ක්‍රීඩා අමාත්‍යංශයෙන් අධිකාරිය පාලනයේදී නිසි පරිදි කටයුතු නොකිරීම සහ ඇතැම් විට අධිකාරියේ දැණුම්දීම් ඉක්මවා යමින් තීරන වලට එළැඹිම ද නිසා අධිකාරයේ සේවා සහ නිෂ්පාදන ක්‍රියා වෙනුවෙන් අනිසි ගෙවීම් සිදුවන බවත් සුපිරික්‍රීඩා වෙත වාර්තා වෙන කරුණු වලින් අනාවරණය වෙනවා.ඒ සම්බන්ධයෙන් උදාහරණ පෙන්වා දෙන එම ආරංචි මාර්ග ධාවන පථයේ තියෙන දුබලතා නිසා එම ගෙවීම් කිරීමට අධිකාරියේ වගකිව යුතු නිලධාරීන් දෙදෙනෙකුම අකමැත්ත ප්‍රකාශ කර තිබියදී ත් ක්‍රීඩා අමාත්‍යංශය හරහා එම ගෙවීම් සිදු කිරීමට අවශ්‍යය කටයුතු කිරීමට පියවර ගැනීම පෙන්වා දෙනවා.
මේ වන විටත් ඉතා දුලබ මට්ටමේ පවතින සුගතදාස ධාවන පථය ලංකාවේ එලන ලද වේගවත්ම ධාවන පථයක් ලෙස කැපි පෙණුනද ඉතා සුළු කාලයකින් එහි ඇතිරීමේ කටයුතු නිසි පරිදි සිදු වී තිබීම නිසා එය භාවිතයට ගැනීමට නොහැකි මට්ටමට විනාශ වි තිබෙනවා.මේ සම්බන්ධයෙන් වන වගකිව යුතු කාලය ඉක්මවා නොතිබෙන තත්ත්වයක් තුළ එම සමාගම නැවත ඉදි කිරීම් සිදු නොකරන්නේ නම් එම ආයතනයට එරෙහිව ගත යුතු නීතිමය ක්‍රියාමාර්ග නොගැනීම මෙන්ම සියළු මුදල් ගෙවීමටත් ප්‍රථම ධාවන පථය අබලන් විම නිසා එය නොගෙවන ලෙස අධිකාරියේ ඉහළ නිලධාරින් කරන ලද ඉල්ලීම් ද නොතකා එම ගෙවීම් කිරීම ආදී කරුණු නිසා අමාත්‍යංශයේ කාගේ හෝ කුමනාකාරයේ හෝ සම්බන්ධයක් මෙම ධාවන පථයත් සමග ඇත්දැයි යන්න පිළිබදවද විශාල සැකයක් උපදින බව එම ආරංචි මාර්ග පෙන්වා දෙනවා.
ඒ නිසා පුටු සවි කිරිමේ කාර්යය ද කාලයත් සමග එහි උණුසුම මැකෙන්නට දී වැඩි මිළට මිළ දී ගැනීමට ඉඩ ඇතැ බැවින් ක්‍රීඩා අමාත්‍යවරයා හෝ එම මිළදී ගැනීමේ කාර්යය වඩාත් සාධාරණ ලෙස ඉටු කිරීමට අවශ්‍යය පරිසරය නොපමාව සකස් කිරීමට පියවර ගත යුතු බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් පැහැදිළි කරනවා.
www.supirikrida.com