විදුහල් පරිපාලනයේ දරදඩු හා කුහක තීරණ හේතුවෙන් බොහො ක්‍රීඩකයන්ට ක්‍රීඩා කිරිමට නොහැකි වුවද.තර්ජන හමුවී නොසැලී ක්‍රීඩා කරමින් ජාතික කණිෂ්ඨ බොක්සිං තරගාවලියෙදී සීවලි නාමය රනින් සැරසෙව් ක්‍රීඩකයන්ට අපගේ සුබපැතුමි!!!
SIVALI BOXING නම් වූ මහුණු පොතෙන් උපුටා ගැණුනු එම සටහනට පාදක වූ කරුණු සොයන අතරේ කණිෂ්ඨ බොක්සිං තරගාවලියේ සීවලියේ එකම රන් පදක්කම ගෙනා රුචිර ගුනසේන ගේ හඩ සමග සම වැදීමට ප්‍රථම තැන දිය යුතු බව හැගිණ.
'උණ හැදිල හිටියෙ,පළවෙනි දවසෙ ගහන්නෙ නැතිව යන්න හැදුවෙ,අපේ ස්කෝලෙ අයියල නවත්ත ගෙන බෙහෙත් අරං දීල උදව් කරා'
ඒ අයියලා සීවලි ආදි සිසුවෝය.සීවලි බොක්සි කවයෙන් පිබිද අද රටේ බොක්සි සංස්කෘතිය තුළ ඉහළ පිළිගැනිමක් ඇති කර ගෙන සිටින ඔවුන් සීවලියේ කාට වුව ආඩම්බර විය හැකි අස්වැන්නක් සීවලියට ලබා දී ඇත.අද දකුණු ආසියානු තරගාවලිය වෙනුවෙන් නම් කරන ලද බොක්සිං සංචිතය භාරව සිටින්නේද සිවලි පුත්‍රයෙකි.ඉතිං එවැනි වට පිටාවක රුචිරට යලිත් වරක් සීවලි යේ රන් අස්වැන්නට සිය දහදියේ අග්‍ර පල එක් කරන්නට භාග්‍යය උදා විය.
'ඕ ලෙවල් ඒ නවයයි.මම මැත්ස් කරන්නෙ,මේ මීට් එක ජාතික පාසල් වර්ණ වලටත් බලපාන නිසා මගේ අධ්‍යාපනයටත් මේකෙන් ලොකු රුකුලක් ලැබෙයි'
අධයාපනය පිළීබදව ඔහු කියන කතාව ඕනෑම ක්‍රීඩාවකට ප්‍රචාරනය පිණිස යොදා ගන්නට තරම් වටින්නේය.සෙල්ලමට ගියොත් ඉගෙන ගෙන හමාරයි කියන කතාවට ප්‍රති විරුද්ධ මතයක් ගොඩ නගන රුචිර ඒ ඉගෙනුම ලබන්නේද සියළු සුඛ විහරණ මැද නොවේය.
'තාත්තා ඉංග්‍රිසී ටීචර් කෙනෙක්,ඒත් දියවැඩියාව නිසා එයා ඉක්මණට විශ්‍රාම ගියා.දැනටත් තාත්තා රෝහලේ ඉන්නෙ.කකුලෙ ඇගිල කීපයක්ම අයින් කරලා'
ඔහු ගේ ජයග්‍රහනය වෙනුවෙන් වැටෙන සතුටු කදුළු පිය සෙනෙහස වෙනුවෙන් උපන් කදුළු ද සමග මුහු වන්නේය.කිහිප විටකදිම මම දැක ඇති රුචිර ගේ තාත්තා දෙපය ගසා ඇවිදිය හැකි මොහොතක සිය පුතුගේ මුෂ්ටි පහරවල ශක්තිය පෝෂනය කරනු පිණිස බොක්සිං කවය අසළ සිට දැඩි අවධානයෙන් තරග සිය දෑසින් උරා ගන්නා අයුරු මම දැක ඇතිමි.ඒ තනිකම ද රුචිරට තදින් දැනෙනවා සැක නැත.එහෙත් ඔහුගේ වේදනාව අතරේම මම මගේ රස්සාවේ ඇති උවමනාව පෙරට දැමිමි.
