මුල් කඩුලු 2 ලකුණු 49 ට බිද වැටීමෙන් ඉක්බිතිව පිටියේ එකතු වූ කුමාර සංගක්කාර සහ ලහිරු තිරිමාන්න වගකීමෙන් යුතුව ක්‍රියා කරමින් ක්රමික ආක්‍රමණයකින් ඉන්දියාව වෙත පීඩනය මුදා හරින්නට විය.තෙවන කඩුල්ලේ සබදතාවය පීඩනය ආරෝහණ ක්‍රමයට වැඩුණු ලකුණු 122 ක් විය.ලකුණු පූවරුව 171 දී තිරිමාන්න පිටියෙන් ඉවත් වීමත් සමග අවසාන කඩුලු අටම ලකුණු 30 ක දී අහිමි විය.තිරිමාන්නගේ දැවී යාමත් සමග වගකීම් විරහිත ප්රහාරයක නිරත වූ සෙසු ලාංකේය පිතිකරුවෝ සිය කඩුලු පූජා කළ ආකාරය කුඩා දරුව්න්ගේ පිති හරඹයකට සමාන විය.
පන්දු යවන්නන්ගේ තණතීරුවක සචිත්ර සේනානියක වෙනුවට කුසල් ජනිත් වැනි රිද්මයට නොපැමිණි පිතකරුවෙකු සම්බන්ධයෙන් වැඩි විශ්වාසයක් තැබීම නිසා ශ්‍රී ලංකා ඉණිමේ පන්දු යැවිමේදී සෙසු පන්දු යවන්නන්ට වඩා අසාර්ථක වූ ලසිත් මාලිංග වෙනුවට යෙදවීමට පන්දු යවන්නෙක් ශ්‍රී ලංකා නායකයාට නොවුණු අතර ඉන්දීය පිතිකරුවන් වෙත පීඩනයක් දෙමින් තරගයේ අවසාන භාගයේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් ක්‍රියාත්මක වුව ද,නායක මහේන්ද්‍ර සිං දෝනි ශ්‍රී ලංකා නායකයා ඇතුළු සමස්ත ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරුවන්ට සහ පසු පෙළ පිතිකරුවන්ට ආදර්ශයක් දෙමින් අනගි ඉණිමක නියැලෙමින් නොදැවී ලකුණු 45 ක් ලබමින් තරගයේ වීරයා බවට පත් වෙමින් තුන් කොන් කුසලානය ද ඉන්දියාවට ලබා ගැනීමට හැකි විය.
දෝනි මෙන්ම ඉණිම කඩා වැටීම නවතමින් අපූරු ඉණිමක් ක්‍රීඩා කළ රෝහිත් ෂර්මා ද ලකුණු 58 ක් ලැබීය.ශ්‍රී ලංකා පිතිකරුවන් මෙන්ම ඉන්දීය පසු පෙළ ද අසාර්ථක වූ නමුත් ඔවුන් කඩුලු රැක ගනිමින් සිය නායකයාට වැඩි අවස්ථාවක් පන්දුවට පහර දීමට හැකි වන සේ කඩුල්ල රැක ගැනීම ප්‍රශංසනීය කරුණක් විය.ඒ නිසා තරගයේ අවසාන පන්දු ඕවරයේ සිව්වන පන්දුවේදී තුන්කොන් කුසලානය ඉන්දියාවට හිමි කර දෙන ලකුණ දෝනි ගේ පත්තෙන් ගලා ආ අතර මෙම තරගවෙලියේ පළමු තරග දෙකේදී අසාර්ථක වූ ඉන්දියාව ලෝක සූරයන්ගේ කීර්තිය රැක ගනිමින් තුන් කොන් කුසලානය ද ඉන්දියාවට රැගෙන යන්නට සමත් විය.
තරගාවලියේ වීරයා ලෙස බුවනේෂ්වර් කුමාර් සම්මානයට පාත්‍ර වූ අතර පහත දැක්වෙන්නේ තරගයේ ලකුණු විස්තරයට ප්‍රවේහ විමට ඇති මාර්ගය ය.
www.supirikrida.com