ශ්‍රී ලංකා කාන්තා පාපන්දු ක්‍රීඩාව අන්තර් ජාතික පාපන්දු ක්‍රීඩා පිටියේ ප්‍රථම ජයග්‍රහණය වාර්තා කළ මෙවර දකුණු ආසියානු කාන්තා තරගාවලියේදීම සිය දෙවන අන්තර් ජාතික ජය ද වාර්තා කරමින් තරගාවලියේ අවසාන පූර්ව තරගයට පිවිසෙන්නට මාවත උදා කර ගත්තේය.තරගාවලියේ දක්වා තිබූ දක්ෂතා අනුව දෙපිළම යම් සම මට්ටමක සිටින බව දකින්නට තිබුණු අතර දෙපිළේම ආරක්ෂක පෙළ පළමු අර්ධයේදී සිය ගෝල සීමාව රැක ගනිමින් පළමු අර්ධයේ ලකුණු තත්ත්වය 0 - 0 ලෙස අවසන් කළේය.
![13](https://lh3.googleusercontent.com/blogger_img_proxy/AEn0k_sKd_wZtgoQyG6G02A07fCZGSv3EPw5CB39ErGfBURPyEo_CvtRSjSSLEOL3fZT4Ka3kARs0Mb2CeiWMuQcWYtqseXZLc1SxYsu_nhoF3RP9Cn9zeIzQpl41QohrtbNu3ssK-SVI1Ci9ame5wgP5fh6Ia-XPuYUkV-DoA=s0-d) |
අචලා |
![8](https://lh3.googleusercontent.com/blogger_img_proxy/AEn0k_u9y5D-ABi9kwieAjV8oa2j0MmgbMkbsI5ZMxAjspzueiuhHJru3BHrM7ZGygExfdZCBddXGoqbtrWeamWsqrI5Ow_v0mHvkRoZKmK0iaj7OTeUP7lZ5NEgPRbvHl2vV8S3EQToXUK2WgWdTDlyZqIOnNex-p8isb7vVg=s0-d) |
හසාරා |
දෙවන අර්ධයේ 75 වන විනාඩියේදී තරගයේ පළමු ගෝලය බංගලාදේශයේ චින් මර්මා විසින් ලබා ගැනීමත් සමග බංගලාදේශය අවසාන පූර්ව වටයට පිවිසීමට අවශ්‍යය මාවත සකස් කර ගත් බව තහවුරු කරන ක්‍රීඩා රටාවක නියැලිනි.ශ්‍රී ලංකා තරුණ ක්‍රීඩිකාවන් නමුත් තරගයේ අවසානය පෙනී පෙනී බංගලාදේශය සිටින ජයග්‍රාහී තත්ත්වයෙන් නොසැලුණු අතර ඔවුන් සිය ප්‍රථම ගෝලය වාර්තා කළේ 83 වන මිනිත්තුවේදී ය.ගම්පහ ගෝතමී කණිෂ්ඨ විද්‍යාලයෙන්පැමිණි වර්ථමානයේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරන 21 හැවිරිදි හසාරා දිල්රංගි එම ගෝලය වාර්තා කළේය.එම ගෝලය ලබා විනාඩි තුනක් ගතවෙන තැන ශ්‍රී ලංකාවට අවසාන පූර්ව වටයේ ද්වාරය විවර කර දෙන ගෝලය හිමි වූ අතර එය වාර්තා වූයේ 21 හැවිරිදි අචලා චිත්‍රානි වෙතින් ය.බූස්ස මේධංකර විද්‍යාලයෙන් පිවිසි ඇය වර්ථමානයේ ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම නියෝජනය කරන්නීය.
ජගත් ශ්‍රේණිගත කිරීම් හා සංසන්දනය කරද්දී ශ්‍රී ලංකාව වෙතින් පරාජය ලැබූ බංගලාදේශය දකුණු ආසියාවේ දෙවන තැන සිටින අතර ඔවුන්ට ජගත් ශ්‍රේණිගත කිරීම් වල හිමි වන්නේ 115 වන ස්ථානය ය.දකුණු ආසියාවේ ඉදිරියෙන්ම සිටින ඉන්දියාව 52 වන තැන රැදෙන අතර මාල දිවයින සිටින්නේ 116 වන ස්ථානයේය.දකුණු ආසියාව කාන්තා පාපන්දුවට දක්වන අඩු සැළකිල්ල පැහැදිළි කරමින් අන් සියළු කණ්ඩායම් 128 වන ස්ථානයේ රදවා ඇත.මේ තත්ත්වය ශ්‍රී ලංකාව තේරුම් ගත යුතු අතර බෝඩ් කෑල්ලකට සීමා නොවිය යුතු තත්ත්වයකට ශ්‍රි ලංකා කාන්තා පාපන්දු ක්‍රීඩාව රැගෙන යාමේ අවස්ථාව මේ තරුණ ක්‍රීඩිකාවන් වෙතින් උදා කර ගැනීමට සැළසුම් සහගත ආරම්භයක් ලබා ගත යුතුය.
