‍රධානියා යටතේ පුහුණුව ලබා ජාතික තලයට පිවිසි බේස්බෝල් ගෝලයන් දෙදෙනෙකු එම ක්‍රීඩාවේ විනිසුරු සංගමයේ ප්‍රධානින් බවට පත් වෙනවා.නමුත් මේ ප්‍රධානින් පරිපාලනයේ අතකොළු පිනවන්න සූදානම් නොමැති විට සිදු වන්නේ සංගමය විසුරුවා හැරීම.ඒ විසුරුවා හැරීමේ පරමාර්ථය මොනවට පැහැදිළි කරමින් මෙම පරිපාලනය සංචාරයෙන් සංචාරයට තනතුර මාරු කරමින් එම සංචාර වලට එක් කරන හිතවතෙක්ට ජපානයේ පැවත්වෙන විනිසුරු පුහුණුවක් ලබා දෙනවා.ඒ පුහුණුවට පෙර ජපාන කනගාවා කණ්ඩායම ශ්‍රී ලංකාවට සැපත් වූ විට එම තරගයක සහය විනිසුරු ලෙස කටයුතු කරද්දි,මේ ජපාන සංචාරයට යන පුද්ගලයා තරගය විනිශ්චය කරන අතරතුර ප්‍රාථමික ශ්‍රේණියක දරුවෙක්ගෙන්වත් බලාපොරොත්තු වෙන්න බැරි ක්‍රියාවක යෙදෙනවා.ඒ සිය ජංගම දුරකතනය භාවිතා කිරීමයි.
මේ නිසා එම තරගය විනිශ්චයේ යෙදෙමින් සිටි ශ්‍රී ලංකාවේ එකම ජාත්‍යන්තර බේස්බෝල් විනිසුරුවරයා වන සුජීව විජේනායක තරගය අතරමග නවතා දමනවා.සුජීව එතෙකින් නොනැවතී තරගය අතරතුර ජංගම දුරකතනයක් භාවිතා කිරීමේ වරදවත් සිතා ගත නොහැකි ප්‍රායෝගික නැති පුද්ගලයෙක් විනිසුරු කටයුතු වලට යෙදීම ගැන කම්පා වී ඒ පිළිබදව ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරියට පවා වාර්තා කරනවා.ක්‍රීඩා අමාත්‍යවරයා පවා මේ පිළිබදව විවේචනය කළත් පරිපාලනය සිය හිතවතාව ජපන් සංචාරයට එක් කිරීමට අවශ්‍යය කටයුතු සකස් කර ගන්නේ විනිසුරු සංගමයක් නොතිබීමේ අවස්ථාව සිය අවශ්‍යයතාවය තහවුරු කර ගන්නට යොදා ගනිමින්.
මේ ආකාරයට සිය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් දෙදෙනෙක් දැරූ ජාතික වගකීම් වලින් නෙරපා හැරීමෙන් නොනැවතී,එම අවස්ථාව ජාතික වගකීම් උල්ලංඝනය වන ආකාරයෙන් භාවිතා කළ පරිපාලනයකට සහය දෙමින් පරිපාලනයේ පහළ තනතුරු කිහිපයකට තරග වැදීමට ගෙන ඇති තීරණය මෙන්ම අසාධාරණයට ලක් වූ දෙදෙනා පරිපාලනයට එරෙහිව යමින් ප්‍රධාන තනතුරු දෙකකට තරග වැදීම හේතු කර ඔවුන් පීඩාවට පත් කිරීම හෙළා දකින බවද එම විද්‍යාලයට සම්බන්ධ කීර්තිමත් ආදි ශිෂ්‍යයන් කිහිප දෙනා පවසා සිටියා.
'පාසලට සම්බන්ධ අයෙක් අසාධාරණයට ලක් වූ විට ඊට එරෙහිව එකතු වීම අපේ සම්ප්‍රදායක්.මෙතනදි ඒක බිදල දාලා තියෙනවා.අපි මේ ගැන අපේ විද්‍යාලයෙන් නිර්මාණය වූ මේ වෙලාවේ මේ රටේ සිටින ප්‍රධානතම පුද්ගලයාව පවා දැනුවත් කරනවා යනුවෙන් එම පිරිස සුපිරික්‍රීඩා වෙත අදහස් දක්වමින් කියා සිටියා.
www.supirikrida.com
Subscribe to:
Posts (Atom)