![](https://mail-attachment.googleusercontent.com/attachment/u/0/?ui=2&ik=f1a5f47587&view=att&th=13bd325e5ccc4805&attid=0.4&disp=inline&safe=1&zw&saduie=AG9B_P-BT-fiKlt4iTuOOh5F2GE3&sadet=1356484000914&sads=9iQhOTX96D8eG4WsinNlZ1bwLxY) |
සුහද තරගයෙන් |
ජපන් ආධාරයෙන් දකුණු ආසියාවේ ප්‍රථම බේස්බෝල් ක්‍රීඩාංගණයේ උරුමක්කාරයන් වන්නට භාග්‍යවන්ත වූ ශ්‍රී ලංකාවේ බේස්බෝල් ක්‍රීඩාවේ ප්‍රගතිය වෙනුවෙන් තවත් සත්කාරයන් රැසක් සිදු වූ වැඩසටහන් කිහිපයක් එම දියගම මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රීඩා සංකීරණයේ පිහිටි බේස්බෝල් පිටියේදී සිදු වුණා.එහිදී උදෑසනම ශ්‍රී ලංකා බේස්බෝල් සාමාජිකයන් සහ ජපන් සාමාජිකයන් එකට එක්ව මිත්‍ර බේස්බොල් තරග කිහිපයක නියැලි අතර අනතුරුව අවුරුදු 15 න් පහළ පාසල් සිසුන් වෙනුවෙන් බේස්බෝල් ක්‍රීඩාවේ මූලික දැණුම ලබා දෙන පුහුණු වැඩ සටහනක් සංවිධානය වුණා.
![](https://mail-attachment.googleusercontent.com/attachment/u/0/?ui=2&ik=f1a5f47587&view=att&th=13bd325e5ccc4805&attid=0.12&disp=inline&safe=1&zw&saduie=AG9B_P-BT-fiKlt4iTuOOh5F2GE3&sadet=1356484350283&sads=BrPW3_p424IoXn45inwDOZJIBtI) |
තරුණියන්ටත් මූලික දැණුම |
![](https://mail-attachment.googleusercontent.com/attachment/u/0/?ui=2&ik=f1a5f47587&view=att&th=13bd325e5ccc4805&attid=0.16&disp=inline&safe=1&zw&saduie=AG9B_P-BT-fiKlt4iTuOOh5F2GE3&sadet=1356484515606&sads=vcPoDf53WvkSRyj-RHcjcbkQIEA) |
ජාත්‍යන්තර විනිසුරු මඩුල්ල -වමේ සිට සුජීව විජේනායක,කොජියසෝ සහ පිරිස |
අනතුරුව පස්වරුවේ ජපාන අන්තර්ජාතික විනිසුරු සහ එරට බේස්බෝල් නීති සහ රෙගුලාසි සම්පාදන කමිටු සභාපති කොජියසෝගේ ප්‍රධානත්වයෙන් එරටින් සහභාගි වූ ඒ පිළිබද විශේෂ දැණුම සහිත පිරිසක් සහ ශ්‍රී ලංකාවේ එකම අන්තර්ජාතික විනිසුරු වන සුජීව විජේනායක සහභාගිත්වයෙන් විනිසුරුවන් පුහුණු කිරීමේ වැඩ මුළුවක් ක්‍රියාත්මක වුණා.එම පුහුණු වැඩ මුළුව අවසානයේ කොජියසෝ ගේ අත්සන ද සහිතව වටිනා සහභාගීත්ව සහතිකයක් එම වැඩමුළුවට සහභාගි වූ සියළු දෙනාටම පිරිනැමුණු අතර ජපානයෙන් ලැබුණු ක්‍රීඩා උපකරණ තොගයක් ජාතික කණ්ඩායමේ සහ අවුරුදු 18 න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන කොළඹ දිස්ත්‍රික් ක්‍රීඩකයන් අතර බෙදා දිම සිදු කරන්නට යෙදුණා.
![](https://mail-attachment.googleusercontent.com/attachment/u/0/?ui=2&ik=f1a5f47587&view=att&th=13bd325e5ccc4805&attid=0.17&disp=inline&safe=1&zw&saduie=AG9B_P-BT-fiKlt4iTuOOh5F2GE3&sadet=1356484774768&sads=tad-4l1pFGiTVhglsWEXo1vsi_k) |
විනිසුරු වැඩ මුළුවෙන් |
![](https://mail-attachment.googleusercontent.com/attachment/u/0/?ui=2&ik=f1a5f47587&view=att&th=13bd4cdb9c831bc5&attid=0.23&disp=inline&realattid=624aefc2450bead4_0.23&safe=1&zw&saduie=AG9B_P-BT-fiKlt4iTuOOh5F2GE3&sadet=1356485073339&sads=B9KLQ7IuVqb9Y5hXqka4JB2JUjY) |
සහතිකපත් බෙදා දීමේ උත්සවයෙන් |
මේ අතර ගාල්ල සහ මහනුවර දිස්ත්‍රික් ආශ්‍රිතව ඉදිරියේදී පැවත්වෙන මෙවැනි වැඩමුළු සහ සුහද බේස්බෝල් තරගාශ්‍රිතව එම දිස්ත්‍රික්කයන්හී සිටින ජාතික කණ්ඩායම සහ අවුරුදු 18 න් පහළ කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් අතර ද මෙවැනිම ජපන් ආදාර සහිතව උපකරණ බෙදාදීමක් සිදු වන බව බේස්බෝල් සංගමයේ සංවිධායක දිනේෂ් පෙරේරා ප්‍රකාශ කර සිටියා.
ඡායාරූප -
එස් සුන්දර්රාජ්
www.supirikrida.com
No comments:
Post a Comment