'ඉංජිනියර් කෙනෙක් වෙන්න පුළුවන් කියල විශ්වාසයක් තියෙනවා'
මම මානුෂික සීමාවේ සහ වෘත්තීය අවශ්‍යයතාවය යන දෙපාර්ශවයේ දෝලනය වෙමින් එපමණකින් සෑහිණ.ඉන් ටික මොහොතකට පසු මේ සටහන දුටු තැන මා යළිත් සසල වූවෙමි.ඒ සිවලිය මගේ ද විදුමව නිසාය.ඒ නිසාම ඒ සටහනේ හේතු හොයා මගේ කුහුලට පියාපත් රිදවා ගන්නට වැඩි අවශ්‍යයතාවයක් නොවිණ.
විදුහල් පරිපාලනය අවුරුදු 17 - 19 අතර වයස් සිමා වලට සීමා වන මෙම තරගාවලිය පාසල් වලට ඇකැප බව ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ගේ නිවෙස් වලට ද දැණුම් දෙමින් වලිගය පාගා ගෙන දගලා ඇත.ඒ අනුව ජාතික සම්මේලන මගින් පවත්වන මලල ක්‍රීඩා කණිෂ්ඨ සූරතාවලියට ද මෙම විදුහල්පතිවරයා හෙට දින විලංගු දමන්නට හැකිය.කණගාටුව එවැනි අවදානමක් නොදැක මෙන් පාසලේ ක්‍රීඩාභාර ගුරුවරුද විදුහල්පතිවරයාගේ මුග්ධ හැගීමට පියාසර කරන්නට අවසර දි බලා සිටිමය.
සමහර විට මේ රන් පදක්කමට රුචිරට පාසලෙන් ලැබෙන්න පුළුවන් පිළිගැනීමක් වෙනුවට දඩුවමක්.ඒක අහිමි කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද කියලත් හොයයි.
ඒ පිළිබදව කරුණු හොයා යන මට ලැබෙන එවැනි පිළිතුරු සිත් පාරවන්නේය.
ඉතාමත් හොදින් සාමාන්‍ය පෙළ සමත්ව ඉංජිනේරුවෙකු වන්නට සිහින දකින මේ සිසුවාට මේ රන් පදක්කමත් සමග විශ්ව විද්‍යාල ප්‍රවේශයටද ශක්තියක් ලැබෙන බව දැන දැනත් ගුරුවරයෙක් එහෙම කරයිද?දරුවන් සිටින පියෙක් එහෙම කරයිද?මම එය එසේ වනු ඇතැයි විශ්වාස නොකරමි.
සීවලිය යනු පසුගාමී චින්තනයෙන් බැහැරව දැඩි බැදීමකින් කටයුතු කරන සිසු කැළකගේ නිවහනක් බව මම අත් දැකීමෙන් දනිමි.
ගුණසේකර විදුහල්පතිතුමාගේ ආනන්දනිය සෙවණේ ගුරු හරුකම් ලබන්නට පිනැති වූ පරපුරේ අපි අදද සීවලියට වැද නමස්කාර කරන්නට පසුබට නොවන්නෙමු.එතුමා මිය ගිය දිනයේ රුවුල් ඇති වැඩිම පිරිසක් ඉකි ගසා හඩන අයුරු මම දුටුවේ මගේ කදුළු අතරින්ය.එවැනි සීවලිය ගැන ආදරණීය හැගීමක් ඇති අයෙකු මුලු පුටුවට පැමිණිය යුතුය.වෂය ක්‍රියාකාරකම් මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම්ද එක සේ ඉටු කරන්නට කැපවෙන නායකත්වයක් සීවලියට අවැසි ය.
