බැඩ්මින්ටන් විනිසුරුවරියකගේ නම ජාත්‍යන්තර විශ්ව විද්‍යාල බැඩ්මින්ටන් තරගාවලියකට යෝජනා කරමින් විශ්ව විද්‍යාලයක ක්‍රීඩා ප්‍රධානියෙකුගේ විද්‍යුත් තැපෑල ( e-mail ) යොදා ගනිමින් ඔහු නොදැනුවත්ව ජාත්‍යන්තර සංවිධානයකට ලිපියක් යැවීම දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඩුවම් ලැබිය හැකි විශාල වරදක් ලෙස සුපිරි ක්‍රීඩා මගින් ඒ පිළිබදව කළ විමසීමකදී නීති අංශ සනාත කරයි.
කෙනෙකුගේ පෞද්ගලික රහස්‍ය දෙයක් වංචනික ලෙස භාවිතා කිරීම මෙන්ම එම විනිශ්චය කටයුතු සදහා ගෙවීමක් ඇතුළුව වරප්‍රසාද රාශියක් හිමි විමද සළකද්දී එය දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් බව නීති අංශ පෙන්වා දෙන අතර එසේම නව විද්‍යුත් මාධ්‍ය සම්බන්ධයෙන් වන නීති සංශොධනයෙන්ද ඒ සදහා සැළකිය යුතු දඩුවමක් කිරීමට ප්‍රතිපාදන ඇතැයි ද නීති අංශ අවධාරණය කරයි.
අප මේ සම්බනධයෙන් අදාළ ක්‍රීඩා ප්‍රධානියාගෙන් කරන ලද විමසීදක දී ඔහු අවධාරණය කළේ බැඩ්මින්ටන් සම්මේලනය ජාතික මට්ටමෙන් සියල්ල සදහා වගකීමට බැදී සිටින බැවින් තමන් ඒ පිළිබදව දන්නා තොරතුරු සියල්ල බැඩ්මින්ටන් සම්මේලනයේ සබාපති පරාක්‍රම බස්නායකයන් දැනුවත් කරමින් සම්මේලනය වෙත ලබා දී ඇති බවයි.බැඩ්මින්ටන් කේෂ්ත්‍රයේ ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වූ ඇතැමි කරුණු අනුව එම චෝදනා පිලිබදව තාක්ෂණ කමිටුවට ඉදිරිපත් කිරීම මග හරිමින් වංචනිකව යවන ලද ලිපියෙන් ලද විනිශ්චය වරප්‍රසාද අදාළ තැනැත්තියට ලබා දීමට කටයුතු කරන බව වාර්තා වූ බැවින් අප ඒ පිළිබදව සභාපති පරාක්‍රම බස්නායකගෙන් විමසිමක් කරන්නට යෙදිණ.
'එහෙම කතාවක් කියවුණා මතකයි.ඒත් මොකද්ද කියල හරියට දන්නෙ නැහැ,කරුනා කරල පාලිත හෙට්ටිආරච්චිගෙන් අහන්න' ඒ පිලිබදව සභාපතිවරයාගේ පිලිතුර එබදු විණි.
අදාළ විශ්ව විද්‍යාල ප්‍රධානියා සභාපතිවරයා දැනුවත් කර තිබෙන බව කී එම කරුණ පිලිබදව සභාපතිවරයා ට නිවැරදි මතකයක් නොමැති වීම ගැටළුකාරී නමුත් අප පාලිත හෙට්ටිආරච්චිව ඇමතීමට තීරණය කළ අතර ඔහු පවසන්නේද තමන්ට එවැනි තොරතුරක් තවමත් නිවැරදි ලෙස වාර්තා වි නොමැති බවයි.එහෙත් ඔහුට ද එවැනි චෝදනාවක් එල්ල වී තිබෙන බව සැළ වී ඇති අතර එම සැලවීමට අනුව වංචනික ලෙස ක්‍රීඩා ප්‍රධානියාගේ විදයුත් තැපෑලෙන් යොමු කර තිබෙන නම ඇති විනිසුරුවරියට අදාළ තරගාවලියට ආරාධනාවක් ලැබී ඇති බවත් පිළිගත්තේය.
