www.supirikrida.com
Aug 9, 2013
20/20 සවිමත් කිරීමට අල්ට්‍රාටෙක් සිමෙන්කි යොදයි
www.supirikrida.com
තායිපේ සිටි තරගාවලියට ලංකාවෙන් හයක්!
මෙම තේරීම් සදහා බල පෑ ලේටන් කුසලාන තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකාව වූ කෝසලා නිල්මිණි සහ එරන්දි සිල්වා තරගාවලියට සහභාගි වන ක්‍රීඩිකාවන් දෙදෙනා වෙති.එම දෙදෙනාද මාස් පවුලේ සාමාජිකාවෝය.
තරගාවලියේ පිරිමි කණ්ඩායමේ පුහුණුකරු ලෙස හර්ෂ කුමාර එක් වන අතර කාන්තා කණ්ඩායමේ පුහුණුකරු වන්නේ චම්පික මාතරආරච්චිය.කණ්ඩායම් භාර නිලධාරි ලෙස කර්නල් හේමන්ත වීරසිංහ සංචාරයට එකතු වන අතර තරගාවලියේ විනිශ්චය කටයුතු සදහා සහභාගි වීම සදහා බන්දුල ගමගේ සහ වින්ධ්‍යා රෝෂිණි එක් වෙති.
www.supirikrida.com
17 න් පහළ ක්‍රීඩකයන්ට ලක්ෂය බැගින්
www.supirikrida.com
බස්නාහිර මේස පන්දු සූරතාවය මොරටු සරසවියේදී
බස්නාහිර පළාතේ පදිංචිකරුවනට පමණක් සහභාති විය හැකි බස්නාහිර පළාත් මේස පන්දු සූරතාවලිය අගොස්තු 22 සහ 23 යන දෙදින තුළ මොරටුව නව සරසවි ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේදී පැවත්වීමට කටයවුතු යොදා ඇත.මෙම තරගාවලියට සමගාමීව ළමා මේස පන්දු තරගාවලියක් අතුළත් මේස පන්දු ක්‍රීඩා සැණකේලීයක් ලෙස මෙය පැවත්වීමට ද කටයුතු සම්පාදනය කර ඇත.
NOR LANKA ක්‍රිකට් සැණකෙළිය සරා පිටියේදී
NOR LANKA ආයතනය වාර්ෂිකව සිය ආයතනික සේවක සේවිකාවන්ගේ දායකත්වය ඇතිව පවත්වන අන්තර් සේවක අංශ සය සාමාජික ක්‍රිකට් තරගාවලිය මෙවරත් උත්සවාකාරයෙන් කොළඹ සරවනමුත්තු පිටියේදී පැවත්වීමට සූදානම් කර ඇත.විනෝදාස්වාදය පිණිස වන සංගීත කණ්ඩායම් ආදිය සහභාගි කරවමින් එදින දවස පුරා පැවත්වීමට නියමිත මෙම තරගාවලිය සදහා NOR LANKA ආයතනයේ විධායක ශ්‍රේණියේ සිට සියළුම සේවක සේවිකාවන් දායක වන අතර ආයතනික ප්‍රධානින් තරගාවලිය සාර්ථකව පවත්වමින් සිය සේවක සේවිකාවන්ට උපරිම වින්දනයක් ලබා දීම පිණිස දක්වන දායකත්වය නිසා තරගාවලිය මෙවරත් ඉතා ඉහළින් පැවත්වීමට හැකි වනු ඇති බව ආයතනයේ වානිජ කළමණාකරු සරත් වන්නිආරච්චි සුපිරි ක්‍රීඩා වෙත අදහස් දක්වමින් පැවසීය.
