මේ දිනවල පැවත්වෙන ප්‍රිමියර් එක්දින ක්‍රිකට් තරගාවලියේ දී කැපී පෙනෙන දස්කම් දක්වමින් සිටින අජන්ත මෙණ්ඩිස් ඕස්ට්‍රේලියාවේ සංචාරයක යෙදී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ එක්දින සංචිතයට සහ 20 - 20 සංචිතයට ඇතුළත් වීමට තමා සූදානමින් සිටින බවට ශ්‍රී ලංකා තේරීම් කමිටුවට කැුණු අනාවරණය කරමින් සිටියි.ගෙවුණු ලෝක කුසලාන 20 - 20 තරගාවලියෙන් ඉනික්බිති ආබාධ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් දුරස්ව සිටින අජන්ත මෙණ්ඩිස් එම තරගාවලියේ වැඩිම කඩුළු ලාභියා විය.
මෙවර ප්‍රිමියර් තරගාවලියේදී මේ දක්වා පන්දු යැවීමේ දක්ෂතා සළකද්දී ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයා වන අජන්ත,මේ වන විට කඩුළු 22 ක් දවා ගෙන ඇති අතර,ඉකුත් සතියේ දී ඔහු ගාළු ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 23 ට කඩුළු 7 ක් බිද හෙළමින් මෙවර තරගයක හොදම පන්දු යැවීම ද වාර්තා කරන්නට සමත් විය.
www.supirikrida.com
No comments:
Post a Comment