දරුවන් ගේ හැකියාවන් වලට ඇණ නොගසන විවෘත සහ සංවාද ශීලී මනසකින් යුත් නායකත්වයක් පිණිස හැඩ නොගැසෙන්නේ නම් සීවලිය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාසලක් වූ ඉතිහාසය ඉදිරියේදී මැකී යනු ඇත.ලංකාවේ බොක්සිං පාසල කියන්නට තරම් බොක්සිං ක්‍රීඩාවෙන් පෙරට පැමිණි සීවලියේ බොක්සිං වලට ඇණ නොගසන්නට යැයි සීවලි ආදි සිසුවෙක් ලෙස නොව මාධ්‍යවේදියෙකු ලෙස ද ඉල්ලා සිටින්නට මට අයිතියක් ඇති බව මම සිතමි.
ජනමාධ්‍ය හරහා සීවලියට ලැබුණු දෑ බොහෝමය.සීවලියේ බොක්සිං කවයට පදනම වැටුණේ ද රංජන් පරණවිතාන නම් වූ මගේ හිතවත් ජ්‍යෙෂ්ඨ මාධ්‍ය සගයා නිසාය.ඔහු සීවලි පුත්‍රයෙකු නොවුණද මේ රටේ බොක්සිං වෙනුවෙන් සීවලි දූ පුතුනට දක්වන්නට හැකි දායකත්වය පිළිබදව ඔවුන්ට ඇති ශක්තිය සහ විශ්වාසය පිළිබදව වටහා ගන්නට තරම් ඉවක් පරණවිතානයන්ට තිබිණි.ඒ අනුව ඔහු ජාතික මෙහෙවරක් යැයි සිතා ඔහු එයට මැදි විය.ඒ තරමට සීවලියේ බොක්සිං කාබාසිනියා කර දමන්නේ නම් ජාතික අපරාධයකි.ජාතික අපරාධයකට එරෙහිව ජාති ප්‍රේමීන් සීවලියේ දොරටුව ළගට පැමිණීම සිදු වනු ඇත.එය ඇතැමෙකු සිය විශ්ව විද්‍යාල ජීවිතය තුළ පොරක් වන්නට සටන් පාඨ කියා උපාධියත් රැකියාවත් සමග අංශක 360 ක් කණපිටට හැරෙනවාට වඩා වෙනස්ය.
එසේම යමෙකු පාසලක කීර්තිය පවත්වා ගෙන යන ක්‍රීඩාවකට,හැකියාවන් ඇති දරුවන්ට ඒ අවස්ථාව නොදී විනාශ මුඛයට ඇද දමන්නට අධ්‍යාපන අමාත්‍යංශයේ චක්‍ර ලේඛණ වලින් බැහැරව කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව අධ්‍යාපන අමාත්‍යංශයට,එහි ක්‍රීඩා අංශයේ ප්‍රධානින්ට කළ හැකි දෙයක්ද ඇති බව අපි දනිමු.
ඉතිං ඊ ළග පියවරට පිවිසෙන්නට මත්තෙන් අපි සීවලිය නිවැරදි වන අයුරු බලන්නට ඉසිඹු ලන්නෙමු.වූ වරදක් තේරුම් ගෙන නිවැරදි නොවන්නට තරම් හීන මානයක් නැති ඕනෑම අයෙකුට නිවැරදිවීමේ දේව ගතිය විදහාලන්නට පුළුවන්ය.එසේම සමස්ත සිවලි සගයින්ගෙන් ඉල්ලා සිටින්නට යමක් ඇත.ඒ රුචිර පිලිබදවය.උගනින්න පමණක් නොව ක්‍රීඩාවටද එක සේ හපන් ඒ දරුවාට සීවලියේ සහෝදරත්වයේ දෑත දිගු කරන්නට ඔබට හැකියාව ඇත.අවුරුදු ගණනක් දරුවන්ගේ නෙත් පෑදු ගුරු පියෙකුගේ පුතෙකුට,ඔහු වෙනුවෙන් යමක් කිරීමට ද එයින් ඔබට අවස්ථාව උදා වෙනවා සැක නැත.
www.supirikrida.com