මේ දිනවල ප්‍රංශයේ ක්‍රියාත්මක අන්තර්ජාතික අබාධිත වූවන් සදහා වන ක්‍රීඩා තරගාවලියේ ටී 47 දරණ කාණ්ඩයේ මීටර් 400 තරගයට ඉදිරිපත් වූ ලන්ඩන් පැරා ඔලිම්පික් තරගාවලියේ එම ඉසව්වේ ලෝකඩ පදක්කම් දිනූ ප්‍රදීප් සංජය මෙම තරගයේ අවසන් පූර්ව තරගය ජය ගත්තේ දෙවැන්නා වෙමින්.තත්පර 50.23 ට තරගය නිම කළ ප්‍රදීප් අවසාන තරගයට තේරී පත් වී සිටින අට දෙනාගෙන් පෞද්ගලික දක්ෂතාවය අනුව සංජය ඉදිරියෙන් සිටියි. ඒ නිසාම අද පැවත්වෙන ටී 47 අවසාන තරගයේ දී මංතීරු හතරේ තරග වැදීමේ භාග්‍යය දිනා ගැනීමට සංජය සමත් වී සිටියි.මේ සමග දැක්වෙන්නේ තරග වැදුණු අයුරු දකින යූ ටියුබ් රූප පෙළක්ය
Jul 25, 2013
ශ්‍රී ලංකා පිතිකාරිණියෝ පන්දු 10 න් තරගය හමාර කරයි
ජපාන කණ්ඩායම ලකුණු 21 ට සීමා කරන්නට මුල් වූ ආරම්භක පන්දු යවන්නිය වූ උප නායිකා කෞශල්‍යා ලොකුසූරිය ලකුණු 5 ට කඩුලු 2 ක් ලබා ජපාන සංචාරය ආරම්භ කිරීම සළකා ඇයට තරගයේ දක්ෂතම ක්‍රීඩිකා සම්මානය පිරිනැමුණු අතර ඉකුත් තරගයේ කැනඩාව පරාජය කිරමට මූලිකත්වය ගතු චන්දිමා ගුණරත්න ලකුණු 2 ට කඩුලු 2 ක් දවා ගත්තා.
http://www.espncricinfo.com/icc-womens-world-twenty20-qualfier-2013/engine/current/match/640935.html සබදතාවය උපයෝගී කර ගෙන සමස්ත ලකුණු විස්තරයට පිවිසිය හැකියි.
ලංකාව 20 / 20 න් උඩ එයි
ජාත්‍යන්තර 20/20 නවතම රිලයන්ස් ජගත් ශ්‍රේණිගත කිරීම් වල දී ශ්‍රී ලංකාව පෙරමුණ ගැනීමට සමත්ව තිබෙනවා.එහි දෙවන ස්ථානය බටහිර ඉන්දීය කොදෙව් දූපත් කණ්ඩායම විසින් හිමි කර ගෙන ඇති අතර තෙවනනස්ථානයේ ඉන්දියාව පසු වෙනවා.
ශ්‍රී ලංකාව 20/20 ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියට පැමිණිය ද,ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වලදී පතුලටම ඇද වැටෙන බවක් දකින්නට ලැබෙනවා.එහි හත් වන ස්ථානයේ සිටින ශ්‍රී ලංකාවය පසු පසින් සිටින්නේ නවසීලන්තය,බංගලාදේශ්‍ය සහ සිම්බාබ්වේ කණ්ඩායම් පමණයි.ලංකාවේ පැවත්වීමට නියමිතව තිබූ එස්එල්පීඑල් තරගාවලි සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවට ලැබෙන්නට තිබූ ටෙස්ට් තරග වලට ක්‍රීඩක ආශිර්වාදය ද ඇතිව පයින් ගැසූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එම තරගාවලිය පැවත්වීමට ද නොහැකි වූ අතර වැටී තිබෙන තත්ත්වය අනුව තරග නොමැති වීමෙන් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල පහතටම වැටීමේ අවදානම තව තවත් තීව්ර වෙමින් ද තිබෙනවා.
ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වලදී මේ මොහොත වන විට ඉදිරියෙන් සිටින දකුණු අප්‍රිකාව සමග වන තරගාවලියේදී ටෙස්ට් තරග ඇතුළත්ව තිබුණා නම් දකුණු අප්‍රිකාවට සිය ස්ථානය ආරක්ෂා කර ගැනීමට ලැබෙන අවස්ථාවට වඩා වැඩි අවස්ථාවක් ශ්‍රී ලංකාවට ඉදිරියට එන්නට තිබෙන බව කණ්ඩායම් දෙක ශ්‍රේණිගත කිරීම් හි සිටින තැන සළකා බලද්දී පැහැදිළි වෙනවා.
එම ශ්‍රේණිගත කිරීම් හි දී දෙවන තැනට පත්ව සිටින ඉන්දියාව එක්දින ශ්‍රේණිගත කිරීම් හී පළමු තැනද රැදෙන බැවින් ශ්‍රේණිගත කිරීම් හී අංශ තුනෙන්ම පළමු කණ්ඩායම් තුන අතර රැදෙන්නට ඉන්දියාවට හැකි වී තිබෙනවා.ශ්‍රී ලංකාව එක්දින ශ්‍රේණිගත කිරීම් හී සිටින්නේ සිව්වන තැනයි.
www.supirikrida.com
ශ්‍රී ලංකාව 20/20 ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියට පැමිණිය ද,ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වලදී පතුලටම ඇද වැටෙන බවක් දකින්නට ලැබෙනවා.එහි හත් වන ස්ථානයේ සිටින ශ්‍රී ලංකාවය පසු පසින් සිටින්නේ නවසීලන්තය,බංගලාදේශ්‍ය සහ සිම්බාබ්වේ කණ්ඩායම් පමණයි.ලංකාවේ පැවත්වීමට නියමිතව තිබූ එස්එල්පීඑල් තරගාවලි සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවට ලැබෙන්නට තිබූ ටෙස්ට් තරග වලට ක්‍රීඩක ආශිර්වාදය ද ඇතිව පයින් ගැසූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එම තරගාවලිය පැවත්වීමට ද නොහැකි වූ අතර වැටී තිබෙන තත්ත්වය අනුව තරග නොමැති වීමෙන් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල පහතටම වැටීමේ අවදානම තව තවත් තීව්ර වෙමින් ද තිබෙනවා.
ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වලදී මේ මොහොත වන විට ඉදිරියෙන් සිටින දකුණු අප්‍රිකාව සමග වන තරගාවලියේදී ටෙස්ට් තරග ඇතුළත්ව තිබුණා නම් දකුණු අප්‍රිකාවට සිය ස්ථානය ආරක්ෂා කර ගැනීමට ලැබෙන අවස්ථාවට වඩා වැඩි අවස්ථාවක් ශ්‍රී ලංකාවට ඉදිරියට එන්නට තිබෙන බව කණ්ඩායම් දෙක ශ්‍රේණිගත කිරීම් හි සිටින තැන සළකා බලද්දී පැහැදිළි වෙනවා.
එම ශ්‍රේණිගත කිරීම් හි දී දෙවන තැනට පත්ව සිටින ඉන්දියාව එක්දින ශ්‍රේණිගත කිරීම් හී පළමු තැනද රැදෙන බැවින් ශ්‍රේණිගත කිරීම් හී අංශ තුනෙන්ම පළමු කණ්ඩායම් තුන අතර රැදෙන්නට ඉන්දියාවට හැකි වී තිබෙනවා.ශ්‍රී ලංකාව එක්දින ශ්‍රේණිගත කිරීම් හී සිටින්නේ සිව්වන තැනයි.
www.supirikrida.com
ඩම්බෙල් ක්‍රීඩා සමාජය මහා කඹ ඇදිල්ලක
පූගොඩ ඩම්බෙල් ෆිට්නස් ක්‍රීඩා සමාජය ප්‍රථම වතාවට සංවිධානය කරන මෙම තරගාවලියේ පිරිමි අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගන්නා කණ්ඩායමට රුපියල් 20,000 ක මුදලක් පිරිනමන අතර දෙවන සහ තෙවන ස්ථාන සදහා පිළිවෙලින් රුපියල් 15,000 ක් සහ 10,000 ක් පිරිනැමීමට නියමිතය.කාන්තා තරගයේ ප්‍රථම ස්ථානය සදහා රුපියල් 10000 ක් ද දෙවන ස්ථානය සදහා රුපියල් 5000 ක් ද පිරිනැමීමට කටයුතු යොදා ඇත.
