May 5, 2012
සත් වියැති කෝට්ටේ නෙට්බෝල් ඇකඩමිය
ශ්‍රී ලංකා කණිෂ්ඨ
සහ ජ්‍යෙෂ්ඨ දැල් පන්දු කණ්ඩායම් සදහා දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් දායාද කළ
කෝට්ටේ දැල්පන්දු ඇකඩමිය සිය සත් වර්ෂ පූර්ණය සැමරීය.වසර හතක් පුරාවට දැල්පන්දු
දැල්පන්දු ක්‍රීඩාවේ ප්‍රගමනය සදහා මෙන්ම එහි ක්‍රීඩා පුහුණු කටයුතු වල නියැලෙන
දැරියන්ගේ පෞද්ගලික කුසලතා එළි දැක්වීමට මෙන්ම ඔවුන් සමාජ සුභ සාධන කටයුතු කෙරෙහි
යොමු කිරීමද මෙම ඇකඩමිය මගින් ක්‍රියාවට නැංවීම සුවිශේෂීය.
තිලකා
ජිනදාස ගේ මග පෙන්වීම යටතේ කෝට්ටේ අංගම්පිටිය ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගෙන ඇරඹි
කෝට්ටේ දැල්පන්දු ඇකඩමියේ වර්ථමාන පුහුණුකාරිය ලෙස කටයුතු කරන්නේ ශ්‍යාමා කුරේ ය
තිලකාගේ පුහුණුකාරීත්වය යටතේ සහ ශයාමා කුරේගේ පරිපාලන සහය යටතේ ක්‍රියාවට ක්‍රියාත්මක
වූ කෝට්ටේ දැල්පන්දු ඇකඩමියේ වර්තමාන වගකීමෙන් වැඩි බරක් ශ්‍යාමා කුරේ දරන්නේ මේ
වන විටතිලකා ජිනදාම බෘනායි හී දැල්පන්දු ජාතික පුහුණුකාරිය ලෙස කටයුතු කරන බැවිණි.ශ්‍යාමා
කුරේ මේ වන විට මාළඹේ හොරයිසින් ජාත්‍යන්තර පාසලේ ක්‍රීඩා ගුරුවරියක ලෙස සේවය
කරන්නීය.එහි සහය පුහුණකුරුවන් ලෙස ලක්මාල් දේශප්‍රිය සහ ඉන්දු බණ්ඩාර ද,ආධුනික සහය
පුහුණුකාරියන් ලෙස වසුන්දරා පතිරගේ සහ අයෝමි ඉරේෂා පරණගම ද කටයුතු කරති.
දැල්පන්දු
ක්‍රීඩාව මෙන්ම ක්‍රීඩා ආශ්‍රිත මනෝ විද්‍යාත්මක කරුනු සම්බන්ධයෙන්ද විශේෂ දේශනා
වැඩමුළු පවත්වමින් සහ කලා සංස්කෘතික ක්‍රියාකාරකම් වෙත යොමු කරමින් කටයුතු කිරීමට
ද ඇකඩමියේ අවධානය යොමු වී තිබීම ද සුවිශේෂීය.ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩාවේ ප්‍රායෝගික
හැකියාවන් හී වර්ධනය මෙන්ම න්‍යායාත්මක දැණුමේ පෝෂණය ද පෞද්ගලික ජීවිතයට මුහුණ
දීමට අවශ්‍යය පෞරෂවර්ධනය සහ ආත්ම විහ්වාසය දවර්ධනය කිරීමට ඇකඩමිය දක්වන අවධානය අගය
කළ යුතුය.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjoF-rgZS9RfGzxa6MBrNLaOdZT47ZRIa2O_vqz2xAl9Ow63Ltwleju51Ex4BmutOnI_yN283Y4ziE8VXoNkgufF6M2KDZCbb9jsffSHNyhaifhhJ3aQHO5exFlEFAMvzutI_kDN0yTabs/s320/ko%E0%B6%91%E0%B6%91e+3.jpg)
පාසල් නාම ලේඛණය
1.පැරෑලිය ශ්‍රී ජනරතන විද්‍යාලය පොල්හේන
2.එගොඩඋයන කණිෂ්ඨ විද්‍යාලය මොරටුව
3.මේධංකර මහා විද්‍යාලය බූස්ස
4 කන්නංගර විද්‍යාලය ගාල්ල
හැකියාවන්ගෙන්
පමණක් නොව ක්‍රීඩාශීලී සහ සමාජශීලී ගුණයන්ගෙන් ද යුත් ක්‍රීඩිකාවන් පිරිසක් දායාද
කිරීමට අවශ්‍යය දැක්මක් සහ වැඩ පිළිවෙළක් සහිතව ක්‍රියාත්මක වන කෝට්ටේ දැල්පන්දු
ඇකඩමියේ සත් වියැති කාල පරිච්ඡේදය ඇතුළත ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සදහා සුදුසුකම්
ලැබූ පිරිස පහත දැක්වේ.
අකිලා ජයවර්ධන,ප්‍රිසිලා
කෝක්,චමිලා ජයවර්ධන,මරීෂා ප්‍රනාන්දු , මන්දුලී පතිරගේ ,තිළිණි බටගොඩ,තිළිණි
පෙරෙරා, තිශාලා අල්තම,දිලිනා ප්‍රනාන්දු,සංජීවනී ආරියසේන යන අය වේ.
මෙම කොට්ටේ නෙට්බෝල් ඇකඩමිය පවත්වාගෙන යාම සදහා නිරන්තරයෙන් සහය ලබා දුන් කෝට්ටේ මහ නගර සභාවට විශේෂ ස්තූතිය හිමි වේ තව ද මෙම නෙට්බෝල් ඇකඩමියේ පුහුණුව
ලැබීමට ඔබට ද අවස්ථාවක් ඇති අතර ඒ සදහා විඩි විස්තර 0714186521 දරණ දුරකථනයට අමතා
ලබා ගැනීමට හැකිය.
