![](https://lh3.googleusercontent.com/blogger_img_proxy/AEn0k_sbA0sfHw_Tx99tQsI8qEZJSejlFPfKazmlF0bNJMzrZjNVFcCEndmhyOs-sJaW6nGCdDuQE3TnRplpzNbJCcTc4Z8QWz-fhkxXjQQK7w2evohzaYjo7iAEgxddnNOuLg0WVD3rE7ZdB5mi--NG79bA3CrtO2z3CN-eVP4-vsA=s0-d) |
මුතුමාලි |
ඊයේ මහනුවර පේරාදෙණිය ජගත් රාජපක්ෂ අන්තර් ජාතික ගෘහස්ථ මේස පන්දු ක්‍රීඩාංගණයේ ඇරඹි ජාතික කණිෂ්ඨ මේස පන්දු සූරතාවලියේදී මූලික වටයේ තරගයකදී අවුරුදු 15 න් පහළ බාලිකා අංක එක ක්‍රීඩිකාව වන මුතුමාලි ප්‍රියදර්ශණී පරාජය කරන්නට රෝෂිනි දහනක සමත් වූවා ය.අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලයේ ක්‍රීඩිකාවක වන මුතුමාලී ට එරෙහිව කුරුණාගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ ක්‍රීඩිකාවක වන රෝෂිනි,ලකුණු 11 /05 , 11 / 08 , 09 / 11 , 08 / 11 සහ 12 / 10 ලෙස ජය ගන්නට සමත් වූවා ය.
මේ අතර අවුරුදු 15 න් පහළ බාලිකා අංශයේදීම තවත් පෙරළියක් කරමින් එම වයස් ඛාණ්ඩයේ අංක තුනට ශ්‍රේණිගතව සිටින අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ තෙදිනි තුෂාරා එම විද්‍යාලයේම ඉමාෂා ද සිල්වා අතින් ලකුණු 11 / 08 , 11 / 07 , 07 / 11 සහ 11 / 08 ලෙස පරාජය ලැබුවාය.
සෙසු වයස් ඛාණ්ඩ වලදී එවැනි පෙරළිකාරි සිදුවීම් වාර්තා නොවුණු අතර අද තරගාවලියේ අවසාන දිනය යි.
www.supirikrida.com
No comments:
Post a Comment