'අපි ටිකක් පරක්කු වුණා.පළමු දේ අපිව ලංකාවෙ පිළි අරගෙන තවම මාස 6 ක් විතර වෙන්නෙ.දැන් තමයි අපි සැළසුම් හදල වැඩේට බහින්න හදන්නෙ.'
ඒ වර්ථමාන කඩු හරඹ පරිපාලනයට නායකත්වය දෙන උෂාන් අබේවික්‍රම.උෂාන් කියන විදිහට මේ ක්‍රීඩාව සමාජ ගත කිරීම සදහා පාසල් පද්ධතියේ ඉදලම ආරම්භයක් ලබා ගන්න සැළසුම් කරල තියෙනවා.ඊට ප්‍රථම දැනටත් ක්‍රීඩාවෙ නියැලෙන ක්‍රීඩකයෝ 100 ට වැඩි ප්‍රමාණය අතරෙන් දක්ෂයො කවුද කියල සමාජ ගත කරමින් වැඩේ ආරම්භ කළොත් හොදයි කියන මතයෙ ඉදල තමයි ජාතික සූරතාවලියට පිවිසෙන්න තීරණය කරල තියෙන්නෙ.
තරගාවලිය 20 සහ 21 යන දෙදින තුළ පානදුර මාස් යුනිචෙලා හී දී පැවත්වීමට කටයුතු යොදල තියෙනවා.ඒ සදහා ක්‍රීඩා සමාජ 7 ක් නියෝජනය කරමින් 100 ක් පමණ සහභාගි වන අතර එහි ඇති ස්ථිර ක්‍රීඩා භූමි දෙකට අමතරව තවත් අමතර ක්‍රීඩා භූමී කිහිපයකුත් මෙම තරගාවලිය වෙනුවෙන් ස්ථාපිත වෙලා තියෙනවා.
මේක අපිට ජන්මෙන් ආපු දෙයක්!උෂාන් ක්‍රීඩාවේ අනාගතය පිළිබදව දැඩි විශ්වාසයකින් කතා කරන ගමන් ඉතිහාසයේ ඉදල අනාගතය දක්වා වර්ථමානය හරහා ඒ විශ්වාසයට අවශ්‍යය කරන කරුණු පුරුද්දනවා.
'අපි දක්ෂ කඩු හරඹ ශිල්පීන් හිටිය රටක්,ඒකට ඕනෑ තරම් ඉතිහාස උදාහරණ තියෙනවා.දැනටත් අපේ ක්‍රීඩකයන්ගෙ ඇගේ ඒ හැකියාව තියෙන බව අපිට දැනිල තියෙනවා.
උෂාන් පැහැදිළි කරන ආකාරයට ක්‍රීඩාවේ පදනම් ශිල්පීය ක්‍රමයන් අපේ ක්‍රීඩකයන් ඉතා පහසුවෙන් ග්‍රහණය කර ගන්න අතර ඒ මත පිහිටා ක්‍රියා කිරීමට පුදුමාකාර දක්ෂකමක් දක්වනවා.'
ජන්මෙන් එන මේ හැකියාව දියුණු කරන්න තරග අත්දැකීම් වගේම,ඉහළ තාක්ෂණය,ශිල්පීය ඥාණය දියුණු කිරිම වැනි කරුණු ගැන අපි අවධානය යොමු කරල තියෙනවා.දැනටත් ඉහළ මට්ටමේ පුහුණු උපදේශකයෙක් වන ඉන්දියාවේ ගනේෂන් සහ තවත් අයෙක් අපේ පුහුණුවීම් උපදේශකයො හැටියට කටයුතු කරනවා.
ඒ සියල්ල අතරේ උෂාන් පවසන මේ ක්‍රීඩාව කේන්ද්‍රගත ව තිබෙන ඉහළ ආර්ථික මට්ටමක් සහිත යුරෝපීය රටවල් සමග ගනු-දෙනුවක් හදා ගන්නත් මේ ක්‍රීඩාව වැදගත් ය කියන මතයත් කඩු - හරඹ ව්‍යාප්ත කිරීමේ අවශ්‍යයතාවය පිළිබදව සිතද්දී අමතක නොකළ යුතු කරුණක්.
www.supirikrida.com
No comments:
Post a Comment