ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාවට අලුත් කළාවක් හදුන්වා දෙමින්
ක්‍රියාත්මක වන ලයන් වොරියර් කොළඹ දිස්ත්‍රික් මලල ක්‍රීඩා උළෙලට අනුග්‍රාහකයන්
ලෙස අත්වැල් බැද ගැනීමට NESTLE,FRIMA සහ MAS අත්වැල් බැද ගැනීමට තීරණය කර ඇත.ඒ අනුව
උළෙලට සහභාගි වන සිටළුම ක්‍රීඩකයන්ගේ පිපාසාව නිවීමට NESTLE දායකත්වය දක්වන අතර ඒ සියල්ල වෙනුවෙන් කෙටි
ආහාරයක් ලබා දීමට FRIMA ඉදිරිපත් වී
සිටියි.
උළෙලේ දක්ෂතම ක්‍රීඩකයන් අට දෙනා අතරට මේ වන විටත් ලයන්
වොරියර් පූර්ණ අනුග්‍රහය ලබා දීමට තීරණය කර තිබෙන අතර ඒ ආකාරයට අමතරව තවත්
කිහිපාකාරයක අනුග්‍රහයන් ලබා දීමට ද ලයන් වොරියර් දායකත්වය දක්වා තිබේ.තව දුරටත්
එම තත්ත්වයට අමතරව MAS ආයතනයේ මැදිහත් වීම මත තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා
ලෙස තෝරා ගන්නා ක්‍රීඩකයාට හෝ ක්‍රීඩකාවට මුදල් ත්‍යාගයක් පිරිනැමීමට කටයුතු යොදා
ඇත.
අද (ජූලි 22) පෙ.ව. 8.00 සිට ක්‍රියාත්මක මෙම තරගාවලියේ
සමාප්ත සමාචාර උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද
අලුත්ගමගේ එක් වීමට නියමිත අතර ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නිලධාරී මඩුල්ල ප්‍රමුඛව
එම අවස්ථාවට ශ්‍රී ලංකාව නියෝජනය කළ සහ තලෙලෙව් අලෙයිලීමා ගේ සමකාලීන ජාතික
මට්ටමේ මලල ක්‍රීඩකයන් රැසක් ද ඒ සදහා සහභාගි වීමට නියමිතය.