www.supirikrida.com
ඉන්දීය ගැටවරයෝ චාමික ඉදිරියේ තරමක් දුරට මෙල්ල වෙති
ශ්‍රී ලංකාවේ සිය වයස් කාණ්ඩයේ ජාතික බැඩ්මින්ටන් සූරයා මෙන්ම එම වයස් සීමාවට අදාළව හෙල්ල වීසී කිරීමේ සූරයාද වන චාමික ශ්‍රී ලංකා අවුරුදු 17 න පහළ කණ්ඩායමේ නායකත්වයට යෝජිතව සිටින දුර්ලභ ක්‍රීඩා හැකියාවන් සහිත ජාතික සම්පතකි.මෙවැනි වයස් ඛාණ්ඩවල ක්‍රීඩකයන් තේරීමේදී හොදින් සැළකිලිමත් වීම අත්‍යවශ්‍යය කාරණයක් වන අතර ඉන්දියාව එය කෙතරම් හොදින් කර තිබේද යන්න කණ්ඩායමේ පිතිකරු සංචිතයේ ක්‍රියාකාරීත්වය පැහැදිළි කරේය.
පිළිතුරු ඉණිමට පිවිසි ශ්‍රී ලංකා පිළට තරගයේ අටවන ඕවරයේදි සිය කණ්ඩායම් නායකයාගේ කඩුල්ල අහිමි වූ අතර ලකුණු 6 ක් පමණක් ලබා දෙමින් කුසල් මෙණ්ඩිස් පිටියෙන් ඉවත් වන විට ශ්‍රී ලංකා ලකුණු පූවරුව 15 ක් පමණක් විය.ඊයේ දිනය නිමා වන විට ශ්‍රී ලංකා ලකුණු ලකුණු පූවරුව කඩුලු 1 ක් දැවී ලකුණු 23 ක් ලෙස දැක්විණ.
ලකුණු විස්තරයට පහත සබදතාවය යොදා ගන්න.
http://www.espncricinfo.com/ci/engine/current/match/647197.html
www.supirikrida.com
රාජා ජාත්‍යන්තර පිටියට
ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රිකට් කේෂ්ත්‍රයේ 80 දශකයේ මැද භාගය සහ අග භාගය තුළ දකින්නට ලැබුණු සුවිශේෂී පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් අතර රාජා විමලසිරි ට හිමි වූයේ ප්‍රමුඛ තැනකි.තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වූ රාජා නමින් රවීන්ද්‍ර විමලසිරි වුව ද වඩාත් ප්‍රසිද්ධියට පත්ව සිටියේ ජොරා යන නමින්ය.පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය කොකාකෝලා එක්දින කුසලානය දිනා ගනිමින් ශ්‍රී ලංකාවේම අවධානය දිනා ගන්නා මොහොතේ ඒ වෙනුවෙන් දැක් වූ දායකත්වය වෙනුවෙන් දක්ෂතම ක්‍රීඩකයා ලෙස ඇගයීම් ලැබුණේ ද රාජා ට ය.එම කණ්ඩායමේ සිටි දීපාල් ගුණවර්ධන, පසන් වනසිංහ,වැනි බොහෝ ක්‍රීඩකයන්ට ජයග්‍රහණයේ මතකයන් ඔස්සේ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ දොරටු විවර වූ අතර රාජා ද ඒ අතර සිටියේය.ඒ නිසා ආත්ම තෘප්තිය හෙබි රජයේ වැදගත් සහ පිළිගත වෘත්තියක නියැලීමේ ගෞරවය ක්‍රීඩාවෙන් ලැබුණු දායාදය කර ජීවත් වන්නට රාජා ට අවස්ථාව හිමි වුව ද,පෞද්ගලික කේෂ්ත්‍රයේ ක්‍රිකට් සදහා හිමි මූල්‍යමය වට පිටාව ස්පර්ශ කරන්නට රාජා ට අවකාශය රාජා ට නොලැබිණ.ඒ නිසාම රාජ ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කරනු ඇතැයි ඇතැමෙකු තුළ තිබූ විශ්වාසය ද කෙමෙන් හැකිළිණ.
