සුප්‍රකට ලන්ඩන් මැරතන් තරගයේදි දැනට එංගලන්තයේ වෙසෙන අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ එම තරගයට ඉදිරිපත් වූ තරගකරුවන් 35,000 ක් අතරින් ආසියාව නියෝජනය කළ තරගකරුවන් අතරින් ප්‍රථමයා හැටියට තරගය නිමි කිරිමට සමත් විය.සමස්ත තරගයේ 17 වැනියා වු කුරේ වාර්තා කළ කාලය පැය 2:17:53 ක් විය.තරගයේ ජයග්‍රහණය ඉතියෝපියාවේ සෙගායා කෙබෙඩි ට හිමි වූ අතර ඔහු පැය 2:06:04 න් තරගය නිම කිරීමට සමත් විය.කෙන්යාව නියෝජනය කළ මුතායි එමානුවෙල් පැය 2:06:33 න් තරගය නිම කරමින් තරගයේ දෙවන ස්ථානය දිනා ගත් අතර තෙවන ස්ථානය දිනා ගත්තේ ඉතියෝපියාවේ අයලේ අබ්සරෝය.ඔහු පැය 2:06,57 න් තරගය නිම කිරීමට සමත් විය.
කාන්තා අංහයේදී ආසියාතික රටවල් අතර ප්‍රථමයා වූ අකාබා යුකිකා පැය 2:24:43 න් තරගය නිම කර සමස්ත තරගයේ දී තෙවැනි ස්ථානයට පත් වූවාය.කෙන්යාවේ ජෙප්ටු ප්‍රිස්කා කාන්තා අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගත්තේ පැය 2:20:18 කින් තරගය නිම කරමින්ය.ඇයට දෙවැනි වූ කෙන්යාවේම එඩ්නා කිමිලගාන් පැය 2:21:32 න් තරගය නිම කර සමස්ත තරගයේ තෙවන තැනට පත් වූවාය.
බොස්ටන් මැරතන් තරගයට එල්ල වූ බෝම්බ ප්‍රහාරය නිසා බකිංහැම් මාලිගාව ආසන්නයේ ක්‍රියාත්මක මෙම තරගය දැඩි ආරක්ෂක රැකවරණ මැද්දේ ක්‍රියාත්මක විය.
www.supirikrida.com