තරගාවලිය සදහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමට නව නායකත්වයක් පත් කළ අතර ඒ සදහා වර්ථමානයේ ශ්‍රී ලංකාව සතුව පමණක් නොව දකුණු ආසියාතික කලාපයේම සිටින විශිෂ්ඨතම ක්‍රීඩකයා ලෙස ද හැදින්විය හැකි ආකාරයේ ජාත්‍යන්තර ඇගයීම් ලත් ජනිත් සුරත් පත් කරන්නට යෙදිණ.තරගාවලිය සම්බන්ධයෙන් නිල තොරතොරු කිසිවක් ශ්‍රී ලංකා වොලිබෝල් පාලක මණ්ඩලය වෙතින් වාර්තා නොවන අතර තරගාවලිය සම්බන්ධ විකිපීඩියා වෙබ් අඩවියට අනුව ජනිත් චීනය සමග වන තරගයට ක්‍රීඩා කළ බවක් පෙනෙන්නට නැත.
මේ ආකාරයටම මීට පෙර තායිලන්තයේ පැවති තරගාවලියේදී ද ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු සකසන්නියක් එහිදී ඩෙංගු රෝගයට ගොදුරු වී තිබෙන බව සංචාරය නිමා වීමෙන් පසුව දැන ගන්නට ලැබුණු අතර එය ද රහසක් ලෙස තබා ගන්නට කටයුතු කර ඇත්තේ කණ්ඩායමේ අංක එකේ පන්දු සකසන්නිය ඇය වුව ද කණ්ඩායමේ නායකත්වයට අසනීප වූ ක්‍රීඩිකාව ක්‍රීඩා කළේ නම් ස්ථිර ස්ථානයක් නැති ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවක් නායිකාව ලෙස පත් කර බැවින්ය.
www.supirikrida.com