www.supirikrida.com
Jul 24, 2013
චන්දිමාල් අභියෝගය ජය ගනියි
තණතීරුවේ ස්වභාවය පළමුව පන්දුවට පහර දීමට එතරම් උචිත නොවුණද,තිලකරත්න ඩිල්ෂාන් සහ කුමාර සංගක්කාර දෙවන කඩුල්ල වෙනුවෙන් කල්පනාකාරිව ලකුණු 61 ක් ලබා ගත්තා.වගකීම් සපිරි ඉණිමක් දියත් කළ ඩිල්ෂාන් සිව්වන කඩුල්ල ලෙස ලකුණු 43 ට දැවි යාමෙන් ඉනික්බිති පිටියට පිවිසි නායක චන්දිමාල් ට විශාල සම්බන්ධතාවයක් පැවත්වීමට සහය දැක්විය හැකි සගයෙක් නොලැබි කළ වගකීම තමන් පිට පවරා ගනිමින් ඔහු කණ්ඩායමට වටිනා ලකුණු 43 ක් එක් කර දුන්නා.
ඒ නිසා අතරමග වැටි වර්ෂාව විසින් ශ්‍රී ලංකා ඉණිමට තිත තබද්දී ලකුණු පූවරුව පන්දු ඕවර් 49.2 දී කඩුලු නවයකට ලකුණු 223 ක් ලෙස දැක් වුණා.එම ලකුණු ප්‍රමාණය සදහා යාමේදී ශ්‍රී ලංකාවට විශාලතම හිසරදය බවට පත් වූ මෝර්නි මෝර්කල් ලකුණු 34 ට කඩුලු 3 ක් දවා ගත්තා.ප්‍රදර්ශණාත්මක පන්දු රැකීමක නිරත වූ දකුණු අප්‍රිකානුවන් අතරින් ඩිල්ෂාන් දවා ගැනීමට ඩිවිලියර්ස් රැක ගත් උඩ පන්දුව මෙන්ම චන්දිමාල්ගේ ඉණිම අවසාන කරමින් ඩුප්ලෙසිස් රැක ගත් උඩ පන්දුවත් අති විශිෂ්ඨ මට්ටමේ උඩ පන්දු වුණා.
පිළිතුරු ඉණිම ඇරඹූ දකුණු අප්‍රිකාවේ පළමු කඩුල්ල පළමු ඕවරයේදීම දවා ගත් ලසිත් මාලිංග රොබින් පීටර්සන් ලකුණු 3 ක් ලබා සිටියදී නැවත ක්‍රීඩාගාරයට පිටත් කර හැරියා.වර්ෂාව කිනම් මොහොතක ඇද වැටේද යන සැකය නිසා ලකුණු වේගය රදා ගැනීම සදහා නිරන්තරයෙන් උත්සාහ කිරීමට දකුණු අප්‍රිකානු පිතිකරුවන්ට සිදු වූ අතර එහි ප්‍රතිපලය ලෙස පන්දු ඕවර් 21 වෙද්දී දකුණු අප්‍රිකානුවන්ට අහිමි වූ කඩුලු ප්‍රමාණය පහක් බවට පත් වි තිබුණා.හිමි වී තිබූ ලකුණු 104 ඒ මොහොත වන විට දැවී ගිය කඩුලු ප්‍රමාණයද සැළකිල්ලට ගැනීමේදී ලකුණු 121 ක් වූ නිසා ශ්‍රී ලංකාවට ලකුණු 17 ජයක් හිමි වුණා.රංගන හේරත් යළිත් වරක් පන්දුවෙන් දක්ෂතා පෙන්වමින් ලකුණු 16 ට කඩුලු 2 ක් දවා ගත්තා.
තරගයේ ලකුණු විස්තරයට පහත සබදතාවය යොදා ගන්න.
http://www.espncricinfo.com/sri-lanka-v-south-africa-2013/engine/match/635654.html
www.supirikrida.com
දඹුල්ලේදී ඉන්දීය ගැටවරයන්ගෙන් ලාංකේය ගැටවරයන්ට දරුණු ප්‍රහාරයක්
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දැවී ගිය ඉන්දීය කඩුලු දෙක ලක්ෂාන් ජයසිංහ (59/1) සහ රමේෂ් මෙණ්ඩිස් (95/1) අතරේ බෙදී ගියා.පහත දැක්වෙන සබදතාවය ඔස්සේ තරගයේ සමස්ත ලකුණු පූවරුවට පිවිසිය හැකියි.