May 4, 2012
ඡන්දයෙන් දිනුවත් නැතත් මලල ක්‍රීඩා කේෂ්ත්‍රයේ දක්ෂතා ඇති පිරිස් සියල්ලම එහි පරිපාලනයට සම්බන්ධ කර ගන්න ඕනි -ක්‍රීඩා අමාත්‍යවරයා
මලල ක්‍රීඩා නිලවරණය මලල ක්‍රීඩා
පරිපාලනයේ ගමන්මග ට පුද්ගලයන් දායක කර ගන්නේ කෙසේද කියන කාරණයේ අවසාන තීරණය නොවිය
යුතු බව කී ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ ඉදිරියේදී සියළුම දක්ෂතාවයන්
සහිත පුද්ගලයන් මෙම පරිපාලන කේෂ්ත්‍රයේ කොටස්කරුවන් බවට පත් කර ගන්නා වැඩ
පිළිවෙළක් සකස් කරන බව පැවසීය.ඉදිරියේදී ඒ කාරණය ක්‍රියාත්මක කිරීම සදහා ජෙනරාල්
දයා රත්නායක ඇතුළු මලල ක්‍රීඩා පරිපාලනය සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා බව පැවසූ ක්‍රීඩා
අමාත්‍යවරයා එහි දී විවිධ කේෂ්ත්‍රවල ප්‍රවීනයන් විධායක කමිටු සාමාජිකයන් කර නොගෙන
ඔවුන්ට වැඩි වගකීමක් පැවරෙන ආකාරයේ බලයක් ලබා දෙන්නේ කෙසේද යන්න පිළිබදව විමසා බලන
බව ක්‍රීඩා අමාත්‍යවරයා සුපිරික්‍රීඩා වෙත අවධාරණය කළේය.
රට පෙරට ගෙන යා හැකි ක්‍රීඩාවක් ලෙස එම කේෂ්ත්‍රයේ සිටින ප්‍රවීනයන් ඒ ඒ කාරණා සදහා යොදවා ගනිමින් කටයුතු කිරීම තම අභිප්‍රාය බව පැව සූ ක්‍රීඩා අමාත්‍යවරයා මලල ක්‍රීඩාවේ නැවුම් ප්‍රබෝධයක් ඇති කිරීම සදහා පත් වූ නිලධාරී මණ්ඩලයට තමාගේ ආශිර්වාදයඋපරිමයෙන් ලැබෙනු ඇති බව පැවසීය.www.supirikrida.com
රට පෙරට ගෙන යා හැකි ක්‍රීඩාවක් ලෙස එම කේෂ්ත්‍රයේ සිටින ප්‍රවීනයන් ඒ ඒ කාරණා සදහා යොදවා ගනිමින් කටයුතු කිරීම තම අභිප්‍රාය බව පැව සූ ක්‍රීඩා අමාත්‍යවරයා මලල ක්‍රීඩාවේ නැවුම් ප්‍රබෝධයක් ඇති කිරීම සදහා පත් වූ නිලධාරී මණ්ඩලයට තමාගේ ආශිර්වාදයඋපරිමයෙන් ලැබෙනු ඇති බව පැවසීය.www.supirikrida.com
වොලිබෝලයෙන් ඉන්දියාවට සහ තායිලන්තයට යැවීමට පරීක්ෂණ
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhsLq5qluLKjPjBb5Vv_YOy0qCpRYnBLukeq0ve40Fz8DATcGFWFnUkSYmcWVH0iY-IonFSuDWFwNPcoieBGh6OPLOfCv5OzrnfHvtSagsXGKkdj3zSYlacaxyqxZd95sQhfRxkoTucE1o/s640/volly+all+1.jpg)
මම නිකංම නිකං රත්නායක විතරයි -ජෙනරාල් දයා රත්නායක
තමන් මලල ක්‍රීඩා සම්මේලනයේ ක්‍රියා කරද්දී නිකංම නිකං
රත්නායක විතරක් බවත්, සිය නිළයට අදාළ හමුදා නිලධාරියා ලෙස කටයුතු කිරීම තමාගේ
පිළිවෙත නොවන බවත් මලල ක්‍රීඩා සංගමයේ නව සභාපතිවරයා ලෙස පත් වූ යුධ හමුදා මාණ්ඩලික
ප්‍රධානී දයා රත්නායක පැවසීය.සභාපති ධූරය සම්බන්ධයෙන් තරගයක් නොපැවති අතර විශාලම
තරගය පැවති උප සභාපති ධූරයට 14 දෙනෙක් තරග වැදී සිටිය අත එම ප්‍රමාණය 10 දෙනෙකු
තෙක් පහළ බැස තිබිණ.භාණ්ඩාගාරික ධූරය සදහා පැවත
තරගය ද තිදෙනා ගේ සිට දෙදෙනා
දක්වා පහළ බැස තිබිණ.
තරගය පැවති ක්‍රීඩා විද්‍යාතන භූමිය දැඩි උණුසුම්
තත්ත්වයක් ගත් අතර ඡන්දය අත ඔසවා භාවාතා කිරීමට එරෙහිව විශාල පිරිසක් විරෝධය පළ
කරන්නට පටන් ගෙන තිබිණ.නමුත් නිලවරණය මෙහෙය වූ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් රංජනී
ජයකොඩි ත්‍රීඩා පණතේ විධි විධාන වලට අනුව මෙන්ම නිලවරණයක් මෙහෙයවීමේ දී
අමාත්‍යවරයාට
ලබාදිය හැකි උපදෙස් ඉක්මවා යන්නද කිසිසේත්ම අකමැති වූවාය.මේ හේතුව නිසා ඇති වූ
දැඩි නොසන්සුංකාරී තත්ත්වය ක්‍රීඩා අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් සංසිදුන ද,මුල්ම
අවස්ථාවන් හී ඡන්ද විමසීමේ දී වැඩි පිරිසක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ.
