දින කිහිපයකට පෙර පින්ලන්තයේ පැවති හෙල්ල වීසි කීරීමේ සංදර්ශනයකදී ජගත් කණිෂ්ඨ හෙල්ල වීසි කිරීමේ සූරිය පරාජය කරමින් මීටර් 59.32 ක දක්ෂතාවයක් පෙන්වමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිට වූ නදීකා ලක්මාලි පූනේ හී ක්‍රියාත්මක ආසියානු මලල ක්‍රීඩා සූරතාවලියේ දී එම වාර්තාව මීටර් 60ත16 දක්වා වර්ධනය කරමින් එම තරගාවලියේ රිදි පදක්කම්ලාභිණිය වූයේ එම ඉසව්වේ මීටර් 60 සීමාවට පිවිසි පළමු ලාංකේය ක්‍රීඩිකාව බවට පත් වෙමින්ය.මෙම දක්ෂතාවය නිසා ඇය ජගත් මලල ක්‍රීඩා සූරතාවලියේ දී හෙල්ල වීසි කිරීමේ ඉසව්ව සදහා සුදුසුකම් ලැබූ අතර ඇය පළමු වරට ජාතික වාර්තාව පිහිට වූ පසු ශ්‍රී ලංකාවේ දී පරාජය වී ඇත්තේ එක් වරක් පමණක් වන අතර එම පරාජය කිරීමේ ගෞරවය හිමි නදීශානි ලේකමගේ ද මෙම තරගයට ඉදිරිපත් වූ අතර ඇය 50.18 ක දක්ෂතාවයක් දක්වමින් ඉසව්වේ අට වැන්නා වූවාය.
ගාල්ල ඇල්පිටිය ප්‍රදේශයෙන් බිහි වූ නදීකා කාන්තා හෙල්ල වීසි කිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව බිහි කළ සුවිෂේශීම ක්‍රීඩිකාව වන්නේය.ඔලිම්පික් තරගාවලිය සදහා වීසි කිරීමේ ඉසව්වකින් සුදුසුකම් ලද පළමු ලාංකේය ක්‍රීඩිකාව වන නදීකා මෙම ආසියාතික මලල ක්‍රීඩා සූරතාවලි ජයත් සමග ලෝක සූරතා කුසලාන තරගාවලියට ද සුදුසුකම් ලබමින් ඔලිම්පික් සහ ලෝක සූරතාවලි සදහා අදාළ යෝග්‍යතා සීමා ජය ගනිමින් සහභාගීත්වයට සුදුසුකම් ලැබූ පළමු ක්‍රීඩිකාව ද වන්නීය.
මේ අතර අද තුන්වන මීටර් 200 කාන්තා මූලික තරගයේ දෙවැන්නිය වූ සුජිනි බුද්ධිකා හෙට අවසන් තරගය සදහා සහභාගි වීමේ වරම් ලබා ගත්තාය.මීට පෙර එම ඉසව්වෙන් ආසියාතිත සූරතාවලි ලෝකඩ පදක්කමක් දිනා සිටින සුජානි පළපුරුදු ක්‍රීඩිකාවක් වුව ද,ඇය අවසන් තරගයට ඉදිරිපත් වන ක්‍රීඩිකාවන අතර මූලික වටයේ අවසායටම තිබෙන කාලය වාර්තා කළ ක්‍රීඩිකාව වන්නීය.
හෙට ශ්‍රී ලංකාව වෙනුවෙන් දැනටමත් ලෝක සූරතාවලිය සදහා සුදුසුකම් ලබා සිටින ක්‍රිස්ටීන් මෙරිල් මීටර් 400 කඩුලු ඉසව්වටත් ඩබ්ලිව්කේඑල්ඒ නිමාලි මීටර් 800 ඉසව්වටත් තරග වදින අතර ආසියාතික මලල ක්‍රීඩා සූරතාවලි රන් පදක්කම් දෙකකට උරුමකම් කියන මංජුල කුමාර උස පැනීමේ ඉසව්වට මුහුණ දෙන්නට නියිමිතය.මෙම තිදෙනාම පදක්කම් බලාපොරොත්තු අතර සිටින අය වන අතර නමුත් මෙම ක්‍රීඩිකාවන් දෙදෙනාම අසනීප වලට ගොදුරු වී තිබෙන අතර ක්‍රීඩකයන් ඉල්ලා සිටියදී ත් වෛද්‍යවරයෙකු නිර්දේශ නොකළ බැවින් එම දෙදෙනාටම ගැටළුකාරී තත්ත්වයන් වලට මුහුණ දෙන්නට ද සිදු වී ඇත.හෙට තරග බිමට පිවිසෙන අනෙක් ක්‍රීඩිකාව වන්නේ මීටර් 500 සදහා තරග වදින ගීතානි රාජසේකරය.
www.supirikrida.com