http://www.espncricinfo.com/ci/engine/current/match/647197.html
www.supirikrida.com
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ හොද ආරම්භයක් ලබා ගනියි
ලකුණු 44 ක ඉලක්කයක් හමා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණියන් දෙපළ වන චමරි අතපත්තු සහ යශෝධා මෙණ්ඩිස් පන්දු ඕවර් 4.2 ක් තුළ ආරම්භක කඩුල්ලට ලකුණු 20 ක සබදතාවයක් පැවත් වූ අතර චමරි ලකුණු 9 ට දැවී ගියා.අනතුරුව පිටියට පිවිසි කෞෂල්‍යා ලොකුසූරිය පන්දු 6 ක් තුළ 4 පහර 4 ක් සහිතව ලකුණු 17 ක් රැස් කළේ ශ්‍රී ලංකාව ජයග්‍රාහී ඉලක්කය වෙත හත්වන පන්දු ඕවරයේ පළමු පන්දුවෙන්ම ළගා කරමින්.
ලකුණු විස්තරය සදහා පහත සබදතාවය යොදා ගන්න.
Jul 23, 2013
ලංකාවට තවත් රිදී පදක්කම් දෙකක්
එසේම බාලක යුගල අවසාන තරගයේදී තිලිණ විජේසිරි සහ නුවන්ත නිරෝෂණ රිදී පදක්කමක් දිනා ගත් අතර ඔවුන් දෙදෙනා වට 3 - 0 ක් ලෙස පරාජයට පත් කළ අභිෂේක් යාදෙව් සහ සුදන්සු ග්‍රෝවර් එහි රන් පදක්කම ඉන්දියාවට දිනා දුන්නා.තිළිණ මහනුවර විද්‍යාර්ත විද්‍යලයේ වන අතර නිරෝෂණ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ සිසුවෙකු වෙනවා.
මීට අමතරව මෙම තරගාවලියේ කණ්ඩායම් තරග වලදී කණිෂ්ඨ සහ කැඩෙට් බාලක බාලිකා තරග අංශ හතරේම රිදී පදක්කම් ද ශ්‍රී ලංකාවට හිමි වුණා.බාලිකා කණිෂ්ඨ කේවල තරග අංහයේදී පවනි සිරිසේන සහ බුද්ධිනි රාජගුරු ලෝකඩ පදක්කම් දිනා ගත් අතර බාලක කඩෙට් අංශයේදී උදය රණසිංහ සහ ජයසංඛ සිල්වා කේවල අංශයෙන් ලෝකඩ පදක්කම්ලාභීන් බවට පත් වුණා.එම බාලිකා අංශයේද කේවල ලෝකඩ පදක්කම් යුගලයම ලංකාවට ලබා දීමට පවනි සිරිසේන සහ සෙසලා බණ්ඩාර සමත් වුණා.
www.supirikrida.com
YOUTH GAME වලට සුරතලෙක්
මූල්‍යමය වශයෙන් ක්‍රීඩා උළෙලක ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම නොනවත්වා පවත්වා ගෙන යමින් ක්‍රීඩා කේෂ්ත්‍රයට නවමු අත්දැකීම් ගෙන ආ ආකාරයට ශ්‍රී ලංකා යූත් මෙවර ක්‍රීඩා උළෙල හරහා දේශිය ක්‍රීඩා උළෙල සංස්කෘතියට සුරතලෙක් හදුන්වා දෙනවා.
මෙවර ක්‍රීඩා උළෙලේ ආරම්භය සනිටුහන් කරමින් 25 දා පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් බිහි වූ සුවිශේෂිම වීසි කිරීමේ ක්‍රීඩිකාව වන සොනාලි කුමාරි වීරසේකර සමග යොවුන් ක්‍රීඩා උළෙලේ දක්ෂතා දැක් වූ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිටින උස පැනීමේ සූරයෙකු වන ඩබ්ලිව්ඩීආර් විජේසිංහ ඔලිම්පික් ගිණි සිළුව දැල් වීමට සූදානමින් සිටිනවා.28 දා තරග උළෙලේ සමාප්තිය සිදු වීමට නියමිතයි.
