තිරිමාන්න |
තිරිමාන්නට අමතරව ලකුණු අතරට පිවිසෙමින් නායක මහේල ජයවර්ධන ලකුණු 72 ක් ලබා ගත් අතර එය අතිශයින් අලංකාර වූ සිත් ගන්නා සුළු ඉණිමක් විය.කලෙකට පසුව විදේශ ටෙස්ට් තරගයකදී අර්ධ ශතකයක් ලැබූ මහේල නායකත්වය දරන අවසාන ටෙස්ට් තරගය මෙය වන අතර ඇතැම් විට ඔහු ටෙස්ට් පිටියේ දකින්නට ලැබෙන අවසාන තරගයද මෙය විය හැකිය.කෙසේ හෝ මහේල සහ තිරිමාන්නගේ සුපිරි ඉණිම් දෙක සදහා ප්‍රමාණාත්මක සහයෝගයක් නොලැබුණු අතර ඔවුන් දෙදෙනාට අමතරව ලකුණු 20 සීමාව ඉක්මවා ගියේ ඩිල්ෂාන් (34) සහ චන්දිමාල් (24) පමණි.ඒ නිසා එම පිතිකරුවන් දෙදෙනාගේ වෙහෙසට සරිලන අවසාන ප්‍රතිපලයක් ලකුණු පූවරුවේ දක්නට නොලැබුණු අතර ශ්‍රී ලංකා ඉණිම ලකුණු 294 දි නිමාවට පත් විය.
පිළිතුරු ඊනිම ක්‍රීඩා කරන ඕස්ට්‍රේලියාව දෙවන දිනයේ දිවා භෝජනය වන විට ලකුණු 127 ක් ලබා සිටි අතර අහිමි වී තිබුණේ එක කඩුල්ලක් පමණි.ඒ එඩ් ක්‍රවුන් වු අතර ඔහු මේ තරගාවලිය පුරාම පාහේ දැවී ගිය ආකාරයට දුවද්දී දැවී ගියේ ලකුණු 4 ක් පමණක් ලබා සිටියදි ය.ඩේවිඩ් වර්නර් තරගාවලිය පුරාම ලකුණු අතර රැදෙන ක්‍රීඩකයෙකු ලෙස මේ තරගයේදී යළිත් ඒ බව තහවුරු කළේ අර්ධ ශතකයක් රැස් කරමින්ය.පන්දු 37 දි ගලා ආ එම ලකුණු ප්‍රමාණය දිවා භෝජනය වන විට පන්දු 63 දී නොදැවී රැස් කළ ලකුණු 68 ක් බවට පත් වී තිබුණු අතර පිලිප් හියුග්ස් පන්දු 90 ට මුහුණ දි ලකුණු 50 ක් නොදැවී ලබා උන්නේය.
පහත සබදතාවය හරහා තරගයේ සජීවී ලකුණු විස්තරයට පිවිසීමට හැකියාව ඇත.
http://www.espncricinfo.com/australia-v-sri-lanka-2012/engine/current/match/573013.html
www.supirikrida.com
No comments:
Post a Comment