ලේකම්වරයා පත් කිරීමේ දී මේ තත්ත්වය හොදින්ම දක්නට
ලැබුණු අතර එහිදී භාවිතා වූවේ ඡන්ද 85 ක් පමණි.එයින් ඡන්ද 50 ක් ලබා ගත් රියාද්
අද්මිරාල් ෂෙමාල් ප්‍රනාන්දු ලේකම් ධූරයට පත්විය.මලල ක්‍රීඩා පරිපාලනයට ප්‍රවීනයෙකු
වූ ප්‍රේමා පින්නවල එහි දී ලබා ගත්තේ ඡන්ද 35 ක් පමණි.භාණ්ඩාගාරික ධූරය සදහා ප්‍රවීන
මලල ක්‍රීඩකයෙකු වූ තලෙව් අලෙයිලීමා තරග වැදුණු අතර ඔහු ජාතික ක්‍රීඩා උළෙල වල දී
විශාල පදක්කම් ප්‍රමාණයක් ලබා දුන් බස්නාහිර පළාතේ දිස්ත්‍රික් සංගම් තුනම ඔහු
වෙනුවෙන් ඡන්දය පාවිච්චි නොකිරීම කණගාටුදායක තත්ත්වයක් විය.කෙසේ වුවත් ඔහු ඡන්ද 48
ක් ලබා ගත් අතර භාන්ඩාගාරික ධුරය චන්දන ඒකනායක ට හිමිවූයේ වැඩි ඡන්ද දෙකකින් ය.
උප ලේකම් ධුරය සදහා තරගයක් නොපැවති අතර ඒ සදහා බර්නාඩ්
පෙරේරාත්,දීර්ඝකාලයක් සටහන්කරු ලෙස සිටි
සමන් කුමාර යළිත් නිතරගයෙන්ම ද එම ධූරවලට පත් වූ අතර උප භාණ්ඩාගාරික ධුරය සදහා
පැවති සටන ඔලිවර් පෙරේරා ජය ගත්තේ ඡන්ද 67 ක් ලබමින් වූ අතර ඔහු හා තරග වැදි එච් ඒ
උපාලි ට ලැබුණේ ඡන්ද 22 ක් පමණි.උප සභාපති ධුරය සදහා පැවති තරගයේදී මලල ක්‍රීඩා
කේෂ්ත්‍රයේ බොහෝ දෙනෙක් ට සිය ජීවන ගමන සකස් කළ දුන් සුනිල් ජයවීරයන් එහි කෘතෝපකාරය
ලැබූ අතර මෙම ඡන්ද සටනේ අපේක්ෂකයෙකු ලද වැඩිම ඡන්ද ප්‍රමාණය ලැබූ හෙතෙම ඡන්ද 102
ක් ලැබීය.අජිත් නාරාගල ඡන්ද 82 ක් ද,සුසන්තිකා ජයසිංහ ඡන්ද 71 ක් ද ලබා දෙවන සහ
තෙවන ස්ථාන ලැබූ අතර සිව්වන ස්ථානය ඡන්ද 65 ක් ලැබූ එච් ඩබ් නිමල්සිරිද ඡන්ද 61 ක්
ලැබූ අජිත් අබේසේකර පස්වන තැනද ලැබීය.හයවන තැන හිමි වූයේ ඡන්ද 60 ක් ලැබෟ ටීඑම්
දේවෙන්ද්‍රට ය.
ප්‍රවීන මලල ක්‍රීඩක සුගත් තිලකරත්න ඡන්ද 58 ක් ලැබූ
අතර,උපාලි කුමාසිරි ඡන්ද 38,එන්ඒටී ජයසිංහ ඡන්ද 33 ක් සහ අනිල් වීරසිංහ ඡන්ද 32 ක්
ලැබීය.කෙසේ වුව ද ඡන්දයට පැමිණි විශාල නියෝජිත පිරිසක් පැවසූවේ රහස් ඡන්දයක්
පැවතියේ නම් මීට වඩා ප්‍රතිපලයේ වෙනස්වීම් අපේක්ෂා කිරීමට තිබුණු බවය.ප්‍රසිද්ධියේ
අත ඔසවා ඡන්දය ප්‍රකාශ කිරීමට වීම නිසා තමන් විශ්වාස කරන සුදුස්සා වෙනුවට වෙනත්
බලපෑම් සහ බලවත් චරිත ඉදිරිපිට ඒ කැමැත්ත වෙනස් කර ගැනීමට සිදු වූ බව පැවසූ ඔවුන්
ඡන්දයෙන් ජයගත් පිරිස් ඉදිරියේදී තමන්ට ඡන්දය පාවිච්චි කළ සහ නොකළ ලෙස නොව
දක්ෂතාවයන් ප්‍රමුඛත්වයේ සළකා කටයුතු කරන්නේනම් යහපත් බව පැවසීය.
කොදෙව් නායිකා ටේලර්ගෙන් තුන් ඉරියව් දස්කම්
බටහිර ඉන්දීය කොදෙව් නායිකා ස්ටෙෆානි ටේලර් ගේ තුන්
ඉරියව් දක්ෂතා හේතුවෙන් ශ්‍රී ලංකාව සමග
පැවති දෙවන 20/20 තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු හතක පරාජයක් ලැබිණ.ඉණිම ඇරඹූ
කොදෙව් නායිකා ටේලර් ලකුණු 62 ක් ලබා ගත්තේ හතරේ පහර 6 ක් සහ එක් හයේ පහරක් සමග
පන්දු 49 ක් තුළය.පන්දු යැවීමේ දී ටේලර් විසින් ලකුණු 23 ට කඩුලු 3 ක් දව ගත්තේය.
කාසියේ වාසිය ලැබූ කොදෙව් කණ්ඩායම සිය පන්දු ඕවර 20 නිමා
කළේ කඩුලු 4 ට ලකුණු 129 ක් ලබා ගනිමින් ය.පන්දු යැවීමේ දී චන්දිමා ගුණරත්න ලකුණු
විස්සකට කඩුලු 2 ක් දවා ගත්තේය.පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවට පන්දු ඕවර්
20 තුළ රැස් කිරීමට හැකි වූයේ කඩුලු 9 ක් දැවී ලකුණු 122 ක් පමණි.ශ්‍රී ලංකාව
වෙනුවෙන් වැඩිම ලකුණු ලැබූ දීපිකා රසාංගිකා පන්දු 42 ක් තුළ ලකුණු 39 ක් රැස් කළ
අතර පන්දු 17 ක් සහ පන්දු 23 ක් තුළ පිළිවෙළින් චාමිනී සෙනවිරත්න සහ ඉනෝකා ගලගෙදර
ලකුණු 25 බැගින් ලබා ගත්හ.
තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ස්ටෙෆානි ටේලර් පත් වූ අතර
පහත දැක්වෙන්නේ තරගයේ සමස්ථ ලකුණු විස්තරයට ප්‍රවේශ විය හැකි මගයි. http://www.espncricinfo.com/ci/engine/current/match/560858.html
May 3, 2012
මලල ක්‍රීඩා නිලවරණයේ ඉල්ලා අස්වීම් වැඩිවේ
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhHoisLjXjNK72xtDh9LFxcwZbmVx5HcxsNsOMouAfNKwXxg3HewYqDxRAMPyni5AxgMA7n87ho-cQja8AApo970tGWJwklgN0NiF9dUjVLuj4StSsG01y5lpGZed-pVU3orrRRnry2uc0/s320/withdrown.jpg)
මේ අනුව යමෙකු අත උස්සා ඡන්දය ප්‍රකාශ කිරීමට එරෙහිව
විරෝධය පාමින් ද,ඇතැම් පිරිස් නීතීමය තත්ත්වයන් අනුව ඡන්දයට ඉදිරිපත් වීමට නොහැකි
තත්ත්වයන් තේරුම් ගෙන ද මෙම ඉල්ලා අස්වීම් ප්‍රකාශ කිරීමට නියමිතය.පසුගිය දිනවල
මෙම නිලවරණය නිසා බොහෝ දිස්ත්‍රික් සංගම් සහ ඡන්ද හිමි ක්‍රීඩා සමාජ නියෝජිතයන්ට සාද වලින් අඩු නැති කාලයන් වූ අතර ඇතැම් අපේකෂකයන් විශාල මුදලක් මේ වෙනුවෙන් වැය
කරනු දකින්නට ලැබිණ.ඒ ආකාරයටම එම අපේක්ෂකයන් අදින් පසුව මෙම පිරිස රැක බලාගැනීමට ද
ඉදිරිපත් වන්නේ මලල ක්‍රීඩාවට බොහෝ ගැටළු වලින් මිදෙන්නට හැකියාව ලැබෙනු ඇත.එහෙත්
නිලවරණ සමයේ දකින්නට ලැබෙන සෙනෙහස ඉන් අනතුරුව පත්වන නිලධාරීන් වෙතින් දකින්නට
නොලැබීම කණගාටුදායක තත්ත්වයකි.
උතුර - දකුණ අවුරුදු කෑ යාපනයේ අවුරුදු උළෙල
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjTirMhvRWNcSYVQuHaZPAnCXTrMGeMo6F0dumzebL_Ctmc6djVlu4dE-i4MZ6bpctHP7bBmXWvKz2mlhJTnuCtzp_WWzZo2CJlB0wVy6v5qSCsAeaXxwh-P5fqdgOsocumAgmYtOwJO_8/s320/awrudu+kumariya.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEice6InNCeSFNqM68C5q7SQ2yeEfV7oTMpYQqQa8PnaOoIBg1qMUupl6n0RYNBL7vRKcis4Z7NyP4eyo8IS8zfNG34EN1YW_R1heBF8CyShzLV7IsjJKTQ9i5iJ8Q3pqjcjvU5mcu8Vfu8/s320/awrudu+kumaraya+1.jpg)
යෞවන කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ගේ ප්‍රධානත්වයෙන්
පැවති මෙම බක්මහ උළෙල සංවිධානය කිරීමේහිලා මූලිකත්වය ගත් ජාතික තරුණ සේවා සභාවේ
සභාපති ලලිත් පියුම් පෙරේරා එක් දිස්ත්‍රික්කයකින් සිය දෙනෙකු බැගින් උතුරේ
අවුරුදු උත්සවය සදහා සහභාගි කරවන්නට පියවර ගෙන තිබිණ.සාම්ප්‍රදායික අවුරුදු ක්‍රීඩා
සදහා මුල් තැනක් දෙමින් ක්‍රියාත්මක වූ එම අවුරුදු උත්සවයේ විශේෂ අවස්ථා කිහිපයක්
පහත ඡායාරූපවලින් දැක්වේ.
නමුත් සාමාන්‍ය අවුරුදු උත්සවයක් නොවූ මෙම
අවුරුදු උළෙලේ ජාතික වටිනාකමට සැබෑ අරුතක් එක් වන්නේ උතුරේ හැගීම් දෙස ජාතිවාදීව
ආගම්වාදීව කොටු වී ග්‍රෝත්‍රික මනසකින් නොබලා අන් සංස්කෘතීන්ට ගරු කරන හැගීම් තාරුණ්‍යයට
කියා දෙන මාවතක් තරුණ සේවා සභාව හරහා විවර
වන්නේ නම් මේ අවුරුදු උත්සවයේ වසන්ත සිරිය,අවුරුදු උත්සවය පැවති මොහොතටත් වඩා අනාගතයේදී රටටම දැනෙනවා නිසැකය.
www.supirikrida.com
www.supirikrida.com
May 2, 2012
ෂැනල් සහ ශෂී ගැටුමෙන් යළිත් ෂැනල් ට ජය
බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම් අතර
බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී ක්‍රියාත්මක තරගාවලිය මේ වන විට කොදෙව් කණ්ඩායමේ
ෂැනල් ඩැලේ ගේ ශ්‍රී ලංකාවේ ශෂිකලා සිරිවර්ධන ගේ ද්වන්ධ සටනක් බවට පත්ව ඇති
අතර එහි තවත් පියවරක් වූ කණ්ඩායම් දෙක අතර පළමු 20 / 20 තරගයෙන්ද ෂැනල් ජය
ගත්තාය.කාසියේ වාසියෙන් අනතුරුව පළමුව පන්දුවට පහර දීමට පිවිසි කොදෙව් ක්‍රීඩිකාවන්
සිය පන්දු ඕවර් 20 කඩුලු 7 ලකුණු 127 ක් ලබා නිමා කළේය.
කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ෂැනල් ඩැලේ ලකුණු 48 ක් ලැබූ
අතර ඒ සදහා ඇයට ගත වූයේ පන්දු 28 ක් පමණි.පන්දු ඕවර් 4ක් තුළ ඩිටෙන්ද්‍රා ඩොටින්
සමග ලකුනු 39 ක සබදතාවයක් තෙවන කඩුල්ලට පැවත්වීම කොදෙව් ඉණිමේ අඩිතාලම වූ අතර
ඩොටින් පන්දු 25 දී ලකුණු 30 ක් ලබා ගත්තාය.පන්දු යැවීමේදී ශෂිකලා සිරිවර්ධන ලකුණු
24 ට කඩුලු 2 ක් දවා ගත් අතර චාමිනි සෙනවිරත්න ලකුනු 22 / 1,චන්දිමා ගුණරත්න 20/
1,ශ්‍රී පාලි වීරක්කොඩි 25/1 සහ සදමාලි දොලවත්ත 27/1 ලෙස පන්දු යැවීමෙන් කැපී
පෙණින.
පිලිතුරු ඉණිමට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නුහුරු
කළබලයකින් ක්‍රියා කරන්නට වූ අතර එහි ප්‍රතිපලය වූයේ එක ලකුණු අහිමි වීම සහ සෑම
විටම ලබා ගන්නා ලකුණු ප්‍රමාණයට වැඩි පන්දු ප්‍රමාණයක් වැය කරන්නට සිදු විමය.ප්‍රසාදිනී
වීරක්කොඩි ආරම්භක පිතිකාරිනිය ලෙස ලකුනු 29 ක් ලැබූවත් ඇය ඒ සදහා පන්දු 41 ක් වැය
කළ අතර පිතිකරණයේදී ද හුදෙකලා සටනක නිරත වූ ශෂිකලා සිරිවර්ධන පන්දු 24 ක් තුල ලකුණු
33ක් ලබා නොදැවි සිටියාය.හතරේ පහර 3 ක් සහ එක් හයේ පහරක් ඇතුළත් වූ එම ඉණිමට සහය
දෙන්නට කිසිවෙකු නොසිටි අතර කොදෙව් 20/20 කණ්ඩායමට නායකත්වය දෙන ස්ටෙෆ්නි ටේලර්
19/2 සහ අනීෂා මොහොමඩ් 20/2 පන්දු යවන්නියන් ප්‍රමුඛ කොදෙව් පන්දු බල ඇණිය ශ්‍රී
ලංකා ඉණිම ලකුණු 104 ක් ව තිබිය දී නවතා දමනු ලැබුවේ කඩුලු 8 ක් ද පන්දු ඕවර් 20
තුළ ශ්‍රී ලංකාවට අහිමි කරමින් ය.
ජායාරූයේ දැක්වෙන්නේ කොදෙව් ඉණිම ගොඩ නැගූ ඩොටින් සහ
ෂැනල් ය.
May 1, 2012
ශ්‍රී ලංකා කණිෂ්ඨ මේස පන්දු කණ්ඩායම තායිලන්තයට
ශ්‍රී ලංකා කණ්ෂ්ඨ මේස පන්දු
කණ්ඩායම තායිලන්ත කණිෂ්ඨ සහ කැඩේට් විවෘත මේස පන්දු තරගාවලිය නියෝජනය කිරීම පිණිස
ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිතය.තායිලන්තයේ පතායා හී දී මැයි 05 වන දා සිට මැයි නව වන දා දක්වා මෙම
තරගාවලිය පැවත්වේ
කණ්ඩායමට ප්‍රධාන පුහුනුකරු
සහ කළමණාකරු ලෙස ඩබ්ඒ බුද්ධසිරි එක් වන අතර අවුරුදු 15 න් පහළ කණ්ඩායමේ
පුහුනුකාරීත්වය දරන්නේ ශ්‍රී ලංකාව බිහිකළ සුපිරිතම මේස පන්දු ක්‍රීඩිකාවක හැටියට
ගැනෙන නාමල් ගුණසේකර ය.අවුරුදු 12 න් පහළ පුහුනුකරු තණතුර තුෂාර සම්පත් ට හිමි වී
ඇති අතර කාන්තා නිලධාරිණ්ය ලෙස කණ්ඩායමට එක් වන්නේ එම්ඒආර් පතිරණ ය.
බාලිකා කණ්ඩායම
චන්දිමා මධුශානි - මහනුවර මහමායා බාලිකා විදුහල,කසුනි
පිටිගල -ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විදුහල,අවින්දි නිසංසලා -අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල,මුතුමාලි
ප්‍රියදර්ශණී -අම්බලන්ගොඩ දේවානන්ද විදුහල,පවනි සිරිසේන කුරුණෑගල
මලියදේව බාලිකා විදුහල,ප්‍රවීනා සිල්වා -මහනුවර උසස් බාලිකා විදුහල,හංසනි
පියුමිලා -නුගේගොඩ අනුලා විදුහල.ඉමාෂා ද සිල්වා - අම්බලන්ගොඩ ධර්මාශෝක
විදුහල,රෝෂිණි ධනාකා -කුරුණෑගල ශුද්ධ වූ පව්ලේ කන්‍යාරාමය
බාලක කණ්ඩායම
නුවන් ජයසුන්දර - කුරුණැගල
මලියදේව විදුහල,සුපුන් සිරිසේන - කුරුණැගල මලියදේව විදුහල,ප්‍රබෝධන
රොද්‍රිගෝ- මහනුවර ශාන්ත අන්තෝනි විදුහල,චින්තක ඒකනායක-මහනුවර
විද්‍යාර්ථ විදුහල,ෂෙහාන් ශානක- අම්බලන්ගොඩ දේවානන්ද විදුහල,චමිදු
තෙන්නකෝන් මහනුවර ධර්මරාජ විදුහල,පීබීයූ තෙන්නකෝන් මහනුවර
ධර්මරාජ විදුහල, ලිත්මිණ මහානාම-කොළඹ වෙස්ලි විදුහල,චතුර
ගුණසේකර- මහනුවර සසෙක්ස් විදුහල
අනූෂා,නිල්මිනි සහ ශිරෝමාලි චීනය හරහා ලන්ඩන් යන්න වෙර දරති
![]() |
අනූෂා සහ නිල්මිණි |
ලන්ඩන් ඔලිම්පික් උලෙල සදහා
සුදුසුකම් ලැබීම සදහා අවස්ථාව සළසා ගත හැකි කාන්තා ලෝක කුසලාන බොක්සිං කුසලාන
තරගාවලියට සහභාගි වීම සදහා අනූෂා කොඩිතුවක්කු,නිල්මිණි ජයසිංහ සහ ශිරෝමාලි වීරරත්න
චීනය බලා පිටත්ව ගියහ.මැයි 9 සිට 20 දා දක්වා ජගත් ආධුනික බොක්සිං සම්මේලනය
සංවිධානය කරන චීනයේ කින්හොන්ගාඩෝ හී පැවත්වෙන මෙම තරගාවලිය සදහා ෆ්ලය්වේග්ට් බර පංතියේ
සිට සුපර් හෙවිවේට් බර පංතිය සදහා වන සියළු බර පංති වල තරග ඇතුළත් වන අතර අවුරුදු
17 සිට 34 දක්වා වන ක්‍රීඩිකාවන්ට විවෘත වන මෙම තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්
තිදෙනා ඔලිම්පික් බර පංති නියෝජනය කරති.
