බංගලාදේශයේ ක්‍රියාත්මක
ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දීය බංගලාදේශය තරගයෙන් කඩුලු 5 විශිෂ්ඨ ජයක් වාර්තා
කළ බංගලාදේශය තරගාවලිය තුළ තව දුරටත් බලාපොරොත්තු තබා ගත හැකි අවස්ථාවක් ශ්‍රී
ලංකාවට උදා කර දුන්නේය. කගෙක සිට පෙරුම් පුරමින් සිට සචින් තෙන්දුල්කාර් අන්තර්
ජාතික ක්‍රිකට් පිටියේ ශතක ශතකයක් පසු කළ පළමු වැන්නා වීමට බංගලාදේශයට එරෙහිව
ලකුණු 114 ක් ලබා ගනිමින් සමත් වීම ඊයේ තරගයේ විශේෂ සිදුවීම විය.එම ඝතකය ද සමග
ඉන්දියාව සිය ලකුණු පූවරුව 289 දක්ව වර්ධනය කර ගත්තද බංගලාදේශය දැඩි ආක්‍රමණශීලී
පිතිකරණ රටාවක නියැලෙමින් තරගයේ අවසන් පන්දු ඕවරයේ දෙවන පන්දුවේ දී ඉන්දියාවට
පරාජය ගෙන දෙමින් තම ලකුණු පූවරුව කඩුලු 5 ට ලකුණු 293 දක්වා ඉහළ නංවා ගැනීමට සමත්
විය.ඒ අනුව සචින් තෙන්දුල්කාර් ශතක සියයක් සම්පූර්න කළ මෙම තරගයේ ජයග්‍රහණය
වෙනුවෙන් බංගලාදේශයට ලකුණු 4 ක් හිමි වන අතර ඉන්දියාවට කිසිදු ලකුණක් හිමි වන්නේ
නැත.
මේ තත්ත්වය මත ශ්‍රී ලංකාවට
තව දුරටත් බලාපොරොත්තු ඇති කර ගත හැකි තත්ත්වයක් ඇති වී තිබෙන අතර එහිදී පකිස්තානය
ඉදිරියේ ඉන්දියාව පරාජය වීම සහ බංගලාදේශය ඉදිරියේ ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සමග
ජයක් ලබා ගතහොත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ අවසාන තරගයට පිවිසීමට අවස්ථාවක් උදා
වනු ඇත.නමුත් ශ්‍රී ලංකාවේ දක්ෂතා වලට වඩා මෙහිදී වැදගත් වන්නේ පකිස්තානය
ඉන්දියාවට එරෙහිව කෙතරම් දක්ෂතා දක්වන්නේ ද යන්නත් බංගලාදේශය හ්‍රී ලංකාව ඉදිරියේ
කෙතරම් දුර්වල වෙනු ඇත්දත් යන්න කාරණා ය.
ඉන්දීය - බංගලාදේශ තරගයේ
ලකුණු විස්තරයට පහත සබදතාවය යොදා ගෙන පිවිසීමට හැකිය.