විවෘත තරග අංශයේදී කේවල ,යුගල සහ මිශ්‍ර යුගල තරග ඇතුළත් වන අතර අතර ප්‍රවීන කාන්තා සහ පිරිමි තරග සහ ආබාධිත ප්‍රජාව සදහා වන කාන්තා සහ පිරිමි ඉසව් ද ඊට අයත්වේ.
ශ්‍රේණිගත කිරීම් අනුව ඒ ඒ තරග කාණ්ඩවල දී තරග වටයේ ඉහළින් සහ පහළින් ඇතුළත් කර සිටින දක්සයන්ගේ නාම ලේඛණයක් ද මේස පන්දු සම්මේලනය මගින් ඉදිරිපත් කර ඇති අතර,ඒ අතරින් ලාබාල ක්‍රීඩකයෙකු වන උදය රණසිංහ අවුරුදු 15 න් පහළ සහ 18 න් පහළ කේවල සූරයා ලෙසින්ද කේ වික්‍රමරත්න සමග අවුරුදු 18 න් පහළ යුගල පිරිමි අංශයේ අංක එකටද අමතරව බිඑන්බී ජයසිංහ සමගජාතික පිරිමි යුගල සූරතාවයේ අංක එකට පසු වීමද කැපී පෙනෙයි.මේ අතර ජාතික සූරීය ලෙස සිටින ඉෂාරා මධුරංගි කේවල සූරිය සහ කාන්තා යුගල අංශයේ දි මවුලි පීරිස් සමග අංක එකට පසු වීමද කැපී පෙනෙයි.
No comments:
Post a Comment