![](https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-prn2/1234072_509752669115629_1325241005_n.jpg)
මෙවර කණ්ඩායම පිළිබදව අදහස් දැක් වූ නායක අසේල පටබැදි ප්‍රකාශ කර සිටියේ වෙනදාට වඩා ප්‍රබල කණ්ඩායමක් මෙවර ලෝක කුසලානයට සහභාගි වන බවයි.ලංකාව පුරා විසිරී තිබෙන බවක් පෙනෙන්නට ඇති බව පැවසූ අසේල නීතිඥවරුන්ගේ ජාතික ක්‍රිකට් කණ්ඩායම සදහා සහභාගි වීමට වෙනදාට වඩා තරගකාරී ස්වභාවයක් ඇති වී තිබීම සතුටුදායක තත්ත්වයක් බව පෙන්වා දුන්නේය.පළමු වරට ඉන්දියාවේ මෙම තරගාවලිය සංවිධානය වූ අවස්ථාවේ දී ලොව පළමු නීතිඥ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දිම තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙස ඇගයීමට පත් වූ තමා එදා ද ශ්‍රී ලංකාවට ලෝක කුසලානය දිනා දීමට තරම් තමන්ගේ දස්කම් ප්‍රමාණවත් නොවීම ගැන කණගාටුවට පත් වූ බව පවසන අසේල මෙවර එම තත්ත්වය වෙනස් වී ලෝක කුසලානය ශ්‍රී ලංකාවට රැගෙන ඒමට හැකි වෙනු ඇතැයි සිතිය හැකි කණ්ඩායමක් ශ්‍රී ලංකාවට ලැබී තිබෙන බව පැවසීය.
විශේෂයෙන් අත්දැකීම් බහුල පුහුණුකරුවෙකු වන රන්ජන් පරණවිතානගේ සහයෝගය තම කණ්ඩායමේ ශක්තිය ඉහළ දැමීමට විශාල පිටුවහලක් වී ඇති බව පවසන අසේල,මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන තෙවන කොටසේ තරගාවලියේදී ශ්‍රී ලංකා නීතිඥ ක්‍රිකට් කණ්ඩායම දක්වා ඇති අති විශිෂ්ඨ දක්ෂතා සළකා බලද්දී ශ්‍රී ලංකා නීතිඥ ක්‍රිකට් කණ්ඩායම සිටින ප්‍රබල ස්ථානයද,ශ්‍රී ලංකා නීතිඥ කණ්ඩායමේ මානසික විශ්වාසයට විශාල රුකුලක් වනු ඇති බව පැවසීය. අසේල පවසනාකාරයට අවසාන 16 දෙනා අතරට පැමිණිමට අසමත් වූ ක්‍රීඩකයන් කළ කැපවීම් ද,ඇතුළුව මෙවර සංචිතයේ සිටි සියළු දෙනාගේ උපරිම සහයෝගයෙන් ඉතිහාසයේ බිහි වූ තරුණ දායකත්වය වැඩි හොදම ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නට ලැබීම ගැන විශාල සතුටක් තමන් තුළ අතැයි පෙන්වා දුන්නේය.මේ තත්ත්වය හේතුවෙන් මෙවර ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වන ශ්‍රී ලංකා නීතිඥ භි ක්‍රිකට් කණ්ඩායම ද ඉතා ඉහළ ස්ථාවරයක රැදී ඇති බව පැවසූ අසේල කුසලානය සම්බන්ධයෙන් මෙවර කණ්ඩායම විශාල විශ්වාසයකින් පසු වන බව පෙන්වා දුන්නේය.
www.supirikrida.com
No comments:
Post a Comment