Aug 8, 2013
20/20 තරගාවලිය 10 දා ඇරඹේ
බස්නාහිර කණ්ඩායමේ පුහුණුකරු ලෙස මාවන් අතපත්තු නම් කර ඇති අතර උතුර යෙලෝ කණ්ඩායම පුහුණු කරනු ලබන්නේ රුවන් කල්පගේය.චමින්ද වාස් ගේ පුහුණු උපදේශකත්වයෙන් කදුරුට මෙරූනස් කණ්ඩායම ක්‍රීඩා පිටියට පිවිසෙන අතර රොමේෂ් කළුවිතාරණ විසින් රුහුණ රෙඩ් කණ්ඩායම පුහුණ කරනු ලබයි.a=v&pid=gmail&attid=0.1&thid=140586f360087758&mt=application/vnd.openxmlformats-officedocument.spreadsheetml.sheet&url=https://mail.google.com/mail/u/0/?ui%3D2%26ik%3Df1a5f47587%26view%3Datt%26th%3D140586f360087758%26attid%3D0.1%26disp%3Dsafe%26realattid%3Df_hk2fa5ox0%26zw&sig=AHIEtbQgHg_qmHFPa2xnFOhG6RIisHwFdQ
ඉහත සම්බන්ධයෙන්ද තරග කාල සටහන https://docs.google.com/viewer?a=v&pid=gmail&attid=0.2&thid=140586f360087758&mt=application/vnd.ms-excel&url=https://mail.google.com/mail/u/0/?ui%3D2%26ik%3Df1a5f47587%26view%3Datt%26th%3D140586f360087758%26attid%3D0.2%26disp%3Dsafe%26realattid%3Df_hk2facwy1%26zw&sig=AHIEtbQvm2dQPU-uawTdFMrbt8KNy7XWMg
මේ සමග වන සම්බන්ධයෙන්ද ලබා ගැනීමේ හැකියාව ඇත.
www.supirikrida.com
Aug 7, 2013
වෙන්ඩ්රාසපුරම් ජාතික පාසලේ බාලිකාවෝ අනු සූරතාවය දිනති
තරගාවලියේ බාලක අංශයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස කඩුගන්නාව ජාතික පාසලේ කේජිකේඒ කපුකොටුව තේරී පත් වූ අතර දක්ෂතම පරාජිතයා වූයේ වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයේ පීඑච්ආර් චාමිකය.
දක්ෂතම ක්‍රීඩිකාව ලෙස වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයේ අයිඩීආර්එස් තිලකරත්නය.දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව වූයේ ස්වර්ණජෝති ජාතික පාසලේ එච්ඒ විජේරත්න ය.
www.supirikrida.com
Aug 5, 2013
අපහසුවෙන් දිනූ අංක එක තේරීම් කමිටුව පහසුවෙන් අහිමි කරයි
එහෙත් එවැනි තත්ත්වයක් ආරක්ෂා කිරීමට තමන් සතු ප්‍රබලතම තුරුම්පු භාවිතා කිරීම පසෙක ලා ශ්‍රී ලංකා තේරීම් කමිටුව කළේ අලුත් අත්හදා බැලීම් වලට කාලය යෙදවීමටය.මේ අලුත් යන වචනයද ඔවුන්ට පමණක් වලංගු එකක් විය.එක්දින තරගාවලියේදී අලුත් පරම්පරාව ලෙස අත්දැකීම් ලබා දිය යුතු අය පසෙක සිටියදී පෙරට ගෙන ආවේ ජෙහාන් මුබාරක්ය.20/20 තරගාවලියේදී ද ජීවන් මෙණ්ඩිස් ය.මේ ක්‍රීඩකයෝ නැගී එන දක්ෂයන් යැයි කියන්නට තරම් නොදැනුවත්කමක් තේරීම් කමිටුවට තිබුණ ද,එහි යථාර්තය නම් ඔවුන් ගෙවී යමින් පවතින රෝද වැනි ය.ඔවුන් අලුත්වැඩියා කර හෝ පාවිච්චි කළ හැක්කේ අපහසුවෙන්ය.නමුත් ඩිල්ෂාන්,සංගක්කාර,සහ මහේල යනු පහසුවෙන් කට්ට ගෙවෙන් නැති රෝදය.ඒවා තව විශාල දුරක් දිවිය හැකි මට්ටමේ වන්නේය.සනත් ජයසූරිය ද සමාන කළ හැක්කේ එවැනි රෝද වලටය.පසු කලෙක ඔහු කට්ට ගෙවුණු පසුවද දුවන්න ගොස් ක්‍රීඩා ලෝලී මනාපයේ හැප්පී පළුදු ඇති කර ගත්තද,බොහෝ අසාමාන්‍ය කාලයක් දක්ෂතා නඩත්තු කළ අපූරු ක්‍රීඩකයෙකු ලෙස සනත් පමණක් නොව හෂාන් ද ගෞරවයට පත් විය යුතුය.
