ශ්‍රී ලංකා පොළව මත ජපානයෙන් පැමිණ සිට වු දකුණු ආසියාවේ පළමු බේස්බෝල් ක්‍රීඩාංගණය යථාර්තයක් බවට පත් කිරීමට දහදිය වැපිරු සොදුරු ජපන් හපනා,ශ්‍රී ලංකා ජාතික බේසබෝල් පුහුණුකරු වටනබෙ යසුමා ඊයේ ලක්බිමෙන් නික්ම ගියේය.අපේ පොළව මත සිහිනයක්ව පැවති බේස්බෝල් ක්‍රීඩාංගණ සිහිනය යථාර්තයක් කිරීමට ඔහු දැරූ වෑයමට එරෙහි වූවෝ ද වූහ.සංවිධානාත්මකව ඔහු එම ක්‍රීඩාංගණයේ වැසිකිළි වළද රැගෙන යනු ඇති බවට ගද ගහන කතා පැහැරූ පිරිස්, මුඛය පසෙක ලා අධෝ මුඛයෙන් ජාතිකත්වය ගැන කතා කරන්නෝ බවට පත් වෙද්දී වටනබේ සිය දෙවන නිජබිම බවට ලංකාව පත් කර ගනිමින් ඒ වෙනුවෙන් සිය යුතුකම ඉටු කරන්නට අපවාද - අවලාද ඉදිරියේ නොසැලී කටයුතු කළහ.
අද ලංකාවට කියා ජාතික බේස්බෝල් ක්‍රීඩාංගණයක් ඉතිරිව ඇත.එය දකුණු ආසියාවේ ඇති එකම ක්‍රීඩාංගණයද වන්නේය.ඒ නිසාම දකුණු ආසියාවේ තරගාවලියක් පැවත්වීමට සුදුසුම බිම ද එය වන්නේය.අපට බිම ඇතත්,ඇතැමෙකු රැගෙන යතැයි කී වැසිකිලි වළක් එහි දකින්නට නැත.අඩුම ගණනේ අප ඒ වචන පුවත්පිටු තුළ රදන්නට සැළසුම් කළ පුගුළන්ට දැන් අභියෝගයක් ඇත.ඒ අඩුම තරමින් කල් නොයවා එහි තරග වදින්නන් හට ප්‍රමාණවත් කැසිකිළි - වැසිකිළි පහසුකම් ලබා ගන්නට හැකි පරිදි වැසිකිළියක් තැනීමය.මඩප්‍රචාර වෙනුවෙන් සහ සිය පෞද්ගලික නයාය පත්‍ර වෙනුවෙන් ලංකාවේ බේස්බෝලය බුදින්නන්ගෙන් අප ඉල්ලා සිටින්නේ ජාතික බේස්බෝලය දෙස වඩා පුළුල් අරුතකින් බලා සිය පෞද්ගලික ඕනැකම් වෙනුවෙන් ලාංකේය බේස්බෝලයේ හැඩතල රකින්නට වැය කරන දේ අඩුම තරමේ ජාතික බේසබෝල් ක්‍රීඩාංගණයට වැසිකිළි කටක් ලබා දීමට භාවිතා කරන ලෙසය.
ආදි නාලන්දියෙකු වූ චාරුක සුරවිර (වර්ථමානයේ ශ්‍රී එෆ් හි ඉහළ විධායකයෙකි) විසින් කරන්නට යෙදුණ යෞවන සම්මාන දිනූ ජුදාස් මුහුණ (පසුව එය තිත්ත කුසලාන නමින් නිර්මාණය විය) නාට්‍යයේ එක් ගීතයක දෙවියන් වහන්සේ නාම පදයක් නොවේ එය ක්‍රියා පදයකි නමින් ගීතයක් විය.(ඉවාන් පවුලූෂා නම් වූ ජනප්‍රිය ගීතයේ පද රචකයාද චාරුකය) මට වටනබේ පිළිබදව සිතද්දී එය සිහිවන්නේ වටනබේ දෙවියන්ට සම යැයි සිතීමකින් නොවේය.ඔහු අසම සම දරා ගැනීමකින් යුතුව නොසැලී සිය සත්භාවයේ සිතුවිල්ල යථාර්තයක් දක්වා ගෙන යන්නට වචනයෙකු හෝ නො'බැන ක්‍රියාවෙන් එය ඔප්පු කිරීමට දැක් වූ වෙහෙස ගැන සිතද්දීය.
ඔහු ක්‍රීඩාංගණය විවෘත වෙද්දී අපේ ජාතික ගීතය ගායනා කරන ලද සාඩම්බර විලාශය අපූරුය.එම තරගය විනිශ්චය කරන්නට යොදා සිටි අපේ විනිසුරුවරයෙක් ජාතික ගීය අතරතුර සිය ජංගම දුරකථනයට පැමිණි ඇමතුම් පිලිබදව විමසිලිමත් වෙද්දී (තවත් විනිසුරුවරයෙකුට ද මේ ආකාරයෙන් දුරකථන භාවිත චෝදනාවම එල්ල වී ඇත.)මේ ජපන් ජාතිකයා මදකුදු නොසැලී සීරුවෙන් සිට ලාංකේය ජාතික ගීතය ගැයූ හැටියෙන් මේ රටේ ඉපදුණු මිනිසුන්ට ද ජාතික ගීතය හරහා ජාතියට සළකන අයුරු මේ අපූරු මිනිසා කියා දුන්නේය.
සේද මාවතේ පැමිණි ඓතිහාසික සුහදත්වයේ ගමනේ අලුත් පිටුවක් ලියූ සොදුරු මිනිසාන!ඔබ සමුගෙන ගියද,ඔබේ මතකය යළි යළිත් අවදි වෙමින් ජපන් - ශ්‍රී ලංකා මිත්‍රත්වයේ මිහිරියාවේ අන්දරයේ ඔබේ පරිච්ඡේදය අනාගතයට කියවන්නට දීමට ජපානය හෝ කටයුතු කරනු ඇති බව අපි විශ්වාස කරන්නෙමු.ක්‍රීඩා අමාත්‍යතුමා දෙස ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරිය දෙස මෙන්ම ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයා දෙස ද අපි වගකීමෙන් යුතුව කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තුවෙන් ඉන්නේ ආදර්ශමත් ජාතික පාඩමක් ලෙස අපේ රටේ බේස්බෝල් ක්‍රීඩාවට ජාතික වටිනාකමක් ලබා දුන් වටනබේ ගේ නමින් අඩුම තරමේ ක්‍රීඩාංගනයේ ලකුණු පූවර්ව හෝ නම් කරාවිය යන විශ්වාසයෙනි.
වටනබේ ඔබට ආයුබෝවන්!ඔබ විසින් ජපානයේ මිතුරු කම යළි අවදි කරමින් මෙරටට ලබා දුන් මිළ අධික බේස්බෝල් ක්‍රීඩාංගණය හරහා ප්‍රදර්ශනය කළ අමිළ මිතුරු මානවී ගුණයට අපි සදා ණය ගැති වන්නෙමු.
www.supirikrida.com

No comments:
Post a Comment