එම තරගය සජීවි ව විද ගත් ඕනෑම අයෙකු තරගය නිම වන තෙක් කනගාවා ක්‍රීඩකයෝ තැති ගැන්මකින් ක්‍රීඩා කළ බව දුටූහ.ඒ නිසා පීඩනය ලකුණු 11 ක් තරම් දුර යෑමේදි මදක් හෝ සැහැල්ලු විය හැකි වුව ද,ලකුණු 3 සීමාවේදි ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ඉදිරියේ කනගාවා කණ්ඩායමට සැහැල්ලු විමට කිසිදු අවකාශයක් නොවිණ.
ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම සහ කනගාවා කණ්ඩායම |
නාලන්ද කණ්ඩායම සහ කනගාවා කණ්ඩායම ජාතික මට්ටමේ ක්‍රීඩා කිීමෙන් අත්දැකීම් ඇති කැපවීමෙන් ක්‍රියා කළ හැකි තේරීම් කමිටුවක් මගින් මේ තත්ත්වය ඇති කළ හැකි අතර බේස්බෝල් සංගමය පවත්වන තරගාවලි දෙකේදී ක්‍රීඩකයන්ට කණ්ඩායම් මාරු කර වෙනස් කණ්ඩායම් වලට එකම පිරිසකට ක්‍රීඩා කිරීමේ අවකාශ සැළසීමේ විහිළුවෙන් නැවතී,දක්ෂ ක්‍රීඩකයන් තෝරා දක්ෂතම කණ්ඩායම් කිහිපයක් නිර්මාණය කර සංගමය මගින් තරග පැවත්වීම වටින්නේය.උදාහරණයකට උඩරට බ්ලූ සහ රෙඩ් ලෙස කණ්ඩායම් දෙකක් බටහිර යෙලෝ සහ ග්‍රීන් ලෙස කණ්ඩායම් දෙකක් ලෙස ඒ ආකාරයට නම් කරන ලද දකුණ, වයඹ ආදි කණ්ඩායම් ද නම් කර මෙම තරගාවලිය පැවත්වීමට හැකියාව ඇත. |
ජාත්‍යන්තර විනිසුරු සුජීව විජේනායක |
මෙය ජාතික බේස්බෝල් පරිපාලනය දන්නා දෙයකි.ඒ නිසා පරාජය ක්‍රීඩාවට ඇති උනන්දුව හීන කරන සහ මන්දෝත්සාහී පරාජයක් වීම වැළකිය යුතුය.
එවැනි තත්ත්වයක කනගාවා තරුණ කණ්ඩායමේ වයස මට්ටම සැළකිල්ලට අපේ පාසල් සූරයන්ට ඔවුන් හා තරග වැදීමට ඉඩ සැකසීම ළදරු පාසල් දරුවෙකු සහ උසස් පෙළ දරුවෙකු අතර මීටර් 100 තරගයක් පැවත්වීම වැනිය.හාවා සහ ඉබ්බා ගේ තරගයේදී මුග්ධ හාවා සිතූ සහ ක්‍රියා කළ ලෙස ක්‍රියා කරන්නට ජපානය නොසිතුවේ නම් මේ තරගයේ ඉරණම 28 - 1 ක් වීම සාමාන්‍ය දෙයක් බව බලධාරීන්ට නොතේරීම කණගාටුදායකය.
වටනබේ බේස්‍බෝල් ක්‍රීඩාංගණයේ සිහිනය සැබෑවක් කළ උත්තරීතර මිනිසා |
ජාතික පරිපාලනයක් සිය හෘදයාංගම බැදීම් වලින් මිදී ක්‍රියා කළ යුතුය.හැගීම් වලට වඩා බුද්ධියට ඉඩ දිය යුතුය.එසේම බලය යනු පාවාඩ සහ පිරුවට ය.සදාකාලික උරුමයන් නොවේය.ඒ තත්ත්වය තේරුම් ගෙන සිය දරු මල්ලන්ට සමාජ පූර්වාදර්ශයක් ලෙස සිය පියවරුන් සහ මව්වරුන් පිළිබදව ආඩම්බරයෙන් කතා කරන සමාජයක් ඉතිරි කර දීම පිලිබදව හැගිම්බර වන්නේ නම් එය වඩාත් බුද්ධිමත් තීරණයක් වනු සැක නැත.
අප අපට ලැබුණු අවස්ථා වෙන්දේසි කර අවසන් බැවින් එහි ලාභ අලාභ කතා කරන්නට යාම පල නැත.අලාභය රටට ද බලපාන බැවින් ඒ සම්බන්ධයෙන් එල්ල වන චෝදනා වේ නම් ඒවා ප්‍රතික්ෂේප කිරීම හෝ ඊට එරෙහිව කැරළි ගැසිමට වඩා වටින්නේ එහි යථාර්තයට අනුව කටයුතු කර බේස්බෝල් ක්‍රීඩාංගණයේ සැබැ ආශිර්වාදය දිනා ගැනිමය.මිලියන ගණනක සිහිනයක් අපට සැබෑවක් කර දෙන්නට ජපානය වෙහෙසුණ බව ඇත්තය.ඒ සිහිනය යථාර්තයක් වූ බිමේ අප වැඩි දුර නොසිතා නිරුවතින් දිවගිය බවක් පෙනෙන්ට ඇත.
ජපානය, හිරෝසිමා - නාගසාකි ඛේදවාචකයෙන් නැගිටි රටකි.වසරකට ආසන්න කාලයකදි සුනාමි අනතුරෙන් යළි ඉපදී ඇත.ඔවුන් ඒ අතර අප වැනි රටවලට සහෘදත්වයේ උණුසුම් දෑත දිගු කරන්නෙමු.අප ඔවුන් නැගිට්ටේ කෙසේද යන්න තඹයකට මායිම් නොකර තවමත් අද දවසේ ජයග්‍රහණ පිලිබදව පමණක් සිතන අනාගතය පිළිබද බර සිහින නැති රටක් ලෙස හුරේ දමමින් සිටිමු.
ජපානයේ බේස්බෝල් යනු හුදෙකලා වික්‍රමයක් නොවන එහි දේශපාලන යාන්ත්‍රණයේ පිබිදීම ප්‍රකාශ කරන කොටසක් බව සිතන්නට දේශපාලනික වූ දැක්මක් සහ පදනමක් බේස්බෝල් පරිපාලනයට ඇවැසිය.
එවිට රටක ක්‍රීඩාව සෙල්ලමක් නොවන ජාතික සංවර්ධනයේ සැළසුම් සහගත විෂය ධාරාවක් බව වැටහෙනු ඇත.ඒ තුළ කිසි විටෙක මගේ යන්න වෙනුවට අපේ යන්න ප්‍රකාශ වන්නේ එවිටය.ජයග්‍රහණ මගේ සීමාවෙන් එපිට වඩා පුළුල් අපේ ඒවා බවට පත්වන්නේද එවිටය.මෙය ලංකාවේ බේස්බෝල් වලට පමණක් නොව සියළු ක්‍රීඩාවන්ටද අදාළ විය හැකිය.
ඡායාරූප - එස් සුන්දරරාජන්
www.supirikrida.com
No comments:
Post a Comment