www.supirikrida.com
Jul 22, 2013
ප්‍රභාෂ්වර සහ කෝසලා දක්ෂතම ක්‍රීඩකයෝ වෙති
ලේට්න් කුසලාන තරගාවලිය කොළම සුගතදාස ක්‍රීඩා පිටියේදී නිමාවට පත් වූයේ මේ වසරේ දක්ෂතම ක්‍රීඩක සම්මානය ස්ලිම්ලයින් බොක්සිං ක්‍රීඩා සමාජයේ මලිත් ප්‍රභාෂ්වරටත් දක්ෂතම බොක්ක්‍රීඩිකා සම්මානය මාස් සදර්න් බොක්සිං ක්‍රීඩා සමාජයේ කෝසලා නිල්මිණිටත් හිමි කර දෙමින්.පිරිමි අංශයේ දක්ෂතම පරාජිතයා වූයේ යුධ හමුදා බොක්සිං ක්‍රීඩා සමාජයේ ඉන්දික පෙරේරා යි.දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව වූයේ මාස් සදර්න් බොක්සිං සමාජයේ ලක්මාලි උදයංගනී යි.
ජූලි මස 17 වන දින සිට 21 වන දා දක්වා පැවති තරගාවලියේ අවසාන දිනය වඩා උද්වේගකර මුහුණු වරක් ගත් අතර විශේෂයෙන් මෑත කාලයේ ක්‍රීඩාව ආක්‍රමණය කරමින් පවතින විනිසුරුවන්ට නොසළකා හැරීමේ තත්ත්වය එන්න එන්නම බොක්සිං කේෂ්ත්‍රය තුළ ද වර්ධනය වෙමින් පවතින බවට මෙම තරගාවලියේදී ද දකින්නට ලැබුණා.එහිදී විනිසුරුවන් ද ජාතික වශයෙන් බොක්සිං ක්‍රීඩාවේ අභිවෘද්ධිය පිණිස වන තීරණ ගැනීම කළ යුතුය යන්නද අවධාරණය කළ යුතුව ඇත්තේ ඇතැම් තීරණ සම්බන්ධයෙන් කුකුසක් ඇති වන බැවිණි.
එවැනි අවස්ථාවන් කිහිපයක්ම ඊයේ ද දකින්නට ලැබුණු අතර මේ අවස්ථාවන් හී එම තත්ත්වයන් අවංකව තේරුම් ගෙන කටයුතු කරනු වෙනුවට සිය ක්‍රීඩකයා සම්බන්ධයෙන් අසාධාරණයක් වීම දක්වා එය පටු කොට පෙන්වීමට ඇතැම් ක්‍රීඩා සමාජවල නිලධරයන් දරණ වෑයමද කණගාටුදායකය.තවත් අවාසනාවන්ත තත්ත්වයක් ලෙස දැකිය හැක්කේ තරගාවලියට සහභාගි වන ප්‍රධානතම සිවිල් ක්‍රීඩා සමාජය වන මාස් ක්‍රීඩා සමාජ ආරක්ෂක හමුදා ක්‍රීඩා සමාජ එක් රොක් ව සිය පොදු සතුරා ලෙස සළකා ක්‍රියා කිරීමය.
එවැනි තත්ත්වයක සාමාන්‍ය ප්‍රේක්ෂකයා සහ මාස් අතර දුරස්බවක් නිර්මාණය කර ස්වීය පැවත්ම සදහා මගක් සකසා ගනු වෙනුවට එම විරෝධ හදයාංගම ඒවා නොවන බැවින් විරෝධය කරන හොහොතට හෝ ඉන් මතුවටද ඊට එකතු කර ගත හැකි වටිනාකමක් නැත.ඒ කොසේ වුව ද විනිශ්චය ද මිට වඩා විමංසනාක්ෂියකින් සහ ජාතික වගකීමකින් තරගය වෙත යොමු වූ මනසකින් කළ යුතු බව අපි ද විශ්වාස කරමු.නව නීතිමය තත්ත්වයන්ට අනුව පිරිමි පහළ බර පංති තරග හිස් ආවරණ නොපැළ ද පැවත් වූ අතර ලකුණු සටහන යාන්ත්‍රිකව සිදු නොවීම නිසා ඒ සදහා අනවශ්‍යය කාලයක් වැය විය.බොක්සිං සංගමයේ නිලධාරියෙකු පැවසුවේ නව නීතිමය තත්ත්වයන්ට අනුව ලකුණු සටහන් කරන විද්‍යුත් උපකරණ සකස් වී පැමිණිමට තව සුළු කාලයක් වැය වෙනු ඇති බවය.