ලෝකයේ පාපන්දු ක්‍රීඩාව ගත් විට ජපානය ලෝක සූරියෝ මෙන්ම ඔලිම්පික් අනු සූරීයෝද වන අතර ජගත් ශ්‍රේණිගත කිරීම්වල මුල් කණ්ඩායම් 30 විමසද්දී උතුරු කොරියාව (11),දකුණු කොරියාව (15),චිනය (19),තායිලන්තය (30) සිටින අතර 31 වන ස්ථානයේ පසු වන්නේද වියට්නාමය යි.
මේ තත්ත්වයෙන් පැහැදිළි වන්නේ ආසියාවේ කාන්තා පාපන්දු ක්‍රීඩාව යම් පෝෂණීය තත්ත්වයක තිබෙන බව වන අතර ආසියානු පාපන්දුවේ ප්‍රබලයෙකු වන මනිලාල් ප්‍රනාන්දු වැනි චරිතයකට මේ තත්ත්වය ලාකේය කාන්තා පාපන්දු ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් භාවිතා කිරීමේ හැකියාව ඇත.
නමුත් හෙට අවසාන පූර්ව තරගයේදි හමුවන නේපාල කණ්ඩායම ප්‍රබල කණ්ඩායමක් වන අතර නේපාලයේ කාන්තා පාපන්දු ක්‍රීඩාව තරමක් ඉහළින් ක්‍රියාත්මක වන අතර මේ වන විටත් තරගාවලියේ තරග දෙකකදී ගෝල 7 ක් ලබා සිටින නේපාල නායිකා ජමුනා ගුරාන්ග් එරට වසරේ ක්‍රීඩිකාව වීම උදාහරණයකට ගත හැකි අතර ඒ අනුව ශ්‍රී ලංකාවට මෙම තරගය පරාජය වුව ද ජයග්‍රාහී අනාගතයකට පදනමක් කර ගනිමින් නේපාලයට හොද තරගයක් දීම වැදගත් වනු ඇත.
බොහෝ දුරට අලුත් වූ ක්‍රීඩිකා සංයුතියක් සමග තරග බිමට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම අනාගතය වෙනුවෙන් සැකසි කණ්ඩායමක් ලෙස මෙම තරගාවලිය තුළ ශ්‍රී ලංකාවේ කාන්තා පාපන්දු ක්‍රීඩාව ගැන විශාල බලාපොරොත්තු ඇති කළේය.භූතානයට එරෙහිව ගෝල 4 - 0 ක් ලෙස සිය ප්‍රථම ජයග්‍රහණය වාර්තා කළ ශ්‍රී ලංකාව,ඉන්දියාව වෙතින් 5 - 0 ක පරාජයක් ලැබුව ද,එම පරාජය ඉතිහාසයට සාපේක්ෂව පරාජයේ වර්ගපලය කුඩා කර ගැනීමක් විය.ඒ අනුව බලන විට මහින්ද ගලගෙදර ගේ පුහුණුකාරීත්වය යටතේ ක්‍රීඩා කරන ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම මේ වන විටත් ඉතිහාසයට සාපේක්ෂව ගත් කළ විශාල ජයක් ලබා සිටින අතර මෙම කණ්ඩායමේ කළමණාකාරිය ලෙස කටයුතු කරන්නේ කොළඹ 9 අනුරුද්ධ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිණිය සුධර්මා ජයවර්ධනයි.සහය පුහුණුකාරිනියන් ලෙස ශානිකා රාජපක්ෂ සහ මේනකා දිසානායක කටයුතු කරන අතර එම්ඒ බාසිත් කණ්ඩායමේ භෞත චිකිත්සක ලෙස ක්‍රියා කරයි.
තරගාවලිය සාර්ථක කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ අතදීම මත ශ්‍රී ලංකාවේ සිටින ප්‍රවීන ක්‍රීඩා පරිපාලිකාවක ලෙස ප්‍රකට ඔලිවියා ගමගේ විසින් දැරූ වෙහෙස ද හැදින්විය හැක්කේ ශ්‍රී ලංකාව ලැබූ ජයක් හැටියට ය.
www.supirikrida.com