www.supirikrida.com
Mar 23, 2013
නවකයන් අතර සටනක්
www.supirikrida.com
Mar 18, 2013
සිව්කොන් මිත්‍රත්ත්ව සූරතාවය කොළඹ ඩීඑස් සේනානයක විද්‍යාලයට
රණබිම රාජකීය,මැදිරිගිරිය මධ්‍ය මහා විද්‍යාලය,ගාල්ල මහින්ද විද්‍යාලය සහ කොළඹ ඩීඑස් සේනානායක විද්‍යාලය අතර පැවත්වෙන සිව්කොන් මිත්‍රත්ව කුසලානය වෙනුවෙන් පැවත්වෙන තරගාවලියේ දෙවැන්න ඊයේ මහනුවර රණබිම රාජකීය විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී නිමාවට පත් වූයේ කොළම ඩීඑස් සේනානයක විද්‍යාලයට සූරතාවය අත් කර දෙමින්ය.දිස්ත්‍රික් හතරක පාසල් හතරක් තරග වදින මෙම තරගාවලිය සංවිධානය කිරීම මෙවර මහනුවර රණබිම රාජකීය විද්‍යාලයට පැවරී තිබුණ අතර එම විද්‍යලයෙන් බිහි වූ බේස්බෝල් දක්ෂයන් ක්‍රීඩා කරන රණබිම ක්‍රීඩා සමාජය ජාතික ප්‍රතිමළුන් පිටු දැකීමේ සූරතාවය මෙන්ම ජාතික ලීග් සූරතාවය ද දිනා ගෙන සිටින තත්ත්වයක් තුළ පාසල් ක්‍රීඩකයන් සිය ක්‍රීඩා පිටියේදීම කණ්ඩායම් 4 ක් අතරෙන් හතරවන ස්ථානයට පත් වීම එම විද්‍යාලයෙන් බිහි වූ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ ද අවධානයට ලක් විය යුතු තත්ත්වයකි.
අවසාන තරගයේදී අනු සූරතාවය දිනූ මහින්ද විද්‍යලයෙන් බලාපොරොත්තු වූ තරම් අභියෝගයක් ඩීඑස් සේනානායකයට එල්ල නොවුණු අතර මැදිරිගිරිය විද්‍යාලය තෙවන ස්ථානය සදහා පැවති තරගයේදී රණබිම රාජකීයන් පරාජය කිරීම කැපී පෙණින.තරග විනිසුරු කමිටුව පවතින පරිපාලනය විසින් විසුරුවා නැවත ස්ථාපනය කිරීම සදහා කටයුතු නොකරමින් පරිපාලනයට අවශ්‍යය පරිදි විනිසුරු අවශ්‍යයතා පරිශීලනය කරන තත්ත්වය තුළ අලුත් පරම්පරාවක් විනිශ්චය සදහා හුරු කිරීමේ ජාතික වගකීම මෙම තරග සංවිධායකයන් විසින් ලබා ගෙන තිබුණු අතර අවසාන තරගයේදී නැවතුම් මධ්‍යස්ථාන තුනම ආවරණය වන පරිදි විනිසුරුවන් සිව් දෙනෙකු යොදා ගැනීම ද කැපී පෙණින.අදාළ ගෙවීම් කරමින් විණිසුරුවන් දිරි ගැන්වීම ද කැපි පෙණුන අතර,තරගයේ ගැටළුකාරී තත්ත්වයන් ඉස්මතු නොවන්නට තමන්ට විනිශ්චය කටයුතු සදහා ලැබුණු අවස්ථාවේ වගකීම නිසි පරිදි ඉටු කිරීමට එම විනිසුරුවන්ට හැකි වීමද බේස්බෝල් ක්‍රීඩාව ලද ජයක් විය.
තරගයේ ජයග්‍රාහකයන් දිරිමත් කිරීම සදහා සුිශේෂී දක්ෂතා අගය කරමින් ජය සංඛේත ප්‍රදානය සිදු කෙරූ අතර ජාතික සූරතාවයන් හී පවා තරගාවලිය අවසාන වූ සැනින් ජය සංකේත ප්‍රදානය සිදු නොවන තත්ත්වයක් තුළ මෙය ආර්ශමත් ක්‍රියාවක් බව බේස්බෝල් කේෂ්ත්‍රයේ බොහෝ දෙනාගේ පැසසුමට ලක්විය.තරගාවලිය සදහා අනුග්‍රහය දිවයිනේ කීර්තිමත් ඒ ශ්‍රේණියේ රියදුරු පාසලක් ලෙස හැදින්වෙන ශෂික ඩ්‍රයිවින් ස්කූල් දැරූ අතර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ඩීඑස් සේනානයක විද්‍යාලයේ තරිදු මෙණ්ඩිස් සම්මාණනීය විය.