![]() |
ශිරෝමාලී |
මෙවර ඔලිම්පික් තරගාවලියට ප්‍රථම
වරට කාන්තා බොක්සිං ක්‍රීඩාව ඇතුළත් වන අතර ඒ අනුව බර පංතා තුනක් පමණක් ඇතුළත් කර
ඇත.මෙම බර පංතියෙන් සුදුසුකම් ලබා ගැනීම සදහා ජගත් ශ්‍රේණිගත කිරීම්වල ෆ්ලයිවේට්
ඉසව්වේ හයවන ස්ථානයේ සිටි අනූෂා කොඩිතුවක්කු සිය ඉසව්ව අතහැර ඔලිම්පික් බර පංතියන්
වන කිලෝග්‍රෑම් 51 බර පංතියට පිවිස සිටින අතර,නිල්මිණි ජයසිංහ කිලෝග්‍රෑම් 54 බර
පංතියේ ලොව 16 වන තැනට ශ්‍රේණිගතව සිට ඔලිම්පික් බර පංතියට පිවිස මෙම තරගයට සහභාගි
වන්නේ කිලෝග්‍රෑම් 60 බර පංතියෙන්ය.ඉකුත් ආසියානු සූරතා බොක්සිං තරගාවලියේ දී ශ්‍රී
ලංකාව දිනූ එකම ලෝකඩ පදක්කමට හිමිකම් කියූ ශිරෝමාලී වීරරත්න ද මෙම තරගාවලියේ දී ඔලිම්පික් බර පංතියක් වන
කිලෝග්‍රෑම් 75 දක්වා සිය බර වැඩි කරගෙන තරගයට පිවිසෙන අතර ඒ සම්බන්ධයෙන් අදහස්
දැක්වූ ඇයගේ වත්මන් පුහුණුකරු පූජිත මෙණ්ඩිස් ප්‍රකාශ කර සිටියේ ඇයගේ නියම බර
පංතිය කිලෝග්‍රෑම් 75 බවත් ඇය 69 බර පංතියෙන් තරග වදින්නේ එම බර (කිලෝග්‍රෑම් 75) පංතියේ
ප්‍රමාණාත්මක තරගකාරීත්වයක් නොවන නිසාත් බව ය.
තරගාවලියේ පුහුණුකරු ලෙස
සහභාගි වන්නේ 2008 බීජිං ඔලිම්පික් උළෙල නියෝජනය
කළ අනුරුද්ධ රත්නායක වන අතර සහය පුහුණුකරු ලෙස ශිරෝමාලි නියෝජනය කරන ශ්‍රී
ලංකා පොලිසියේ මෙන්ම ඇයගේ ද වත්මන් පුහුණුකරු වන පූජිත මෙණ්ඩිස් සහභාගි
වන්නේය.කණ්ඩායම් කළමණාකරු ලෙස වත්මන් බොක්සිං සම්මේලනයේ භාණ්ඩාගාරික රුවන් කෑරගල
මෙම සංචාරයට එක් වී සිට්නනේය.
මේ වන විට තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා
කණ්ඩායම තායිලන්තයේ තායිලන්ත ජාතික කණ්ඩායම සමග පුහුණුව ලබමින් සිටින අතර ඉකුත්
අප්‍රේල් 28 වන දා ඇරඹි මෙම පුහුණු සැසිය මැයි 7 වන දා අවසන් වීමට නියමිතය.
උදය සහ උමායා ක්‍රිස් ගුණරත්න තරගාවලියේ දක්ෂතමයන් වෙති
ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලීය ගෘහස්ත
ක්‍රීඩා සංකීරණයේදී අප්‍රේල් 27 සිට 29 දක්වා පැවති ක්‍රිස් ගුණරත්න මේස පන්දු
සූරතාවලියේ දී කැපී පෙණුනම ක්‍රීඩකයා ලෙස අවුරුදු 15 න් පහළ සහ 18 යන පහළ බාලක
සූරතා ද්විත්වයම දිනාගත් මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ උදය රණසිංහ තේරී
පත්විය.කැපී පෙණුනම ක්‍රීඩිකාව වූයේ අම්බලන්ගොඩ ධර්මාශොක විද්‍යලයේ උමායා තාරකී
ය.ඇය අවුරුදු18 පහළ සූරිය මෙන්ම විවෘත තරගාවලියේ අනු සූරිය ද වූවා ය.
ජායාරූපයේ දැක්වෙන්නේ තරගාවලියේ ඒ ඒ වයස්
ඛාණ්ඩ වලින් ජයගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරගාවලි අනුග්‍රාහකයන් සහ ශ්‍රී ලංකා
ටේබල් ටෙනිස් සංගමයේ නිලධාරීන් ය.
