කාසියේ වාසිය ලබමින් පළමුව පන්දුවට පහර දීමට නවසීලන්තයට ආරාධනා කළ බංගලාදේශයට බලාපොරොත්තු වූ සහය පන්දු යවන්නන්ගෙන් ලබා ගැනීමට අවස්ථාව හිමි නොවුණු අතර ප්‍රචණ්ඩ පිතිකරණයක නියැලි බ්‍රෙන්ඩන් මැකලම් පන්දු 58 කින් ලකුණු 123 ක් රැස් කළේ බංගලාදේශ පන්දු යවන්නන්ව සිත් පිත් නැති ප්‍රහාරයකට ලක් කරමින්ය.පිළිතුරු ඉණිමට පිවිසි බංගලදේශ ප්‍රහාරක බල ඇණිය ලැබී තිබුණු විශාල ඉලක්කය ඉදිරියේ දැඩිව අසරණ වූ බවක් පෙණින.ඒ නිසාම අනවශ්‍ය පීඩනය ඔවුන්ට නිසි මානසික මට්ටමක සිට හඹා යාමට ඉඩ හසර ලබා නොදුන් අතර නසීර් හොසේන් පමණක් පන්දු 39 කින් ලකුණු 50 ක් රැස් කර එය හඹා ගොස් ගැනීමට හැකි ලකුණු ප්‍රමාණයක් විය හැකි බවට ඉගි සැපයීය.
http://www.espncricinfo.com/icc-world-twenty20-2012/engine/current/match/533276.html තරගාවලියේ ලකුණු පූවරුවට ඉහළ සබදතාවය මගින් පිවිසිය හැකිය.
ලුක් රයිට් පන්දු 55 කින් නොදැවී ලබා ගත් ලකුණු 99 මෙන්ම ඇෆ්ගනිස්තාන පන්දු රකින්නන් සිය දුර්වලතා මගින් ලබා දුන් අවස්ථාත් ප්‍රයෝජනයට ගත් එංගලන්තය සිය පන්දු වාර 20 අවසන් කළේ ලකුණු 196 ක් ලබා ගනිමින්ය.පල්ලෙකැලේ දි බංගලාදේශයට අත් වූ ඉරණම දකිමින්ම ඇෆ්ගනිස්තානය ද කාසියේ වාසිය ලබා පන්දුවට පහර දීමේ වාරය එංගලන්තයට පැවරීය.එම ඉරණම පෙරළා ඇෆ්ගනිස්තානය වෙත හැර වූ එංගලන්ත පිතිකරුවන් ලබා ගත් ලකුණු 196 හඹා යාමට පිවිසි ඇෆ්ගනිස්තානය එම දැවැන්ත ලකුණු ප්‍රමාණය ඉදිරියේ කර කියා ගත දෙයක් නොහැකිව අසරණ වූ බවක් පෙණින.එහි ප්‍රතිපලය ලෙස පන්දු ඕවර් 17.2 ක් නිමා වෙද්දී ලකුණු 80 ක් ව පැවති ඇෆ්ගනිස්තානයේ ඉණිම සියල්ලන්ම දැවී යමින් නිමාවට පත් විය.
මේ සමග ඇති සබදතාවය තෙරපීමෙන් එංගලන්තය සහ ඇෆ්ගනිස්තානය අතර පැවති තරගයේ ලකුණු විස්තරයට පිවිසීමට හැකිය.
www.supirikrida.com