තරගයේ දක්ෂතම පිතිකරු,මෙන්ම පිචර් ක්‍රීඩකයා ලෙස පිළිවෙළින් ඩීඑස් සේනානායක විද්‍යාලය නියෝජනය කළ ශසික මධුරංග වීරසිරි සහ සජිත් දිල්ශංක අබේසේකර තේරී පත් වූ අතර හොදම කැචර් ක්‍රීඩකයා ලෙස මැදිරිගිරිය මැදි විදුහලේහේෂාන් අකිලත් සහ දක්ෂතම පනදු රකින්නා ලෙස ගාල්ල මහින්දයේ ලලින්ද යසස් ද සම්මාණනීය විය.

සංගා ගේ වාර්තා ගොන්නෙන් බංගලාදේශයේ අභිමානය වැසී යයි
පිට පිටම ඉණිම තුන තුළ තෙවන ටෙස්ට් ශතකය ද ලබා ගනිමින් කුමාර් සංගක්කාර බංගලාදේශයට එරෙහිව දක්වන දක්ෂතා හේතුවෙන් බංගලාදේශය තරගය ගැන තබා තිබූ බලාපොරොත්තු අත හැර දමන්නට වුණා.ප්‍රථම ඉණිමේදී ලකුණු 240 ක් ලබා සිටි බංගලාදේශය ශ්‍රී ලංකාවේ කඩුලු 4 ක් ලකුණු 69 ට දවාලමින් තරගයට අවතීර්ණ වුව ද,පස්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 195 ක සබදතාවයක් එක් කළ දිනේෂ් චන්දිමාල් (102) සමග ශ්‍රී ලංකාවට ගෞරවණීය තත්ත්වයක් උදා කිරීමට සංගක්කාර පෙරමුණ ගත්තේය.
ලොව ලකුණු 10000 ඉක්ම වූ පිතිකරුවන් අතර 10 වැන්නා ලෙස සිටින සංගක්කාර,වැඩිම ශතකලාභින් අතර හයවන ස්ථානයේ පසුවෙයි.වැඩිම ටෙස්ට් ශතක ප්‍රමාණයකට හිමිකම් කියන ලාංකේය පිතිකරුවා වන්නේද ඊයේ සිය 33 වන ටෙස්ට් ශතකය රැස් කිරීමට සමත් විය.එසේම 10000 සීමාවට ළගා වූ පිතිකරුවන් අතර වැඩිම ලකුණු සාමාන්‍ය (57.24) දරා සිටින්නා වන්නේද සංගක්කාර වන අතර ලකුණු 10,000 සීමාවට පිවිස සිටින පිතිකරුවන් අතරින් බ්‍රයන් ලාරා සිය 111 වන ටෙස්ට් තරගයේදී ලකුණු 10000 සීමාවට පිවිසි අතර ඉන් අනතුරුව අඩුම ටෙස්ට් තරග සංඛ්‍යාවකින් (115) 10000 සීමාවට පිවිසි ක්‍රීඩකයා වන්නේද සංගක්කාරය.නමුත් ලාරා,තෙන්දුල්කාර් මෙන්ම සංගක්කාර ද සිය 10000 වන ලකුණ සිය 195 වන ටෙස්ට් ඉණිමේදී ලබා ගනිමින් සම තත්ත්වයේ පසු වීමද සුවිශේෂී තත්ත්වයකි.
නායකයෙක් ලෙස ලකුණු අතරට පිවිසීමේ අපහසුතාවයට ඇන්ජලෝ මැතිව්ස් මුහුණ දී සිටින බවක් පෙනෙන්නට තිබුණ ද,දිනේෂ් චන්දිමාල් උප නායකයා ලෙස සාර්ථකත්වයට පත් වෙමින් උප නායකත්වය ලද පසු ක්‍රීඩා කළ ඉණිම දෙක තුළ ම ශතක ලබා ගැනීම කැපී පෙණින.අද තරගයේ තෙවන දිනය වන අතර නොදැවී සිටින සංගක්කාර අද දිනයේ සාර්ථක වන ප්‍රමාණය මෙන්ම ඔහුට සෙසු පිතිකරුවන්ගෙන් ලැබෙන සහයෝගයේ ප්‍රමාණය ද අනුව අද ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු ප්‍රමාණය බංගලාදේශ ප්‍රථම ඉණිමට වඩා කෙතරම් වැඩි වේ ද යන්න තීරණය කරනු ඇත.පහත දැක්වෙන්නේ තරගයේ ලකුණු පූවරුවට පිවිසෙන සබදතාවය ය.
http://www.espncricinfo.com/sri-lanka-v-bangladesh-2013/engine/match/602473.html

Subscribe to:
Posts (Atom)