ඉදගෙන වමේ සිට
ජගත් රාජපක්ෂ (ජාතික පුහුණුකරු),ධනන්ජය ධර්මරත්න (ලේකම්),චන්දන පෙරේරා (ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරි),රංජිත එදිරිසිංහ(විශේෂ ඉසව් කළමණාකරු -කොකාකෝලා බෙවරේජර්ස් ශ්‍රී ලංකා) පාර්ලිමේන්තු මංත්‍රී කණක හේරත් (උප සභාපති සහ තරග කමිටු සභාපති),සමන් රත්නායක් (භාණ්ඩාගාරික),තුෂාර සම්පත් (තරග කමිටු ලේකම්),ගෘප් කපිතාන් ලක්ෂ්මන් රණතුංග (උප සභාපති)
සිටගෙන වමේ සිට
දමිත්
වීරසේන(අවුරුදු
10 පහළ සූරතාවය),උදය රණසිංහ අවුරුදු 15 න් සහ 18 න් පහළ සූරතාවයන්),උමායා තාරකී
(අවුරුදු 18 න් පහළ සූරතාවය සහ විවෘත අනු සූරතාවය) රුවිනි කන්නන්ගර (අවුරුදු 15
පහළ සූරිය සහ අවුරුදු 18 න් පහළ අනු සූරිය),ඉෂාරා මධුරංගි (විවෘත සූරතාවය).රොහාන්
සිරිසේන (විවෘත සූරතාවය),ඉසුරු අන්ජන (අවුරුදු 12 න් පහළ සූරතාවය),හංසනී පියුමිලා
(අවුරුදු 12 න් පහළ සූරතාවය)
මේ සමග දැක්වෙන්නේ තරග සංවිධායකයින් විසින් නිකුත්
කරන්නට යෙදුණ තරග ප්‍රතිපල ලෙඛණය ය.
Final Results
Men’s Singles: Rohan Sirisena of Sri Lanka Air Force beat
Nirmala Jayasinghe of MAS Intimates (PVT) ltd 11/08, 12/10, 05/11, 06/11,
05/11, 11/09,12/10
Women’s Singles: Ishara Madurangi of Sri Lanka Air Force
beat Umaya Tharakie of Dharmasoka College Ambalangoda 11/06, 11/09, 05/11, 11/09,11/06
Veterans
Singles : Gamini Moraes beat M. Marzook
11/08,11/05,11/03
Masters Singles : Jagath Rajapaksha beat Wajira
Wickramasinghe 12/10,08/11,11/09,12/14,11/06
Under 18 Boys Singles: Udaya Ranasinghe of Vidyartha
College , Kandy
beat Thilina Wijesiri of Vidyartha college Kandy 11/06, 11/05, 11/08
Under 18 Girls Singles: Umaya Tharakie of Dharmasoka College
Ambalangoda beat Ruwani Kannangara of Musaeus College ,
12/10, 06/11, 13/11, 13/11
Under 15 Boys Singles: Udaya Ranasinghe of Vidyartha College Kandy beat Nuwantha
Niroshana of Dharmasoka college Ambalangoda 11/07, 08/11, 11/05, 11/08
Under 15 Girls Singles: Ruwani Kannangara of Musaeus College Colombo beat
Muthumali Piyadharshani of Devananda college Ambalangoda 11/08, 11/06,10/12, 11/04
Under 12 Boys Singles: Isuru
Anjana of Darmasoka College Ambalangoda beat Virunaka Hendahewa
Royal College, Colombo
7/11,11/9,5/11,13/11,11/8
Under 12 Girls Singles: Hansani piumila of Anula vidyalaya , Nugegoda
beat Thanushi Rodrigo of Mahamaya College Kandy 11/6,11/6,11,11/7
Under 10 Boys Singles: Dewmith weerasena of Lyceum International
School , Nugegoda beat
Isuru Hansa Methmal of Kegalu vidyalaya; kegalla 11/4,11/6,11/4
Under 10 Girls Singles: Dilmi Kolabage of Prajapathi
Balika Vidyalaya Ambalangoda beat W.I.S.Priyasadi of Sussex College,Kegalle 06/11,06/11,
11/07,11/5,11/9
Apr 30, 2012
ඩක්වර්ත් ලුවිස් න්‍යායේ උදව්වෙන් කොදෙව් ලලනාවෝ තරගාවලිය ජය ගනිති
බටහිර ඉන්දීය කොදෙව් කාන්තා සහ ශ්‍රී ලංකා කාන්තා
කණ්ඩායම් අතර බාර්බඩෝස් හී ක්‍රියාත්මක වුණු තෙවන එක්දින තරගයෙන් ඩක්වර්ත් ලුවිස්
න්‍යාය යටතේ ලකුණු 45 ක ජයක් ලැබූ කොදෙව් ක්‍රීඩකාවෝ තරග තුනකින් සමන්විත එක්දින
තරගාවලියේ ජය 2 – 1ලෙස හිමි කර ගත්හ.තරගාවලිය පුරාම කැපී පෙණුන කොදෙව් පිතිකාරිණිය
සැනල් ඩැලේ මෙම තරගයේදී ද ලකුණු 63 ක් රැස් කළ අතර ඇය මේ තරගාවලිය පුරාම දැක් වූ
දක්ෂතා ද සළකා තෙවන එක්දින තරගයේ මෙන්ම සමස්ථ තරගයේද දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මානනීය වූවාය.
කාසියේ වාසිය ලැබූ ශ්‍රී ලංකා නායිකා ඩිලානි මනෝදරා
පළමුව පන්දුවට පහර දීමට කොදෙව් ක්‍රීඩිකාවනට කළ ආරාධනය අනුව ඔවුන් පන්දු ඕවර් 40
දී ලකුණු 168 ක් ලබා සිටිය දී ඇද හැලුණු වර්ෂාව තරගයට බාධා ඇති කළේය.ඒ අනුව ජයග්‍රහණය
සදහා ඩක්වර්ත් ල්‍රවිස් න්‍යාය යටතේ ලකුණු 177 ක ජයග්‍රාහී ඉලක්කයක් ශ්‍රී ලංකාවට
එල්ල වූ අතර නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දු ඕවර් 38.4 ක් තුළ ලකුණු 131 ක ට
සියළු දෙනාම දැවී ගියේ ලකුණු 45 ක ජයක් කොදෙව් ක්‍රීඩිකාවන්ට පරිත්‍යාග කරමින් ය.