එම ලිපිය ලැබුණු පසු තමා ජාත්‍යන්තර සංවිධානයට යළි පිලිතුරක් යවමින් එවැනි ආකාරයේ විශේෂ තේරීම් සදහා යොමු නොවිය යුතු බව පැහැදිළි කරමින් ඒ සදහා ක්‍රමවේදයක් තිබෙන බවද එම අවස්ථා ඒ අනුව පිළිවෙලින් ඒ ඒ පුද්ගලයාට හිමිවන ආකාරයේ සැළැස්මක් බැඩ්මින්ටන් සම්මේලනය සතු බවත් පැහැදිළි කළ බව ද පාලිත අවධාරනය කරන්නේය.
එම විනිසුරුවරියම එම විද්‍යුත් තැපැල් ලිපිනය භාවිතා නොකළේනම් මෙම ආරාධනය ලැබී ඇත්තේ ඇයගේ අවශ්‍යයතාවයකට නොවන බැවින් ඒ සදහා බැඩ්මින්ටන් සම්මේලනයට එම සහභාගීත්වය වළකා නිසි පරිදි ඒ සදහා යොමු කළ යුතු නම් යොමු කිරීමේ බලයක් ඇති අතර සිදු වී ඇත්තේ බරපතල වංචනික ක්‍රියාවක් බැවින් එම විශයානුබද්ධ ප්‍රවීනයන් හරහා අපරාධ විමර්ශන ඒකකයට එම තොරතුරු ලබා දීම බැඩ්මින්ටන් පරිපාලනයේ වගකීම බව බැඩ්මින්ටන් කේෂ්ත්‍රයට සම්බන්ධ විශාල පිරිසක් මෙන්ම අප විසින් මේ පිළිබදව නීතිමය වටපිටාව පැහැදිළි කර ගැනීමට කතා කළ නීතීඥයන්ගේද මතය විය.
දණ්ඩනීති සංග්‍රහය යටතේ ප්‍රබල වරදක් සිදු වී ඇති අවස්ථාවක එම වරද හරහා වරප්‍රසාද යෝජනා වී ඇති අයෙකුට සිය පරිපාලන වපසරිය තුළ ඇති වගකීම් සහ වරප්‍රසාද භාවිතා නොකර එම වරප්‍රසාද භුක්ති විදීමට අවසර දීමද බරපතල වරදක් බව අප විසින් නීති අංශ හරහා කරන ලද විමසීමකදී තව දුරටත් පැහැදිළි කර ගැනීමට හැකිවිය.එසේම මෙහිදී වරප්‍රසාද කඩ වී ඇත්තේ රටේ ප්‍රධාන ආයතනයක ප්‍රධානියෙකුගේ බැවින් ද,ඔහු ජාතික මට්ටමේ ක්‍රීඩා පරිපාලන හා සබැදි ඒවා යේ නිලතල දරණ සහ දැරූ පුද්ගලයෙකුද වීම නිසා මෙම තත්ත්වය තවත් බරපතල තත්ත්වයකට ඇදි වැටිය හැකි බව ද නීති අංශ පැහැදිළි කරයි.
පුද්ගලයෙකුගේ පෞද්ගලික රහස් තොරතුරු වංචනික ලෙස භාවිතයට ගැනීමක් මෙහිදී සිදු වී තිබෙන බව පැහැදිළි අතර ඒ සමග ඔහු ගේ දත්ත යොදා එම විද්‍යුත් ලිපිනය වෙනුවට වෙනත් විදයුත් ලිපිනයක් හෝ වෙනත් විද්‍යත් සේවාවක පෙනී සිටිමින් විශාල අනර්ථයක් කළ හැකි අවදානමක් පැවතිමද මෙහිදී අවධානයට ලක් කළ යුතු බව ද එම නීති අංශ තව දුරටත් පැහැදිළි කළේය.
www.supirikrida.com