අද තත්තවයද එයමය.තවමත් තරගයක් දිනවිය හැකි ක්‍රීඩකයන් ලෙස කණ්ඩායමේ පෙරමුණේ සිටින්නේ මහේල,සංගා සහ ඩිල්ෂාන්ය.කණ්ඩායමකට ජයග්‍රහණය පසෙකලා අත්හදාබැලීම් කිරීමට නොහැකි බැවින් ඔවුන් තිදෙනා සමග සියල්ල කළ යුතුව ඇත.හැකියාව මෙන්ම අත්දැකීම්ද සමග පසුගිය කාලය තුළ ඔවුන් තිදෙනාගේ සුසංයෝගය කණ්ඩායමේ ජයග්‍රහණයට කෙතරම් අදාළද යන්න ඔවුන් ඔප්පු කර ඇත.එලැඹෙන 20/20 ලෝක කුසලානයට ජ්‍යෙෂ්ඨයන්ගෙන් දෙදෙනෙක් පමණයි යන පූර්ව නිගමනයට පිවිසීම හාන්න ගව්වක් තිබියදී අමුඩය ගැසීමකි.කළ යුතුව ඇත්තේ ඒ සදහා ඔවුන් තිදෙනාගේ දායකත්වය ඇතිව ජයග්‍රාහී මානසිකත්වයක් සහ ඒ පිළිබද විශ්වසනීයත්වයක් ඇති වන විදිහට තරග කළමණාකරණය සදහා අලුත් පරම්පරාවට අත්දැකීම් ලබා දීමය.එසේ නොවන විට විය හැකි ප්‍රතිපලය අපට දැන් ලැබී ඇත.ලොව හොදම 20/20 කණ්ඩායම ලෙස කිරුළු ගන්වා එය ඔවවට සෙට් වන්නේදැයි පරික්ෂා කිරීමටවත් වෙලාවක් නොතබා තේරීම් කමිටුවේ අලුත් පරමපරාව යෙදවීමේ න්‍යාය මත එය හිසෙන් ගැල වී වීසි වී ඇත.
ක්‍රිකට් ක්‍රීඩවෙන් පරණ නොවුණු ක්‍රීඩකයන් ලෙස මීට වඩා ප්‍රායෝගික තීරණ ගනු ඇතැයි සිතූ සනත් ඇතුළු පිරිසටත් පරණ තේරීම් කමිටු වලට වැළදුණු අමුතු දේවල් කර බැලීමේ රෝගය ඉතා ඉක්මණින් වැළදීම දුක්ඛදායකය.එහි දුක ක්‍රීඩා පිටියට අතේ තියන තුට්ටු දෙක වැය කර ඇතුල් වෙන ප්‍රේක්ෂකයාටත් විදින්නට සිදු වේ.ක්‍රිකට් ක්‍රීඩාව පිළිබද වගකීම අපට ඕනෑ දේ කිරීම දක්වා පටු කර ගන්නට තේරීම් කමිටුවකට අයිතියක් ඇද්ද යන්න ක්‍රීඩාව පිළිබද සමස්ත වගකීමේ මේ රටේ සමස්ත ජනතාවට වගකියන එකක් බව තේරුම් නොගන්නා ක්‍රිකට් පරිපාලකයන්වත් ක්‍රීඩා අමාත්‍යංශයවත් තේරුම් ගන්නා තෙක් අපේ ක්‍රිකට් පමණක් නොව සමස්ත ක්‍රීඩාවටම දෙවියන්ගේ පිහිටය.
අපි මේකේ ආධිපත්‍යය වෙනස් කළා යනුවෙන් පවසමින් අලුත් ක්‍රීඩකයන් ගෙන ඒමට අතාර්තික පසුබිමක් සකස් කර ගන්නා ක්‍රීඩා අමාත්‍යවරයා මෙන්ම ක්‍රිකට් තේරීම් කමිටුවද අලුත් පරම්පරාව ලෙස යොදා ගත් ඇතැමුන් අලුත් පරම්පරාවට අයත් වන්නෝදැයි සිතීම මෙන්ම,සොයා ගත් අලුත් පරම්පරාව 35 + අයගේ ආලෝකයෙන් හැඩ ගැන්වුණු තොරණේ අජීවි රූපරාමු සේ සිටිය බව පමණක් ඒත්තු ගන්නට උත්සාහ කරන්නේනම් ලංකාවේ ක්‍රිකට් අනාගතයට එය වඩාත් පලදායි ප්‍රවේශයක් වනු ඇත.
දකුණු අප්‍රිකාවට එරෙහි දෙවන 20/20 තරගයේ ලකුණු විස්තරයට http://www.espncricinfo.com/sri-lanka-v-south-africa-2013/engine/match/635659.html සබදතාවයෙන් පිවසිය හැකිය.
www.supirikrida.com
Subscribe to:
Posts (Atom)