වටනබේ එවැන්නෙකි.මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රීඩා සංකීරණයේ අභිනවයෙන් ඉදි වූ බේස්බෝල් ක්‍රීඩාංගණයේ හීනය සැබෑවක් කරන්නට සිහිනය දැකීමේ සිට යථාර්තයක් වන තෙක් ඇප කැප වූ මිනිසා ඔහුය.වත්මන් ශ්‍රී ලංකා ජාතික පුහුණුකරු ද ඔහු ය.
ඔහු මෙරට පුහුණුකරු ධූරය සමග මෙරට හා කෙතරම් බැදී යද්ද යන්න වඩාත් පැහැදිළි වූයේ ක්‍රීඩාංගණය විවෘතයේදී ඔහු බොහෝ හැගීම්බර ලෙස ශ්‍රී ලංකා ජාතික ගීය කට ඇර ගායනා කරද්දීය.සිය දෙවන ජාතියද පළමු ජාතිය කොට සිතා මෙරට ක්‍රීඩාවේ අභිවෘද්ධිය පිණිස ඔහු විසින් කරවන්නට මග පෑදු මේ ක්‍රීඩාංගණය යථාර්තයක් වූ මොහොතේ මොකද්ද දැනෙන හැගීම යැයි මම ඔහුගෙන් විචාළෙමි.සතුටුයි යනුවෙන් පවසා එය දැනෙන තරමින් විස්තර කරන්නට ඔහු සතු පටු සිංහල ශබ්ද කෝෂයේ වචන හාරා අවුස්සන්නට වුව ද ඒ සිංහල කිව හැකි අදහසට ප්‍රමාණවත් නොවන බව මට හැගිණ.අනතුරුව ඔහු ඒ සියල්ල හැඩුම්බරව සහ හැගුම්බරව එක වචනයකින් මුදා හළේ ඔහුගේ දැණුමට සාපේක්ෂව ඒ හොදම වචනය වන බව හැගුණ නිසාවෙන් විය යුතුය.එය 'නියමයි' නම් විය.
ඇතැමෙක් ඔහු මෙම ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් කරන කළ මාධ්‍ය පවා නොමග යවමින් මෙම ඉදිකිරීමට අදාළ වැසිකිළි වලත් නැවත ඔහු රැගෙන යන බවට පළ කළද එවැනි ජරා සිත් ඇත්තවුන්ට එය ක්‍රීඩාංගණයේ නොවපුළ වැසිකිළියේම වපුළ හැකි පරිදි වටනබේලා වැසිකිළිද තනා දෙනු ඇත.ඒවා පිට කරන්නට මිස අනුභව කරන්නට නොවන බව වටනබේලා වැනි මිනිසුන්ගෙන් හෝ අප උගත යුතුය.
"මම වැදගත් නෑ මගේ රට වෙනුවෙන් මම මේ රටට මේ ග්‍රවුන්ඩ් එක දෙන්න වැඩ කළා.මම රටවල් දෙකටම ආදරෙයි."
වටනබේ විදිහට හිතන්නට තරම් පොහොසත් පරාර්ථයක් නැති වුව ද කම් නැත.සිය මව් රටට පමණක් හෝ ආදරය කළ හැකි පමණට සිය බඩ වියත හරහා කේන්ද්‍රීයව තිබෙන හැගීම පෝෂනය කර ගැනීමට හැකිනම්,වටනබේ ට ගල් ගසනු වෙනුවට මල් පුදනු සැක නැත.අඩු - පාඩු හිත් රිදවීම් තිබිය හැකිය.එහෙත් මේ විදේශිකයා ලංකාවේ බොහෝ දෙනෙකුට කළ හැකිව තිබුණ ද,නොකළ දේ කළේය.එහි පොළිය කාගේ ගිණුමට දමා ගත්තද කම් නැත.ජපානය සතුටු වන පරිදි අඩු තරමේ මේ සොදුරු මිනිසාගේ නම එහි ක්‍රීඩාගාරයක් ඉදිවන මොහොතක එයට යොදන්නට හෝ බේස්බෝල් පරිපාලකයෝ,ක්‍රීඩා පරිපාලකයෝ සිතට ගන්නේ නම් එය තවත් සොදුරු මිනිසුන්ගේ සහෘද පරිත්‍යාගයන්ට සුදුසු කෘතවේදී ජාතියක් ලෙස අපට තව - තවත් වරප්‍රසාද හිමි වන්නට හේතුවක් වනු නිසැකය.
අවසානයේ වටනබේ ගේ උදාරතර දාන සිතුවිල්ල යථාර්තයක් විය.ක්‍රීඩා පිටිය විවාත වෙමින් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහ වටනබේගේ ජපානයේ බේස්බෝල් නෑදෑයෝ පිරි කනගාවා උසස් පාසල් බේස්බෝල් ඇකඩමි යොවුන් කණ්ඩායම තරග වැදිණ.මේ සියල්ල පිළිබද වටනබේ ගේ දැණුමෙන් ඔහුට දැනෙන හැගීම නියමයි වන්නා සේම අපට ඔබ ගැන දැනෙන හැගීමද ඔබේ දැනුමත් ප්‍රමාණයෙන්ම ඔබට තේරුම් ගත හැකි පරිදි මෙහි තබන්නට අපි සිතුවෙමු.
වටනබේ!
ඔයා නියමයි.
www.supirikrida.com
No comments:
Post a Comment