ඉන්දියාවේ නවදිල්ලි නුවර ත්‍යාගරාජා ක්‍රීඩාංගණයේ ක්‍රියාත්මක 19 වන පොදු රාජ්‍ය මණ්ඩලීය මේස පන්දු තරගාවලියේ කාන්තා අංශයේ මුල් කණ්ඩායම් අට අතර ශ්‍රී ලංකාවට හිමි වන්නේ අටවන ස්ථානය ද,හත් වන ස්ථානයද යන්න තීරණය කිරීමේ තරගය අද ස්කොට්ලන්තය සමග පැවත්වීමට නියමිතය.අවසාන කණ්ඩායම් අට අතර තරගයේ දී ශ්‍රී ලංකාව මැලේසියාව,ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය ඉදිරියේ වට 3 - 0 ලෙස පරාජයට පත වු අතර වේල්සය ඉදිරියේ පසුවන ස්ථානය දිනා ගැනීම සදහා උත්සාහ දැරීම වෙනුවෙන් පැවති තරගය වට 3 - 1 ලෙස පරාජයට පත් විය.එහිදී ඉෂාරා මධුරංගි වේල්සයේ කැරී චාලට් ට එරෙහිව වට 3- 1 ජයක් ලබා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක ලත් එකම ජය වාර්තා කළාය.එසේම එම තරගයේදි නුවනි නවෝධයා ද එම ක්‍රීඩිකාවටම එරෙහිව තරග වටයක් ජය ගැනීමට සමත් වූවාය.
කෙසේ නමුත් පරාජය වුව ද ඉෂාරා මධුරංගි ගේ ක්‍රීඩා විලාශය පැසසුම් සහගත මට්ටමකින් පවතින බව ඉන්දියාවෙන් ලැබෙන තොරතොරු මගින් අනාවරනය වන අතර ඇයගේ ඡායාරූපයක් ජාත්‍යන්තර මේස පන්දු වෙබ් අඩවියේ පවා ප්‍රචාරය වී ඇත.
මේ අතර පිරිමි කණ්ඩායම නවසීලන්තය සමග පැවති තරගයෙන් වට 3 - 1 ක පරාජයක් ලද අතර එකම ජයග්‍රහණය රොහාන් සිරිසේන විසින් වාර්තා කරන්නට යෙදිණ.ඔහු නවසීල්නතයේ බෝල් මැතිව් ට එරෙහිව වට 3 -1 ක ජයක් ලැබු අතර මාල දිවයින කණ්ඩායම ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම ඉදිරියේ වට 3- 0 ලෙස පරාජයට පත් විය.අද කාන්තා සූරියන් කවුරුන්ද යන්න තීරණය කරන අවසාන තරගය එංගලන්තය සහ සිංගප්පූරුව අතර පැවත්වෙන අතර මේ සමග දැක්වෙන්නේ ජාත්‍යන්තර මේස පන්දු සංගමයේ වෙබ් අඩවියෙන් උපුටා ගන්නට යෙදුණ ඉෂාරා මධුරංගි ගේ ඡායාරූපය ය.
www.supirikrida.com