www.supirikrida.com
ලංකාවට රිදී
විශේෂයෙන්ම උදය රණසිංහ කැඩෙට් අංශයේ කණ්ඩායම් තරගාවලියේ තමා සහභාගි වූ කේවල තරගයේදී බර්ඩ් බෝරෝ සමග තරග වට 5 ක් දක්වා සිය තරගය පවත්වා ගෙන යාම කැපී පෙණුනා.මේ නිසා තරග සංවිධානයේදී මෙන්ම තරගාවලිය සම්බන්ධනිල ප්‍රකාශන වලදී ද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශාල අවධානයක් යොමු වි උැති බවක් පෙනෙන්නට තිබෙනවා.
www.supirikrida.com
Jul 21, 2013
චන්දිමාල් ගේ ආරම්භයට සංගාගෙන් මල් වෙඩි
අවසන් මොහොතේදී තිසර පෙරේරා ද පන්දු 7 කින් ලකුණු 16 ක් ලබා නොදැවී සිටි අතර ශ්‍රී ලංකා ඉණිම අවසාන විට දකුණු අප්‍රිකාව ඉදිරියේ ලකුණු 320 ක දැවැන්න ලකුණු පූවරුවක් අභියෝගයක් ලෙස නැගී සිටියා.
ලකුණු 6.4 ක් පමණ වූ දළ ලකුණු වේගයක් අභියෝගයක් ලෙස ගෙන පිටියට පැමිණි දකුණු අප්‍රිකා පිතිකරුවන්ට පළමු පන්දුවෙන්ම කොලින් ඉන්ග්‍රම් ගේ කඩුල්ල අහිමි කළ ලසිත් මාලිංග දකුණු අප්‍රිකානු ඉලක්කය ඉදිරියේ ශ්‍රී ලංකා පන්දු යවන්න්ගේ නැගී සිටීම සළකුණු කළා.පිත්තෙන් අවසාන මොහොතේ වේගවත් ලකුණු 17 ක් ලබා දුන් තිසර පෙරේරා පන්දුවෙන් දස්කම් දක්වමින් ලකුණු 31 ට කඩුලු 3 ක් දවා ගත්තා.රංගන හේරත් ලකුණු 25 ට කඩුලු 3 ක් ලබා ගත් අතර ටීඑම් ඩිල්ෂාන් තමාට කණ්ඩායමට පිත්තෙන්හෝ පිත්තනේ ලබා දීමට හැකි විශිෂ්ඨ දායකත්වය පිළිබද උදාහරණ සපයමින් ලකුණු 11 ට කඩුලු 2 ක් දවා ගත්තා.
ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ ඇන්ජලෝ පෙරේරා එක් වනු ඇතැයි බලාපොරොත්තු තබා තිබුණ ද මෙරට මෑත කාලයේ බිහි වූ සියළුම තේරීම් කමිටුවල අසම්මත කරුණාවට සහ ගෞරවයට පාත්‍ර වූ ජෙහාන් මුබාරක් එම ස්ථානය පැහැර ගෙන තිබුණා.පුහුණු තරගයේදි වඩාත් සාර්ථක වූ ඇන්ජලෝ වෙනුවට මුබාරක් තෝරා ගැනීමට එම තරගයේදී ද නායකත්වය දැරූ චන්දිමාල් මෑත කාලයේ මුබාරක් ඉක්මවා තුන් ඉරියව් දක්ෂතා දක්වා සිටින ඇන්ජලෝ පන්දු යැවීමට යොදා නොගත් අතර එ අවස්ථාව මුබාරක් ට ලබා දී තිබුණා.
එම තරගයේ සාර්ථකම පිතිකරු වූ ඇන්ජලෝ වෙනුවට මේ හේතුවෙන් මුබාරක්ට ඊයේ කණ්ඩායමේ දොරටු විවර කර දෙන්නට චන්දිමාල් ගේ සහය ද හිමි වූ අතර තේරීම් කමිටු වල මේ ක්‍රියා වලිය නිසා මුබාරක් සාමාන්‍ය ක්‍රිකට් ලෝලීන් මූ බරක් ලෙස හදුන්වන අතර මේ ආකාරයට කටයුතු කරන ක්‍රිකට් තේරීම් කමිටු ක්‍රිකට් සහ රටට බරක් වීමෙන් රටේ ක්‍රිකට් අනාගතයට වඩාත් පලදායි තේරීම් සදහා අත්දැකීම් ලබා ගන්නට ඇති අවස්ථාවන් අහිමි කරනවා.