තරගාවලිය පුරාම තුන් ඉරියව්වෙන්ම කැපී පෙණුන ශෂිකලා
සිරිවර්ධන මෙම තරගයේදී ද පන්දු යැවීමෙන් ලකුණු 40 ට කඩුලු 4 ක් ලබා ගත් අතර
පිතිකාරිණියක ලෙස ද ශ්‍රී ලංකා පිළේ සාර්ථකම පිතිකාරිණිය වෙමින් ලකුණු 34 ක්
ලැබීය.ශ්‍රී ලංකා පන්දු යවන්නියන් ඉදිරියේ නොසැලුණු අයරින්ම හ්‍රී ලංකා
පිතිකාරිණියන් සසල කළ ෂැනල් ඩැලේ ලකුණු 25 ට කඩුලු 3 ක් ලැබූ අතර තරගාවලිය පුරා
කඩුලු අතර සිටි කොදෙව් පන්දු යවන්නිය වූ අනීශා මොහොමඩ්ට මෙහිදී සාර්ථක වන්නට
අවස්ථාවක් නොලැබුණු අතර මෙම තරගයේදී සාර්ථකම කොදෙව් පන්දු යවන්නිය වූ සබ්රිනා
මුන්රේ ලකුණු ලකුණු 15 ට කඩුලු 3 ක් ලැබුවාය.
සංගා පහ වෙයි එක චන්ද්‍රපෝල් ට
ජාත්‍යන්තර ක්‍රිකට්
වර්ගීකරණයේ ටෙස්ට් පිතිකරුවන් අතර අංක එකට සිටි කුමාර සංගක්කාර පස්වන ස්ථානයට ඇද
දමමින් වසර තුනකට ආසන්න කාලයකට පසුව ටෙස්ට් පිතිකරු වර්ගීකරණයේ පළමුවැන්නා වීමට
ශිවනාරීන් චන්ද්‍රපෝල් ට අවස්ථාව හිමි වුණා.ඕස්ට්‍රේලියාව ඉදිරියේ තරග 2 – 0 ක්
ලෙස පරාජය වූ ටෙස්ට් තරගාවලිය තුළ හුදෙකලා සටනක නියැලි චන්ද්‍රපෝල් තරග තුනකදී
ලකුණු සාමාන්‍ය්‍ය 86.50 ක් සමග ලකුණු 336 ක් රැස් කර තිබුණා.
කෙසේ හෝ මෙම තරග ජයග්‍රහණයත්
සමග ඕස්ට්‍රේලියාවට ටෙස්ට් වර්ගීකරණයේ ඉන්දියාව පහතට ඇද දමා තෙවන ස්ථානය දක්වා
ඉහළට ඒමට අවස්ථාව සැළසුණු අතර ටෙස්ට් පන්දු යවන්නන් අතර පස්වන ස්ථානයට පැමිණෙමින්
රංගන හේරත් විශාල වෙනසක් කර තිබෙනවා.මේ අතර ටෙස්ට් පිතිකරු වර්ගීකරණයේ හත්වන
ස්ථානයේ රැදෙන්නට තිලාන් සමරවීරට හැකි වී තිබෙනවා.
Apr 29, 2012
යකඩ කෑ තෘණ විශේෂඥයා රබර් කෑමට සැරසෙයි
ක්‍රිකට් ආයතනයේ තණනිලි සමග
බැදුණු විශේෂිත නමක් ඇති පුද්ගලයෙකු එක්තරා වෙළද ආයතනයක් සමග පවතින සම්බන්ධයක්
හේතු කර ගනිමින් වැරදි මිළ දී ගැනීම් කර තිබෙන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ
විශේෂ කතා බහක් ඇති වෙමින් පවතියි.තණතිලි සැකසීමට අවශ්‍යය රෝල් මිළදී ගැනීමේදී මේ
පුද්ගලයාගේ නිර්දේශ පිට ගන්නා ලද රෝල් මේ
වන විට වැඩ සදහා යොදා ගැනීමට නොහැකි තත්ත්වයක පවතින බවත් ඒ නිසාම ක්‍රිකට් ආයතනයේ
පහළ සේවකයින් යකඩ කණ යකා කියන අර්ථය හැගෙන පරිදි මෙම තණනිලි විශේෂඥයාට කෝච්චිය
යනුවෙන් නම් පට බැද ඇති බවත් සුපිරික්‍රීඩා වෙත වාර්තා වේ.
මෙම සැක සහිත බව තව දුරටත්
වර්ධනය කරමින් ජලය උරා ගැනීමේ යන්ත්‍ර මිලදී ගැනීමේදී ද මෙම තෘණ විශේෂඥයාම
මැදිහත්ව අදාළ ආයතනයෙන් එම මිළදී ගැනීම් කර තිබෙන බවද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.ප්‍රමිතියෙන්
තොර භාන්ඩ ඉදිරිපත් කළ ආයතනයකින් විශ්වසනීයත්වය කඩ කිරීම සම්බන්ධයෙන් යම් පියවරක්
ගත යුතු අතර එම ආයතනය සහ භාන්ඩ නිර්දේශ කරන නිලධාරියාද ඒ සම්බන්ධයෙන් වන හානියේ
කොටස්කරුවෙකු වන බැවින් නැවත නැවතත් එවැනි වැරදි කරන ලද ආයනයක් පත් තොරා ගැනීම සැක
සහිතය.
කෙසේ වුවත් කුමන සැකයක් මතු
වුව ද මෙම නිලධාරියා එම ආයතනය වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටීම නොකඩවා සිදු කරන
බවක් දැකිය හැකි අතර ඔහු මේ වන විට තණතීරු ආවරණ ලබා දීමේ කොන්ත්‍රාත්තුවක් ද එම
ආයතනයට පැවරීමට උත්සාහ දරමින් සිටින බව වාර්තා වේ.මේ පිළිබදව ක්‍රිකට් ආයතනයේ පහළ
සේවකයෙක් සුපිරික්‍රීඩා වෙත පවසා සිටියේ යකඩ වලට ගුල්ලෝ ගහනවනම් රබර් ගැන මොන කතා
ද යනුවෙනි.
කෙසේ හෝ මෙම නිලධාරියා අදාළ
ආයතනයෙන් මිළදී ගැනීම පිළිබදව කටයුතු කර තිබෙන ආකාරය සහ එම ආයතනයෙන් මිළදී ගත්
භාන්ඩවල ප්‍රමිතිය සම්බන්ධයෙන් ක්‍රියා කර ඇති ආකාරය මෙන්ම ක්‍රියා කරන ආකාරය
පිළිබදවද අපි දැඩි විමසිල්ලේන් සිටිමු.
ඉදුනිල්ට දශම නවයෙන් ගැස්සෙයි
Subscribe to:
Posts (Atom)