තරගයේ ලකුණු විස්තරයට පහත සබදතාවයෙන් පිවිසිය හැකියි.
http://www.espncricinfo.com/sri-lanka-v-south-africa-2013/engine/match/635653.html
www.supirikrida.com
කණිෂ්ඨ,කැඩෙට් තරග වලදී කණ්ඩායම් අංශයෙන් ලංකාව ඉදිරියට
කැඩෙට් බාලිකා තරග අංශයේදී කණ්ඩායම් දෙකක් පමණක් ඉදිරිපත් වී සිටි අතර එහිදී ඉන්දියාව මෙන්ම ශ්‍රී ලංකාවද තරග 3 - 0 ක් ලෙස නේපාල ක්‍රීඩිකාවෝ පරාජයට පත් කර අද අවසාන තරගයට සුදුසුකම් ලබා ඇත.බාලක කැඩෙට් තරග අංශයේදී ශ්‍රී ලංකාව සිටි බී කාණ්ඩයේ දී ප්‍රතිවාදීන් ලෙස හමු වූ භූතානය සහ නේපාලය තරග 3 - 0 ක් ලෙස පරාජය කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එම කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත් වූහ.එහිදී එම කාණ්ඩයේ දෙවන තැන නේපාලයට හිමි වූ අතර ඒ කාණ්ඩයේ දී ඉන්දියාව විසින් බංගලාදේශය සහ පකිස්තානය පහසුවෙන් පරාජය කර පෙරමුණ ගත් අතර දෙවන තැන පකිස්තානය පරාජය කරමින් බංගලාදේශය විසින් දිනා ගැනීම කැපී පෙණින. එසේ කැපී පෙනෙන ජයක් ලැබුව ද,අද පෙරවරු 10 සිට ක්‍රියාත්මක වීමට නියමිත ශ්‍රී ලංකාවට එරෙහි අවසාන පූර්ව තරගයේදී ශ්‍රී ලංකාවට ඔවුන් තර්ජනයක් නොවනු ඇති බව විචාරක මතය වන අතර තරගාවලිය සම්බන්ධ නිල ප්‍රවෘත්ති සටහන් වලද ශ්‍රී ලංකාව කලාපයේ මේස පන්දු ක්‍රීඩාවේ දෙවැන්නෝ බව හදුන්වා ඇත.එසේ වුවහොත් ඉන්දියාව සහ නේපාලය අතර තරගයේ ජයග්‍රාහී කණ්ඩායම සමග ආසියානු කැඩෙට් බාලක සූරයන් තීරණය කරන තරගයට ශ්‍රී ලංකාව පස්වරු 1.00 සිට මුහුණ දෙනු ඇත.
කණිෂ්ඨ බාලක අංශයේ තරග වලදී ද,ශ්‍රී ලංකාව සිටියේ බී කාණ්ඩයේ ය.එහිදී බී කාණ්ඩයේ සිටි නේපාලය සහ බංගලාදේශය තරග 3 - 0 ක් ලෙස පරාජය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.ඒ කාණ්ඩයේ සිටි ඉන්දියාවද ඒ අකාරයේම ප්‍රතිපල විදහා දක්වමින් පකිස්තානය සහ භූතානය පරායට පත් කළේය. ඒ කාණ්ඩයෙන් දෙවන තැනට පැමිණි ශ්‍රී ලංකාව අද පස්වර් 1.00 ට ඇරඹෙන අවසාන තරගයට මුහුණ දීම සදහා සුදුසුකම් ලබා ගැනීමට පකිස්තානය සමග තරග වදියි.ඒ කාණ්ඩයෙන් පෙරමුණ ගත් ඉන්දියාව බී කාණ්ඩයෙන් දෙවන තැනට පත් නේපාලය සමග තරග වදියි.
ඊට අමතරව අද දිනයේ කණිෂ්ඨ අංශයේ බාලක සහ බාලිකා කේවල තරග මෙන්ම යුගල තරග ද පැවත්වෙන අතර කැඩෙට් අංශයේ කේවල තරග ද පැවත්වීමට කටයුත් සකස් කර ඇත.ඊයේ පස්වරුවේ පැවති සමාරම්භක උළෙලේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් ඡායාරූපයක් පහත පළ වේ
www.supirikrida.com
Subscribe to:
Posts (Atom)